“සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්‍යය කතා කරමින් සත්‍යය විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු සත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් අබියස සටහන් කරනු ලැබේ. බොරු කතා කිරීම ගැන නුඹලා අවවාදයෙන් සිටිය යුතුය. සැබැවින්ම බොරුව දුෂ්ටකම වෙත මග පෙන්වයි. සැබැවින්ම දුෂ්ටකම අපා ගින්න වෙත මගපෙන්වයි. තවද මිනිසා බොරු පවසමින් බොරුවට විමර්ශන කරමින් සිටින තාක්කල් ඔහු අල්ලාහ් අභියස බොරුකාරයෙකු ලෙස සටහන් කරනු ලැබේ. ”
«عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ، وَإِنَّ الْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ، وَإِنَّ الْفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَمَا يَزَالُ الرَّجُلُ يَكْذِبُ وَيَتَحَرَّى الْكَذِبَ حَتَّى يُكْتَبَ عِنْدَ اللهِ كَذَّابًا».
සත්‍යය කතා කරන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. සැබැවින්ම සත්‍යය පිළිපැදීම නිරන්තරයෙන්ම දැහැමි කටයුතු වෙත මිනිසා යොමු කරනු ඇත. යහපත් ක්‍රියාවන් මත පිහිටීම අදාළ තැනැත්තා ස්වර්ගය වෙත යොමු කරනු ඇත. ඔහු රහසේ මෙන්ම ප්‍රසිද්ධියේ වුව ද සත්‍යය පවසමින්ම සිටියි. ඔහු සත්‍යවාදියා යන නමට සුදුසුකම් ලබයි. ඔහු සත්‍යයේ අතිශයෝක්තිභාවය ලබයි. අනතුරුව බොරු කතා කිරීම, ව්‍යාජ දෑ ප්‍රකාශ කිරීම යනාදිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. ඊට හේතුව සැබැවින්ම එය ස්ථාවරත්වයෙන් මිනිසා වෙනතකට යොමු කිරීමටත්, නපුර, කලහකාරිත්වය, පාපකම වෙත යොමු කිරීමටත් තුඩු දෙන බැවිනි. අනතුරව එය ඔහුව අපා ගින්න වෙත සේන්දු කරවයි. අවසානයේ අල්ලාහ් අබියස බොරුකාරයින් අතරින් කෙනෙකු බව සටහන් කරනු ලබන තෙක්ම අධික ලෙස බොරු කියමින්ම සිටියි.
සත්‍යය කතා කිරීම ඉපැයීමෙන් හා කැපවීමෙන් ලබන ගෞරවනීය ගුණාංගයකි. සත්‍යය තමන්ගේ පුරුද්දක් හා ලක්ෂණයක් බවට පත් වන තෙක් මිනිසා සත්‍යය කතා කරමින්ම සත්‍යය විමර්ශනය කරමින්ම සිටියි. අවසානයේ අල්ලාහ් අබියස ඔහු සත්‍යවාදීන් හා දැහැමියන්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
බොරු කතා කිරීම දිගු කාලීනව එහි රැඳී සිටීම තුළින් අදාළ තැනැත්තා උපයන පහත් ගුණාංගයකි. ප්‍රකාශයෙන් හා ක්‍රියාවෙන් කරන වාදයකි. අවසානයේ එය පුරුද්දක් බවට හා සළකුණක් බවට පත්ව, පසුව උත්තරීතර අල්ලාහ් ඉදිරියේ ඔහු බොරුකාරයින්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
සත්‍යය වනාහි, එය සත්‍යය ප්‍රකාශ හා සම්බන්ධව යෙදූ විට බොරුවට එරෙහිව කරන ප්‍රකාශයකි. චේතනාව තුළ සත්‍යය යනු, ඉහ්ලාස් හෙවත් අවංකභාවයයි. අධිෂ්ටානය තුළ සත්‍යය යනු ඔහු යහපත් චේතනාව මත රැඳී සිටීමයි. ක්‍රියාවන් තුළ සත්‍යය යනු එහි අවම ප්‍රමාණය ඔහු රහසිගතව වුව ද ප්‍රසිද්ධියේ වුව ද එක හා සමානව කටයුතු කිරීමයි. ස්ථාවරයත්වයේ සත්‍යය යනු බිය, බලාපොරොත්තුව හා වෙනත් දෑහි පවතින අවංකභාවයයි. මෙවා තුළින් කවරෙකු හෝ විස්තර කරනු ලබන්නේ ද ඔහු 'සිද්දීක්' හෙවත් මහත් සත්‍යවාදියෙකු වේ. එසේ නැතහොත් ඉන් කොටසක් වී නම් ඔහු සාමාන්‍ය සත්‍යවාදියෙකු වේ.
සහීහුුල් බුහාරි (8/ 25) (6094).
සහීහ් මුස්ලිම් (4/ 2013) (2607).
තවත් බලන්න (8)
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (7/ 479).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 313).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 417).
سبل السلام بشرح بلوغ المرام.
لمحمد الصنعاني (2/ 686).
පොත්වල උපුටා දක්වා ඇත
14 පොත්තවත් බලන්න (13)
- الحقيقة المُبْهِرَة في العلاقة بين الإسلام والإنسان(عليكم بالصدق، فإنّ الصدق يهدي إلى البر، وإنّ البر يهدي إلى الجنة، وما يزال الرجل يصدق ويَتَحَرَّى الصدق حتى يُكتب عند الله صِدِّيقاً، وإياكم والكذب، فإنّ الكذب يهدي إلى الفجور، وإنّ الفجور يهدي إلى النار، وما يزال الرجل يكذب ويتحرى الكذب ح
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«عَلَيْكُمْ بِالصِّدْقِ؛ فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِندَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالكَذِبَ، فَإِنَّ الك
- المختصر المفيد للمؤذن والإمام والخطيب وأحكام المساجد«عَلَيْكُم بِالصِّدْقِ؛ فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِندَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالكَذِبَ، فَإِنَّ الكَ
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“عليكم بالصدق؛ فإن الصدق يهدي إلى البر، وإن البر يهدي إلى الجنة، وما يزال الرجل يصدق ويتحرى الصدق حتى يكتب عند الله صديقا، وإياكم والكذب، فإن الكذب يهدي إلى الفجور، وإن الفجور يهدي إلى النار، وما يزال الرجل يكذب ويتحرى الكذب حتى يكتب عند ال
- رسالة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية (مشتملة على الأدلة)رِسَالَةٌُ مُوجَزَةٌُ عَنِ الْإِسْلَامِ كَمَا جَاءَ فِي الْقُرْآنِ الْكَرِيمِ وَالسَّنَةِ النَّبَوِيَّة-مشتملة على الأدلة -للحرمين-«وَإِيَّاكُمْ وَالكَذِبَ فَإِنَّ الكَذِبَ يَهْدِي إِلَى الفُجُورِ وَإِنَّ الفُجُورَ يَهْدِي إِلَى النَّارِ وَمَا يَزَالُ الرَّجُلُ يَكْذِبُ وَيَتَحَرَّى الكَذِبَ حَتَّى يُكْتَبَ عِنْدَ اللهِ كَذَّابًا» [64].
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالكَذِبَ، فَإِنَّ ال
- قاموس الكبائر«عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالكَذِبَ، فَإِنَّ ال
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى البِرِّ، وَإِنَّ البِرَّ يَهْدِي إِلَى الجَنَّةِ، وَمَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدِّيقًا، وَإِيَّاكُمْ وَالكَذِبَ، فَإِنَّ ال
- كتاب تعليم المسلم الجديد«عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ»
- ما لا يسع أطفال المسلمين جهله«وَإِنَّ الكَذِبَ يَهْدِي إِلَى الفُجُورِ، وَإِنَّ الفُجُورَ يَهْدِي إِلَى النَّارِ، وَإِنَّ الرَّجُلَ لَيَكْذِبُ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَّابًا»[183].
- مباحث في أصول الدين1«إيّاكم والكذب، فإنّ الكذب يهدى إلى الفجور، وإنّ الفجور يهدى إلى النّار، وما يزال الرّجل يكذب ويتحرّى الكذب حتّى يكتب عند الله كذّابًا».
- مختصر الجواب الصحيح لمن بدل الدين المسيح1(عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِـرِّ، وَإِنَّ الْبِـرَّ يَهْدِي إِلَى الْجنَّةِ، وَلَا يَزَالُ الرَّجُلُ يَصْدُقُ وَيَتَحَرَّى الصِّدْقَ حَتَّى يُكْتَبَ عِنْدَ الله صِدِّيقًا، وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«عَلَيْكُمْ بِالصّدْقِ، فَإِنّ الصّدْقَ يَهْدِي إِلَىَ الْبِرّ، وَإِنّ الْبِرّ يَهْدِي إِلَىَ الْجَنّةِ، وَمَا يَزَالُ الرّجُلُ يَصْدُقُ وَيَتَحَرّىَ الصّدْقَ حَتّىَ يُكْتَبَ عِنْدَ اللهِ صِدّيقًا، وَإِيّاكُمْ وَالْكَذِبَ، فَإِنّ الْكَذِبَ