Skip to content

මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තා වුළූ ධෝවනය කරන විට, ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම වරදක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර, කළ සෑම වරදක්ම එම ජලය සමග - හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ සියලු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ බැහැර වනු ඇත.

«إِذَا تَوَضَّأَ الْعَبْدُ الْمُسْلِمُ -أَوِ الْمُؤْمِنُ- فَغَسَلَ وَجْهَهُ خَرَجَ مِنْ وَجْهِهِ كُلُّ خَطِيئَةٍ نَظَرَ إِلَيْهَا بِعَيْنَيْهِ مَعَ الْمَاءِ -أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ-، فَإِذَا غَسَلَ يَدَيْهِ خَرَجَ مِنْ يَدَيْهِ كُلُّ خَطِيئَةٍ كَانَ بَطَشَتْهَا يَدَاهُ مَعَ الْمَاءِ -أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ-، فَإِذَا غَسَلَ رِجْلَيْهِ خَرَجَتْ كُلُّ خَطِيئَةٍ مَشَتْهَا رِجْلَاهُ مَعَ الْمَاءِ -أَوْ مَعَ آخِرِ قَطْرِ الْمَاءِ- حَتَّى يَخْرُجَ نَقِيًّا مِنَ الذُّنُوبِ».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැහැදිලි කළහ: මුස්ලිම් -හෝ මුඃමින්- ගැත්තකු වුළූ ධෝවනය කරන අතරවාරයේ ඔහුගේ මුහුණ සෝදා හැරියේ නම් ඔහු තම ඇස් දෙකින් දුටු සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ මුහුණින් පහව යනු ඇත. එසේම ඔහුගේ දෑත් සෝදා හැරියේ නම් ඔහුගේ අතින් සිදු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ අත් දෙකින් පහව යනු ඇත. එසේම ඔහුගේ පාද සෝදා හැරියේ නම් ඔහුගේ පාද ගමන් කර ඔහු කළ සෑම කුඩා පාපයක්ම එම ජලය සමග -හෝ ජලයේ අවසන් බිංදුව සමග- ඔහුගේ පාද දෙකින් පහව යනු ඇත. අවසානයේ වුළූ ධෝවනය අවසන් කිරීමෙන් සියලු සුළු පාපයන්ගෙන් පිරිසිදු වූ අයකු සේ ඔහු බැහැර වනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

වුළූ ධෝවනය කරන අවස්ථාවේදී සැලකිලිමත් වීමේ මහිමය. සැබැවින්ම එය පාපකම් සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත.

අවනතවීම් හා නැමදුම් කටයුතුවලදී ඒවාට හිමි ප්‍රතිඵල හා කුසල් මෙනෙහි කරමින් ඒවා ගැන ආශාව ඇති කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමකි.

මිනිසාගේ ශරීර අවයව අතරින් සෑම අවයවයක්ම ඇතැම් පාපයන්හි වැටෙනු ඇත. එබැවින් පාපකම් වනාහි, ඔවුන් අත්පත් කරගත් සෑම වරදක්ම අනුගමනය කරන අතර ඔවුන් පසුතැවිලි වන සෑම පාපයකින්ම පිටතට පැමිණේ.

මෙහි දී වුළූ ධෝවනය කිරීම යනු කායික පවිත්‍රතාවයකි. වුළූ හි අවයව සෝදා හරින විට එය පිහිටන අතර මානසික පවිත්‍රතාවය ශාරීරික අවයව තුළින් සිදු වූ පාපයන්ගෙන් පිරිසිදුවීම පිහිටනු ඇත.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (1/ 215) (244).

තවත් බලන්න (8)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (3/ 108).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 181).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 208).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 157).