Skip to content
الحُجُرَات /

වැකිය 11

49 : 11

වැකිය 11 of الحُجُرَات (49 : 11). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الحُجُرَات වැකි 18
49 : 11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَٰٓئِكَ هُمُ ٱلظَّٰلِمُونَ

අහෝ දේවත්වය විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසකට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. එමෙන් ම කාන්තාවෝ තවත් කාන්තාවන්ට සමච්චල් නො කළ යුතු ය. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැකි ය. තවද නුඹලා අතර දොස් නො කියනු. තවද පටබැඳි නම්වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නො කරනු. දේව විශ්වාසයෙන් පසුව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරු ය. තවද කවරෙකු පාප සමාව අයැද නො සිටියේද එවිට ඔවුහු මය අපරාධකරුවෝ.