“ඊමාන් හෙවත් දේව විශ්වාසය ශාඛා හැත්තෑ ගණනකි. -නැතහොත් හැට ගණනකි.- ඒවා අතරින් වඩාත් උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයයි. ඒවා අතරින් වඩාත් පහළම මට්ටම වනුයේ හානිදායක දෑ මාර්ගයෙන් ඉවත් කිරීමයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
“ඊමාන් හෙවත් දේව විශ්වාසය ශාඛා හැත්තෑ ගණනකි. -නැතහොත් හැට ගණනකි.- ඒවා අතරින් වඩාත් උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයයි. ඒවා අතරින් වඩාත් පහළම මට්ටම වනුයේ හානිදායක දෑ මාර්ගයෙන් ඉවත් කිරීමයි. ලැජ්ජාවද ඊමානයේ ශාඛාවක් වේ.”
«الْإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ -أَوْ بِضْعٌ وَسِتُّونَ- شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الْإِيمَانِ».
දේව විශ්වාසයට, ක්‍රියා, ප්‍රතිපත්ති හා ප්‍රකාශ මත ආවරණය වූ බොහෝ අනු කරුණු හා විෂයයන් ඇති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. විශ්වාසයේ කරුණු අතරින් වඩාත් උසස් හා උතුම් වනුයේ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යන ප්‍රකාශයේ තේරුම වටහා ගනිමින් එය අපේක්ෂා කරන අදහස අනුව කටයුතු කිරීමය. එනම් සැබැවින්ම අල්ලාහ් ඒකීය දෙවියාය. නැමදුමට සුදුසු වනුයේ ඔහු පමණක් මිස ඔහු හැර වෙනත් දෑට නොවේ යන්නයි. දේව විශ්වාසය පදනම්ව පවතින අවම ක්‍රියාව වනුයේ මිනිසුන් යන එන මාර්ගවල ඇති හානිදායක සෑම දෙයක්ම ඉවත් කිරීමය. පසුව, සැබැවින්ම ලැජ්ජාව ඊමානයේ කරුණක් බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවධාරණය කළහ. සැබැවින්ම එය අලංකාර ක්‍රියාවන්හි නිරත වීමටත් අශීලාචාර දැයින් ඉවත් වීමටත් පොළඹවන ගුණාංගයකි.
بِضْع: من ثلاثة إلى تسعة.
شعبة: خصلة.
දේව විශ්වාසයට විවිධ තරාතිරම් ඇත. ඒවායින් ඇතැම් කරුණු තවත් ඇතැම් කරුණුවලට වඩා උතුම් වන්නේය.
දේව විශ්වාසය යනු ප්‍රකාශ, ක්‍රියා හා ප්‍රතිපත්ති මත ගොඩ නැගුණකි.
ලැජ්ජාව යනු උත්තරීතර අල්ලාහ් ගැන විය යුතුය. එය අපේක්ෂා කරනුයේ: ඔහු ඔබට තහනම් කළ තැන ඔබව නොදැකීම සහ ඔහු ඔබට අණ කළ තැනින් ඔබව නැති කර නොගැනීමයි.
අංකයක් සඳහන් කිරීම , එය සීමා කිරීමක් සඳහා නොවේ. නමුත් එය දේව විශ්වාසය මත පදනම් වූ කරුණුවල බහුලත්වය පෙන්වා දෙයි. සැබැවින්ම අරාබිවරු යම් කරුණකට අංකයක් සඳහන් කළ ද, ඒ හැර වෙනත් දෙයක් නැතැයි ඉන් අදහස් කරන්නේ නැත.
සහීහුුල් බුහාරි (1/ 11) (9).
සහීහ් මුස්ලිම් (1/ 63) (35).
තවත් බලන්න (7)
نزهة المتقين شرح رياض الصالحين (1/ 154).
شرح رياض الصالحين.
لابن عثيمين (2/ 169).
تطريز رياض الصالحين.
لفيصل آل مبارك (ص106).
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم لهلالي (1/ 205).
පොත්වල උපුටා දක්වා ඇත
7 පොත්තවත් බලන්න (7)
- التوحيد في ضوء عقيدة الإمام الشافعي رحمه الله ونصوصه ومروياته"الإيمان بضع وسبعون أو بضع وستون شعبة فأفضلها قول لا إله إلا الله وأدناها إماطة الأذى عن الطريق، والحياء شعبة من الإيمان".([157])
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 4«الإيمَانُ بِضْعٌ وَسَبْعُونَ، أَوْ بِضْعٌ وَسِتُّونَ شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ لا إلهَ إلَّا الله، وَأَدْنَاهَا إمَاطَةُ الأَذَىٰ عَنِ الطّرِيقِ، وَالحَياءُ شُعْبَةٌ مِنَ الإيمَانِ».
- ما لا يسع أطفال المسلمين جهله«الإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ -أَوْ: بِضْعٌ وَسِتُّونَ- شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ: لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ، وَالحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ»[11].
- ما لا يسع أطفال المسلمين جهله«الإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ-أَوْ بِضْعٌ وَسِتُّونَ- شُعْبَةً، أَعْلَاهَا: قَوْلُ: لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَدْنَاهَا: إِمَاطَةُ الأَذَى عَنِ الطَّرِيقِ. وَالحَيَاءُ شُعْبَةٌ مِنَ الإِيمَانِ»[191].
- مجموعة زاد الحديث (1)الحديث 1«الإيمان بضع وسبعون أو بضع وستون شعبة»
- موسوعة الإيمان«الْإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ -أوْ بِضْعٌ وَسِتُّونَ- شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللهُ، وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الْإِيمَانِ».
- نبراس طالب (1)1«الْإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ شُعْبَةً، فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللهُ عز وجل، وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنِ الطَّرِيقِ، وَالْحَيَاءُ شُعْبَةٌ مِنَ الْإِيمَانِ»