Skip to content

“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”

«مَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ් හා තමන් නැවත හැරී යන, තම ක්‍රියාවට ප්‍රතිඵල පිරිනමන, අවසන් දිනය විශ්වාස කරන ගැත්තාට, මෙම කරුණු සිදු කිරීම සඳහා ඔහුගේ විශ්වාසය ඔහු ව පොළඹවන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පළමුවැන්න: යහපත් ප්‍රකාශ: එනම් සුබ්හානල්ලා යැයි තස්බීහ් පවසමින් අල්ලාහ්ව සුවිශුද්ධ කිරීම, 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' යැයි තහ්ලීල් පවසමින් අල්ලාහ් ඒකීයත්වයට පත් කිරීම, යහපත විධානය කිරීම, අයහපතින් වැළැක්වීම සහ ජනයා අතර සමාදානය ඇති කිරීම යනාදිය තුළිනි. දෙවැන්න: අසල්වැසියාට ගරු කිරීම: එනම් ඔහු සමග ත්‍යාග ශීලීව කටයුතු කිරීමෙන් හා ඔහුට හිංසා නොකිරීමෙනි. තුන්වැන්න: ඔබව බලන්නට එන ආගන්තුකයාට සත්කාර කිරීම: එනම්, යහ වදනින් කතා කිරීම හා ආහාර සැපයිම හා වෙනත් ආගුන්තුක සත්කාර තුළිනි.

හදීසයෙන් උගත හැකි පාඩම්

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කිරීම සෑම යහපත් ක්‍රියාවකටම පදනම වන අතර යහපත් ක්‍රියාවන් සඳහා එය පොලඹවයි.

දිවෙන් සිදුවන අනතුරුවලින් ප්‍රවේසම් වීම.

ඉස්ලාම් ආගම ආදරයේ හා ත්‍යාගශීලීත්වයේ ආගමකි.

මෙම කරුණු ඊමානයේ කොටස් අතරින් එකක් වන අතර ප්‍රශංසනීය විනයානුකූල කරුණු අතරින් ද වේ.

ඕනෑවට වඩා කතා කිරීම පිළිකුල් සහගත හෝ තහනම් දෙයට හේතු විය හැකි අතර ආරක්ෂාව පවතින්නේ හොඳ දේ හැර වෙනත් දෑ කතා නොකිරීම තුළය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (8/ 11) (6018).

සහීහ් මුස්ලිම් (1/ 68) (47).

තවත් බලන්න (5)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية.

(ص34).

شرح الأربعين النووية.

لابن عثيمين (ص176).

شرح النووي على مسلم (2/ 18).