Skip to content

“ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ජුබෙයිර් ඉබ්නු මුත්ඉම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“ඥාතී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත.”

«لَا يَدْخُلُ الْجَنَّةَ قَاطِعُ رَحِمٍ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු තම ඥාතීන් සතු අයිතිවාසිකම් ඔවුන්ගෙන් උල්ලංඝණය කරන්නේද, හෝ ඔවුනට දුෂ්ඨකම් කර හිංසා ඇති කරන්නේ ද ස්වර්ගයට පිවිසීමට ඔවුන් සුදුසුකම් නොලබනු ඇත.

වචනාර්ථ

.....:

හදීසයෙන් උගත හැකි පාඩම්

ඥාතී සම්බන්ධකම් බිඳ දැමීම මහත් පාපයකි.

ඥාතී සම්බන්ධතාවය සම්ප්‍රදායට අනුව වන අතර එය ස්ථාන, වේලාවන් සහ පුද්ගලයින් අනුව වෙනස් වේ.

ඥාතී සම්බන්ධකම් පැවැත්වීම, නිතර හමුවීම්, දන් දීම, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම, රෝගීන් බැහැදැකීම, යහපත අණ කිරීම, අයහපතින් ඔවුන් වැළැක්වීම හා එවන් වෙනත් කරුණුවලින් සිදු වනු ඇත.

වඩාත් සමීපතයින් අතර ඥාතී සම්බන්ධකම් බිඳ වැටෙන සෑම විටෙකම, එය පාපයෙන් වඩාත් දරුණු තත්ත්වයට පත් වනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 1981) (2556).

සහීහුුල් බුහාරි (8/ 5) (5984).

තවත් බලන්න (5)

شرح النووي على مسلم (16/ 113).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 90).

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.

لابن عثيمين (6/ 277).