“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
«مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَاللهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهِ، وَمَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ، وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بُيُوتِ اللهِ يَتْلُونَ كِتَابَ اللهِ وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ إِلَّا نَزَلَتْ عَلَيْهِمِ السَّكِينَةُ، وَغَشِيَتْهُمُ الرَّحْمَةُ، وَحَفَّتْهُمُ الْمَلَائِكَةُ، وَذَكَرَهُمُ اللهُ فِيمَنْ عِنْدَهُ، وَمَنْ بَطَّأَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِعْ بِهِ نَسَبُهُ».
අල්ලාහ් අබියස මුස්ලිම්වයකුට ප්‍රතිඵල පිහිටනුයේ එම මුස්ලිම්වරයා සෙසු මුස්ලිම්වරුන් සමග කටයුතු කරන ක්‍රියා වර්ගයෙන්මය. ඒ අනුව කවරෙකු මුඃමින්වරයකු ගෙන් පීඩාවක් හා මෙලොව පීඩාවන් අතරින් දැඩි දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද, ඔහුට පහසුකම් සලසා දී සහන සළසන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කර ඔහුට සහන සලසනු ඇත. තවද දුෂ්කරතා ඇති උදවියට කවරෙකු සහන සළසන්නේ ද, ඔහුගේ අපහසුව ඉවත් කරන්නේ ද මෙලොව මෙන්ම මතුලොවෙහි ද අල්ලාහ් ඔහුට පහසුව සළසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකුගේ වරදක් සඟවන්නේ ද එය, හෙළි කිරීමට නුසුදුසු වැරදි හා අන්තරායන් ඔහුගෙන් දකින්නාක් මෙන්ය. මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයාට ඔහුගේ ආගමික හා ලෞකික යහපත් කටයුතුවලදී උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. එසේ උදව් කිරීම ප්‍රාර්ථනාවෙන් හෝ කායික වශයෙන් හෝ මුදල්මය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ විය හැකිය. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කවරෙකු ආගමික දැනුම සොයන්නට යම් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද, ඔවුන් වෙත සැනසුම, ගෞරවය පහළවනු ඇත. අල්ලාහ්ගේ ආශිර්වාදය ඔවුන් ආවරණය කර, ඔවුන්ව වට කරනු ඇත. මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු ඇත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. උසස් පිරිසක් අතර ගැත්තා ගැන අල්ලාහ් මෙනෙහි කිරීම ප්‍රමාණවත් ගෞරවය වේ. කවරෙකුගේ යහපත් ක්‍රියාවන් හීන වී ගියේ ද ඔහු යහපත් ක්‍රියාවන් සිදු කළ ජනයාගේ තරාතිරම ලඟා කර ගන්නේ නැත. ඔහු පරම්පරාවේ ගෞරවය සහ පියවරුන්ගේ මහිමය මත රඳා නොසිටිය යුතු අතර යහපත් ක්‍රියාවන්හි අඩුවක් නො දැක්විය යුතුයි.
ඉබ්නු දකීකුල් ඊද් තුමා මෙසේ පවසයි: මෙය ඉතා වැදගත් හදීසයකි. සියලු දැනුම්, නීතිරීති හා විනයන් ඇතුළත් කරගත් ගොනුවකි. එහි මුස්ලිම්වරුන්ගේ අවශ්‍යතා ඉටු කර දීමේ හා තමන්ට හැකි පමණින් ඔවුනට සෙත සැළසීමේ මහිමය ඇතුළත්ව ඇත. එය දැනුමෙන් හෝ මුදලින් හෝ, ශ්‍රමයෙන් හෝ යහපත ඇඟවීමෙන් හෝ උපදෙස් දීමෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ විය හැක.
දුෂ්කර තත්වයට පත්වු අයට පහසුකම් සැළසීමට දිරිගැන්වීම.
මුස්ලිම් ගැත්තන් හට උපකාර කිරීම සඳහා දිරිගැන්වීම. ඔහු තම සහෝදරයාට උපකාර කරන පරිදි සැබැවින්ම අල්ලාහ් ද ඔහුගේ උපාකරයට උපකාර කරන්නාය.
මුස්ලිම්වරයා වසන් කිරීම යනු: ඔහුගේ වැරදි දෙස එබී නො බැලීමය. සලෆ්වරුන් හෙවත් ඇතැම් ආරම්භකයින් විසින් මෙසේ ප්‍රකාශ කරන ලදී. අඩුපාඩු නැති පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කරති. එවිට ඔවුන්ගේ අඩුපාඩු මිනිසුන් විසින් ද සඳහන් කරනු ඇත. අඩුපාඩු සහිත පිරිසක් ඔබ මුණ ගැසෙයි. නමුත් ඔවුන් මිනිසුන්ගේ අඩුපාඩු සඳහන් කිරීමෙන් වැළකී සිටිති. එවිට ඔවුන්ගේ අඩුපාඩු ද අමතක කරනු ලැබේ.
වසන් කළ යුතු යැයි පැවසීමෙන් ඔහු කරන පිළිකුල් සහගත දෑ නො වැළැක්වීම හා ඔහුව වෙනස් කිරීමට උත්සාහ නොකිරීම ඉන් අදහස් කරන්නේ නැත. ඔහුව වෙනස් කිරීමට උත්සාහ දැරිය යුතු අතර වැරදි වසන් කළ යුතුය. සැබැවින්ම මෙය අදාළ වනුයේ දූෂණය හා සීමාව ඉක්මවා අපරාධ කරන පුද්ගලයකු යැයි හඳුනාගනු නො ලැබූ කෙනෙකු සම්බන්ධවය. එලෙස හඳුනා ගනු ලැබූ පුද්ගලයකු නම් එවිට එය වසන් කිරීම සතුටු දායක නොවනු ඇත. අර්බුදයක් ගැන බියක් ඇති නොවූ විටෙක, ඔහුගේ කරුණ අදාල කටයුතු භාර උදවිය වෙත යොමු කළ යුතුය. මන්ද එය වසන් කිරීම, දූෂණය කිරීමට ඔහුව පොළඹවන නිසාත්, මිනිසුන්ට හානි කිරීමට ඔහුව ධෛර්යමත් කරන නිසාත්, වෙනත් දුෂ්ට හා මුරණ්ඩු මිනිසුන්ව ධෛර්යමත් කරන නිසාවෙනි.
දැනුම සෙවීමට, අල් කුර්ආනය කියවීමට හා එය අධ්‍යයනය කිරීමට උනන්දු කරවීම.
නවවි තුමා මෙසේ පවසයි: මස්ජිදයේ අල් කුර්ආනය කියවීම සඳහා ඒකරාශි වීමේ මහිමය මෙය පෙන්වා දෙයි. මෙම සාමුහික කටයුත්තේ මහිමය සාක්ෂාත් කර ගැනීම සඳහා, සර්ව බලධාරී අල්ලාහ්ගේ අභිමතය පරිදි පාසලක, අධ්‍යපන ආයතනයක හෝ ඒ හා සමාන රැස්වීම් මස්ජිදයට අනුයුක්ත කර ඇත.
ප්‍රතිඵල පෙළ ගැසෙනුයේ ක්‍රියාවන් මත පදනම්ව මිස පරම්පරාව මත පදනම්ව නොවේ.
සහීහ් මුස්ලිම් (4/ 2074) (2699).
තවත් බලන්න (6)
التحفة الربانية.
لإسماعيل الأنصاري (ص82).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله المحسن (ص69).
شرح الأربعين النووية.
لابن عثيمين (ص355).
පොත්වල උපුටා දක්වා ඇත
32 පොත්තවත් බලන්න (32)
- الله -جل جلاله- أنيس المحبين وملاذ القاصدين«مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا؛ نَفَّسَ اللهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمَ القِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ؛ يَسَّرَ اللهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالآخِرَةِ»
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“مَن سَلَك طريقا يلتمس فيه علما سهّل الله له به طريقا إلى الجنة، وما اجتمع قوم في بيت من بيوت الله، يتلون كتاب الله، ويتدارسونه بينهم، إلا نزلت عليهم السكينة، وغشيتهم الرحمة، وحفتهم الملائكة، وذكرهم الله فيمن عنده”.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من نفس عن مؤمن كربة من كرب الدنيا نفس الله عنه كربة من كرب يوم القيامة، ومن يسر على معسر يسر الله عليه في الدنيا والآخرة، ومن ستر مسلما ستره الله في الدنيا والآخرة، والله في عون العبد ما كان العبد في عون أخيه”.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“ما اجتمع قوم في بيت من بيوت الله تعالى يتلون كتاب اللّه ويتدارسونه بينهم، إلا نزلت عليهم السكينة، وغشيتهم الرحمة، وحفتهم الملائكة، وذكرهم الله فيمن عنده”.
- المنتقى من المتجر الرابح في ثواب العمل الصالح - المعتمدالمنتقى من المتجر الرابح في ثواب العمل الصالح“من نفّس عن مؤمن كربة من كرب الدنيا نفس الله عنه كربة من كرب يوم القيامة، ومن يسرّ على معسر يسر الله عليه في الدنيا والآخرة، ومن ستر مسلما ستره الله في الدنيا والآخرة، والله في عون العبد ما كان العبد في عون أخيه”.
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «وَاللهُ فِي عَوْنِ الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنِ أَخِيهُ»،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2وَمَنْ يَسَّرَ عَلَىٰ مُعْسِرٍ يَسَّرَ اللهُ عَلَيْهِ في الدُّنْيَا وَالآخِرَةِ،
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 5«وما اجتمعَ قومٌ في بيتٍ من بيوتِ اللهِ يتلُون كتابَ الله، ويَتَدارَسُونَه بينَهُم، إلَّا نَزَلَتْ عليهِمُ السَّكينةُ، وغشيتْهمُ الرَّحْمةُ، وحَفَّتْهمُ الملائكةُ، وذَكَرَهُمُ اللهُ فيمَنْ عندَه».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 6«وَمَنْ سَلَكَ طريقاً يلتمسُ فيه علماً سهَّلَ اللهُ لهُ به طريقاً إلىٰ الجَنَّة».
- شرح الأربعين النووية«مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ، يَسَّرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَ
- ما لا يسع أطفال المسلمين جهله«وَاللَّهُ فِي عَوْنِ العَبْدِ مَا كَانَ العَبْدُ فِي عَوْنِ أَخِيهِ»[92].
- مادة العقيدة الإسلامية(مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللَّهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللَّهُ عَلَيْهِ في الدُّنْيَا وَالآخِرَةِ وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ ال
- مجالس تدارس القرآن للمبتدئين (سورة الفاتحة وقصار المفصّل)1«من سلك طريقا يلتمس فيه علما سهل الله له به طريقا إلى الجنة»([35])،
- مجموعة زاد التفسير (1)التفسير 1«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)2«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد التربية الإسلامية (4)التربية الإسلامية 4«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد التفسير (2)التفسير 2«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد الحديث (1)الحديث 1«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد الحديث(2)1«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد الحديث(2)1«مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا، نَفَّسَ الله عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ، يَسَّرَ الله عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ ال
- مجموعة زاد الحديث(2)1(سَهَّلَ الله لَهُ بِهِ طَريقًا إِلَى الجَنَّةِ)
- مجموعة زاد الحديث(2)1(ومن بطَّأ به عملُهُ لم يسرِعْ به نسبُهُ)
- مجموعة زاد الحديث(2)1(مَنْ نَفَّسَ عَنْ مُؤْمِنٍ كُرْبَةً...)
- مجموعة زاد الحديث(3)1«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد العقيده (4)العقيدة 4«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مجموعة زاد الفقه (3)الفقه 3«من سلك طريقًا يلتمس فيه علمًا سهل الله له به طريقًا إلى الجنة»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«مَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بُيُوتِ اللهِ يَتْلُونَ كِتَابَ اللهِ، وَيَتَدَارَسُونَهُ بَيْنَهُمْ إِلَّا نَزَلَتْ عَلَيْهِمِ السَّكِينَةُ، وَغَشِيَتْهُمُ الرَّحْمَةُ، وَحَفَّتْهُمُ الْمَلَائِكَةُ، وَذَكَرَهُمُ اللهُ فِيمَنْ عِنْدَه
- نبراس طالب (1)1«مَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ اللهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ»
- نبراس طالب (1)1«مَنْ نَفَّسَ عَنْ مُسْلِمٍ كُرْبَةً مِنْ كُرَبِ الدُّنْيَا نَفَّسَ اللهُ عَنْهُ كُرْبَةً مِنْ كُرَبِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَتَرَ مُسْلِمًا سَتَرَهُ ال
- نبراس طالب (3)نبراس طالب 3«وَمَنْ يَسَّرَ عَلَى مُعْسِرٍ يَسَّرَ اللهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ»