දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න
උමර් ඉබ්නු අබී සලමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
"මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොලුුවෙක් වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ. ඉන්පසු මගේ ආහාර වේල එසේම විය.
كُنْتُ غُلَامًا فِي حَجْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَانَتْ يَدِي تَطِيشُ فِي الصَّحْفَةِ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا غُلَامُ، سَمِّ اللهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ» فَمَا زَالَتْ تِلْكَ طِعْمَتِي بَعْدُ.
උමර් ඉබ්නු අබූ සලමා (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ දන්වා සිටියි. හෙතෙම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ බිරියකගේ පුතෙකු විය. -හෙතෙම නබි තුමාණන් යටතේ හැඳී වැඩින.- ආහාර ගන්නා අතරවාරයේ තම අත කෑම අහුලන්නට බන්දේසිය වටා දෝලනය වෙමින් තිබිණ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ආහාර ගන්නා විනය සම්බන්ධයෙන් වූ විනය කරුණු තුනක් ඔහුට ඉගැන්වූහ. එවායින් පළමුවැන්න: ආහාර ගැනීම ආරම්භයේ දීම 'බිස්මිල්ලාහ්' යැයි පැවසීමය. දෙවැන්න: දකුණු අතින් ආහාර ගැනීම. තුන්වැන්න: තමන් අසළ, සමීපයෙන් ඇති ආහාරය අනුභව කිරීම.
...:
ආහාරපාන ගැනීමේ විනය අතරින් එකක් වනුයේ එහි ආරම්භයේ බිස්මිල්ලාහ් යැයි පැවසීම.
දරුවන්ට විනය ඉගැන්වීම. විශේෂයෙන් පුද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිටින අයට.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව, කුඩා දරුවන්ට ඉගැන්වීමට හා විනය කියා දීමට එතුමාණන්ගේ හදවත තුළ තිබූ පුළුල්භාවය.
ආහාර ගැනීමේ තවත් විනයක් වනුයේ තමන්ට අසලින් ඇති දෑ අනුභව කිරීමය. නමුත් එහි විවිධ ආහාර වර්ග වී නම්, ඒවා ගැනීමට ඔහුට අවසරය ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර විනයක් සහාබාවරුන්ට ඉගැන්වූයේ ද ඔවුහු එය එලෙසම පිළිපැද්දෝය. එය 'ඉන්පසු මගේ ආහාර වේල එසේම විය' යන උමර් තුමාගේ ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.
සහීහුුල් බුහාරි (7/ 68) (5376).
(3/ 61) (2092).
සහීහ් මුස්ලිම් (3/ 1599) (2022).
තවත් බලන්න (9)
شرح النووي على مسلم (13/ 193).
توضيح الأحكام مِن بلوغ المرام.
للبسام (5/ 440).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (4/ 616).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (7/ 439).
شرح رياض الصالحين.
لابن عثيمين (3/ 169).
පොත්වල උපුටා දක්වා ඇත
8 පොත්තවත් බලන්න (8)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"يا غلام سَمِّ اللهَ، وكل بيمينك، وكل مما يليك" فما زالت تلك طعمتي بعد .
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«يَا غُلَامُ، سَمِّ اللَّهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ» [77]
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 4«سَمِّ اللهَ، وَكُلْ بِيَمِينِكَ، وكُلْ مِمَّا يَلِيكَ»
- ما لا يسع أطفال المسلمين جهله«يَا غُلَامُ، سَمِّ اللَّهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ»[115].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1« يا غُلامُ، سمِّ اللّه، وكُلْ بِيمِينِك، وكُلْ مِمّا يلِيك»
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)السيرة النبوية (3)«يا غلامُ، سَمِّ الله، وكُلْ بيمينك».
- مشروع منهاج زادكزادك 1 طالب«يَا غُلَامُ، سَمِّ اللهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«يَا غُلَامُ، سَمِّ اللهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ»