Skip to content

ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"ආහාරය අනුභව කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන, බීම පානය කර ඒ සඳහා තමන්ට ප්‍රශංසා කරන ගැත්තා ගැන සැබැවින්ම අල්ලාහ් තෘප්තියට පත් වන්නේය."

«إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا، أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا».

මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

අල්ලාහ්ගේ තෘප්තිය ලබන කටයුතු වලදී ගැත්තා ඔහුගේ භාග්‍යය හා ඔහුගේ ආශිර්වාදය සඳහා ඔහුගේ පරමාධිපතිට කරන ප්‍රශංසාව ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විස්තර කරයි: ඒ අනුව ඔහු යම් ආහාරයක් අනුභව කර "අල්-හම්දු ලිල්ලාහ්" යනුවෙන් පවසනු ඇත. යම් පානයක් පානය කර අල්-හම්දුලිල්ලාහ් යැයි පවසනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

සර්වබලධාරී අල්ලාහ්ගේ ත්‍යාගශීලීත්වය. සැබැවින්ම ඔහු ආහාර ආශිර්වාද කර ප්‍රශංසාව පිළිගන්නේය.

අල්ලාහ්ගේ තෘප්තිය ආහාර පානයෙන් පසු ප්‍රශංසා කිරීම වැනි ඉතා සරල කරුණු තුළින් හිමි වේ.

ආහාර පාන පරිභෝජනයෙන් පසු උත්තරීතර අල්ලාහ්ට ප්‍රශංසා කිරීම ආහාර පාන ගැනීමේ විනයකි.

මූලාශ්‍ර

සහීහ් මුස්ලිම් (4/ 2095) (2734).

තවත් බලන්න (10)

نزهة المتقين شرح رياض الصالحين.

لمصطفى الخن وغيره (1/ 164).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 215).

شرح رياض الصالحين من كلام سيد المرسلين.

لابن عثيمين (2/ 203).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين.

تطرز رياض الصالحين.

لفيصل آل مبارك (ص764).