“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“අහෝ ජනයිනි! සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය. ඔහු පිවිතුරු දෑ මිස වෙනකක් පිළිගන්නේ නැත. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් කවර නියෝගයක් රසූල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි! පිවිතුරු දැයින් අනුභව කරනු, දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කරන්නනි! අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පවසා සිටියහ. පසුව තම හිසකෙස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දෑත් අහස දෙසට දිගු කොට. ‘අහෝ මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ පරමාධිපතියාණනි!' යැයි ප්‍රාර්ථනා කරයි. නමුත් ඔහුගේ ආහාරය අනුමත නොවූවකි. ඔහුගේ පානය අනුමත නොවූවකි. ඔහුගේ ඇඳුම අනුමත නොවූවකි. ඔහු අනුමත නොවන හරාම් දැයින් වැඩී ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිළිතුරු සපයනු ලබනුයේ කෙසේද?' යැයි පැවසුහ.
«أَيُّهَا النَّاسُ، إِنَّ اللهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا، وَإِنَّ اللهَ أَمَرَ الْمُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ الْمُرْسَلِينَ، فَقَالَ: {يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا، إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ} [المؤمنون: 51] وَقَالَ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} [البقرة: 172] ثُمَّ ذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ: يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لِذَلِكَ؟».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ: සැබැවින්ම අල්ලාහ් පිවිතුරුය; පාරිශුද්ධය; සියලුම අඩුපාඩුවලින් තොර ය පූර්ණ භාවයන්ගෙන් හෙබි ය. පිවිතුරු දෑ මිස වෙනත් ක්‍රියාවන් හෝ ප්‍රකාශ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නැත. ඒවා අල්ලාහ්ට පමණක් විය යුතු අතර නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හැර අල්ලාහ් වෙතට කිසිවෙකුට සමීප විය නොහැක. දේවත්වය විශ්වාස කරන්නා ළඟ තිබිය යුතු අති වැදගත් පිවිතුරු ක්‍රියාව වනුයේ ඔහුගේ ආහාරයේ පිවිතුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියාව පිවිතුරු විය යුතුය. සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අනුමත ආහාර හා දැහැමි ක්‍රියාවන් අතරින් කවර කරුණක් සම්බන්ධයෙන් රසූල්වරුන්ට නියම කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෝග කර ඇත්තේ එබැවිනි. පසුව එතුමාණෝ “අහෝ දූතවරුනි, පිවිතුරු දැයින් අනුභව කරනු දැහැමි ක්‍රියාවන් සිදු කරනු. සැබැවින්ම මම නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ මැනවින් දන්නාය.” යන තේරුම දෙන (සූරතුල් මුඃමිනූන්හි 51 වැනි) පාඨය පාරායනය කළ අතර තවදුරටත් "අහෝ විශ්වාස කළවුනි, අපි නුඹලාට පෝෂණය කළ පිවිතුරු දැයින් අනුභව කරනු” යන තේරුම දෙන (සූරතුල් බකරා හි 173 වැනි) පාඨය පාරායනය කර පෙන්වූහ. පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ, ක්‍රියාව දූෂිත කරන, එය පිළිගැනීම වළක්වාලන තහනම් ආහාර සම්බන්ධයෙන් අවවාද කළ අතර, එය පිළිගැනීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ. පළමුව: හජ් වන්දනාව, ජිහාද් නම් අරගලය හා ඥාතී සම්බන්ධකම් රැකීම වැනි අල්ලාහ්ට අවනතවන කටයුත්තක් සඳහා දිගු ගමනක නිරත වීමය. දෙවැන්න: හිසකෙස් පීරා ගත නොහැකි හේතුවෙන් එය අවුල් වී ගිය, දූවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්ත්‍රයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හදිසි අවස්ථාවක පසුවන අයෙකි. තුන්වැන්න: ඔහු ප්‍රාර්ථනා කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවා ගනියි. සිව්වැන්න: අල්ලාහ් වෙත ඔහුගේ නාම ආරෝපණය කර එහි දී අහෝ මාගේ රබ්, අහෝ මාගේ රබ් යැයි අවධාරණය කොට කණ්ණලව් කරයි. මෙවන් හේතූ සාධක ඔහු සතුව තිබුණ ද ඔහුගේ ප්‍රාර්ථනාවට සවන් දෙනු නොලැබේ. ඊට හේතුව ඔහු ගත් ආහාරය, ඔහු පානය කළ පානය, ඔහු ඇඳ ඇති වස්ත්‍රය හරාම් හෙවත් තහනම් වූ බැවිනි. ඔහු හරාම් දැයින්ම වැඩී ඇත. මෙවන් ගුණාංග ඇති අයගේ ප්‍රාර්ථනාව පිළිගනු ලබන්නේ නැත. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කෙසේ ද?
සර්වබලධාරී අල්ලාහ් ඔහුගේ පැවත්ම, ඔහුගේ ගුණාංග, ඔහුගේ ක්‍රියාවන් හා ඔහුගේ නීතිය යනාදිය තුළ පරිපූර්ණත්වයෙන් හෙබි ය.
සර්වබලධාරී අල්ලාහ්ට පමණක් අවංක ලෙසින් ක්‍රියාව පුද කරන මෙන් හා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෝගය.
ක්‍රියාව දිරිමත් කරන දෑ යොදා ගැනීම. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: දූතවරුන් හට කවර කරුණක් නියෝග කළේ ද එයම දේවත්වය විශ්වාස කළවුන්ට ද අල්ලාහ් නියෝග කළේය. සැබැවින් මෙය දූතවරුන්ට කර ඇති නියෝග බව දේවත්වය විශ්වාස කරන්නා දැනගත් විටෙක ඔහු භක්තිමත් වී එය පිළිපැදීමට දිරිමත් වනු ඇත.
ප්‍රාර්ථනාව පිළිගැනීමට බාධාවක් වනුයේ තහනම් දෑ අනුභව කිරීමය.
ප්‍රාර්ථනාව පිළිගනු ලැබීම සඳහා හේතුකාරණා පහක් ඇත. ඒවායින් පළමුවැන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හා බිඳ වැටීම් ඇති බැවින් පිළිතුරු ලැබීමට වඩාත් වැදගත් හේතු කරණය එය වන්නේය. දෙවැන්න: බලපෑමට ලක්වීමය. තුන්වැන්න දෑත් අහස දෙසට එසවීමය. සිව්වැන්න: අල්ලාහ්ගේ පාලන බලය ගැන නැවත නැවතත් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ණලව් කිරීමය. එය ද ප්‍රාර්ථනාව පිළිගනු ලැබීමට අවශ්‍ය වඩාත් වැදගත් හේතුවකි. පස්වැන්න. පිවිතුරු ආහාර පාන පරිභෝජනය.
ධාර්මික ක්‍රියාවන් සඳහා සහය සපයන හේතු කාරණාව වනුයේ පිවිතුරු, අනුමත ආහාර පරිභෝජනය කිරීමය.
අල්-කාළි තුමා මෙසේ පවසයි: අත්-තය්යිබ් හෙවත් පිවිතුරු දෑ යනු අල්-කඃබීස් හෙවත් අපිවිතුරු දෑහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලාහ්ව එම පිවිතුරු දැයින් ගුණ ගායනා කරන විටෙක, සැබැවින්ම ඔහු සියලු අඩුපාඩුවලින් පිවිතුරු කිරීම හා සියලුම ව්‍යසනයන්ගෙන් පිරිසිදු කිරීම අපේක්ෂා කෙරේ. පොදුවේ ගැත්තා එමගින් වර්ණනා කරනු ලැබූ විටෙක, දූෂිත සදාචාරය, පිළිකුල් සහගත ක්‍රියාවන් යනාදි ප්‍රතිවිරුද්ධ දැයින් ඔහු මිදෙයි. එසේ එමගින් මුදල් සම්බන්ධව වර්ණනා කරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩාත් ශ්‍රේෂ්ඨතම අනුමත දෑ බවට පත් වීම අපේක්ෂා කෙරේ.
සහීහ් මුස්ලිම් (2/ 703) (1015).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية.
لإسماعيل الأنصاري (ص27).
شرح الأربعين النووية.
لابن عثيمين (ص141).
الأحاديث الأربعين النووية مع ما زاد عليها ابن رجب وعليها الشرح الموجز المفيد (ص22).
පොත්වල උපුටා දක්වා ඇත
17 පොත්තවත් බලන්න (17)
- الحديث زاد 4الحديث 4«أيّها النّاس، إنّ الله طيب لا يقبل إلا طيبًا...»
- رسالة موجزة عن الإسلام كما جاء في القرآن الكريم والسنة النبوية (مشتملة على الأدلة)رِسَالَةٌُ مُوجَزَةٌُ عَنِ الْإِسْلَامِ كَمَا جَاءَ فِي الْقُرْآنِ الْكَرِيمِ وَالسَّنَةِ النَّبَوِيَّة-مشتملة على الأدلة -للحرمين-«أَيُّهَا النَّاسُ، إِنَّ اللهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا، وَإِنَّ اللهَ أَمَرَ المُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ المُرْسَلِينَ، فَقَالَ: ﴿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا، إِنِّي بِمَا تَعْمَلُ
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 8ثُمَّ ذَكَرَ: «الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إلَىٰ السَّمَاءِ: يَا رَبِّ يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالْحَرَامِ، فَأَنَّىٰ يُسْتَجَابُ لِذلِكَ؟!»
- شرح الأربعين النووية«إِنَّ الله أَمَرَ المُؤمنينَ بِمَا أَمَرَ بِهِ المُرسَلِيْنَ»،
- قاموس الكبائر موسوعة الكبائر - المجموعة الأولى«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَاب
- قاموس الكبائر«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثانية«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَاب
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثالثة"ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ وَسَلَّمَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«ذَكَرَ رَسُولُ اللَّهِ ﷺ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِّيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَاب
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الرابعة«أَيُّهَا النَّاسُ، إِنَّ اللَّهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا، وَإِنَّ اللَّهَ أَمَرَ الْمُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ الْمُرْسَلِينَ، فَقَالَ: ﴿يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُواْ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعۡمَلُواْ صَٰلِحًاۖ إِنِّي بِمَا
- كتاب تعليم المسلم الجديد«إِنَّ اللهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا»
- ما لا يسع أطفال المسلمين جهله«ثُمَّ ذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ: يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لِذَلِكَ»[17
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- أن النبي ﷺ ذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ، أَشْعَثَ أَغْبَرَ، يَمُدُّ يَدَيْهِ إِلَى السَّمَاءِ، يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرَبُهُ حَرَامٌ، وَمَلْبَسُهُ حَرَامٌ، وَغُذِيَ بِالْحَرَامِ، فَأَنَّى يُسْتَجَابُ لِذَلِك
- نبراس طالب (4)1«إِنَّ اللهَ طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا»
- نبراس طالب (4)1«إن الله طَيِّبٌ لَا يَقْبَلُ إِلَّا طَيِّبًا».