Skip to content

ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."

«إِذَا انْتَهَى أَحَدُكُمْ إِلَى الْمَجْلِسِ فَلْيُسَلِّمْ، فَإِذَا أَرَادَ أَنْ يَقُومَ فَلْيُسَلِّمْ، فَلَيْسَتِ الْأُولَى بِأَحَقَّ مِنَ الْآخِرَةِ».

මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

කිසියම් කෙනෙකු රැස්ව සිටින සභාවකට ගිය විට, ඔහු ඔවුනට සලාම් පැවසිය යුතු බවත්, ඔහු ඉන් නැගිට යන්නට සිතූ විට සලාම් පවසා සමුගත යුතු බවත් පැමිණෙන අවස්ථාවේ පවසනු ලබන පළමු සලාමය, පිටත්ව යන අවස්ථාවේ අවසානයට පවසන සලාමයට වඩා උතුම් නොවන බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පවසා මඟ පෙන්වූහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

සලාමය පතුරුවා හැරීමට දිරි ගැන්වීම.

සභාවක් මුණ ගැහෙන අවස්ථාවක හා ඉන් හැරී යන අවස්ථාවක එම සභාවේ උදවියට සලාම් පැවසීමට උනන්දු කරවීම.

සින්දී තුමා මෙසේ පවසයි: "නැගිට සිටින්නට සිතූ විට" යන ප්‍රකාශය වනාහි, එනම් වාඩි වී සිටින සභාවකින් නැගිට සිටීම යන්නයි. "පළමුව අවාසානයට වඩා උතුම් වන්නේ නැත." යන ප්‍රකාශය වනාහි, දෙකම නබි පිළිවෙතක් වන අතර යථාර්ථයෙන්ම කළ යුතු ක්‍රියාවකි. නමුත් පළමු සලාමය පැවසීම සහතික කරමින් දෙවන සලාමය අත් හැරීමට මගක් නැත.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (7/ 500) (5208).

සුනන් අත් තිර්මිදි (4/ 432) (2706).

අල්-නසාඊ තුමාගේ සුනන් අල්-කුබ්රා (9/ 144) (10129).

මුස්නද් අහ්මද් (12/ 47) (7142).

තවත් බලන්න (8)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (11/ 360).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 142).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص523).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 672).