තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
«مِنْ حُسْنِ إِسْلَامِ المَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ».
මුස්ලිම්වරයෙකුගේ ඉස්ලාමයේ පරිපූර්ණත්වයේ සහ ඔහුගේ විශ්වාසයේ සම්පූර්ණත්වයේ කොටසක් වන්නේ ඔහුට අවශ්‍ය නොවන ඔහුට අදාළ නොවන, ඔහුට වැදගත් නොවන දෑ අත්හැරීම, වචන හා ක්‍රියාවන් අතින් ඔහුට ප්‍රයෝජනවත් නොවන දැයින් හෝ ආගමික හෝ ලෞකික කාරණා අතින් ඔහුට අදාළ නොවන දැයින් වැළකී සිටීම බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. පුද්ගලයෙකුට අදාළ නොවන දෑ වෙත සිත යොමු කිරීමෙන්, ඔහුට අදාළ දේවලින් ඔහු අවධානය වෙනතකට යොමු කළ හැකිය. නැතහොත් ඔහු වැළකී සිටිය යුතු දේට ඔහුව යොමු කළ හැකිය. නැවත නැගිටුවනු ලබන දිනයේදී පුද්ගලයෙකු තම ක්‍රියාවන් සඳහා වගකිව යුතුය.
“මිනිසුන්ගේ ඉස්ලාම් මට්ටම් එකිනෙකට වෙනස් වන අතර, යහපත් කම් මගින් ඔවුන්ගේ ඉස්ලාම් තවදුරටත් පිරිසිදු හා උතුම් වේ.”
අර්ථ විරහිත කතාබහ සහ අවශ්‍ය නොවන කටයුතු වලින් වෙන් වීම පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ සම්පූර්ණත්වයට සලකුණු වේ.”
ආගමික හා ලෞකික කටයුතුවලදී තමන්ට අදාළ කාරණාවල නියැලීමට මිනිසුන් දිරිමත් කිරීම. තමාට අදාළ නොවන දේ අත්හැරීම පුද්ගලයෙකුගේ යහපත් ඉස්ලාමයේ කොටසක් නම්, තමාට අදාළ දේවල නියැලීම ඔහුගේ යහපත්කමේ කොටසකි.
ඉබ්නු අල්-කය්යුම් (රහිමහුල්ලාහ්) තුමා මෙසේ පැවසීය: “නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මුළු භක්තියම එක් ප්‍රකාශයකින් සාරාංශ කළහ: එතුමාණෝ මෙසේ පැවසූහ: “පුද්ගලයෙකුගේ ඉස්ලාමයේ යහපත් කරුණු අතරින් කොටසක් නම් ඔහුට අදාළ නොවන දේ අත්හැරීමයි.” මෙහි ඔහුට අදාළ නොවන සියලු දෑ අත්හැරීම පොදුවේ ප්‍රකාශ කෙරී ඇත. එනම් කතාව, බැල්ම, සවන් දීම, පහර දීම, ඇවිදීම, සිතීම සහ අනෙකුත් සියලුම බාහිර සහ අභ්‍යන්තර චලනයන් ය. මෙය භක්තිය පිළිබඳ පුළුල් ආරෝග්‍යමත් ප්‍රකාශයකි.
ඉබ්නු රජබ් තුමා මෙසේ පවසා ඇත.: මෙම හදීසය යහපත් හැසිරීම් (විනය) පිළිබඳ මූලික මූලධර්මයකි.
දැනුම සෙවීමට මිනිසුන් දිරිමත් කිරීම. මන්ද ඒ තුළින් පුද්ගලයෙකු තමාට අදාළ දේ සහ අදාළ නොවන දෑ දැනගන්නා බැවිනි.
යහපත අණ කිරීම, අයහපතින් වැළැක්වීම සහ උපදෙස් දීම මිනිසුන්ට අදාළ දේවල් අතරින් වේ. මන්ද ඔවුන්ට එසේ කිරීමට අණ කර ඇති බැවිනි.
මෙම හදීසයේ පොදු අර්ථයට ඇතුළත් කරුණු මෙසේය: සර්වබලධාරී අල්ලාහ් තහනම් කර ඇති දේවල් සහ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිළිකුල් කර දේවල් ය. එමෙන්ම ගුප්ත දේවල්වල යථාර්ථයන් සහ මැවීම සහ නියෝග පිළිබඳ නීතියේ විස්තර වැනි මතුලොව හා බැඳුණු කාරණා අතරින් අවශ්‍ය නොවන දෑ ද ඇතුළත් වේ. ඒ අතරින් විනිශ්චය, සිදුවී නොමැති හෝ සිදුවීමට ඉඩක් නැති හෝ සිතාගත නොහැකි පූර්ව වශයෙන් නියම කර ඇති දෑ සහ උපකල්පිත දේවල් ගැන විමසීම සහ සෙවීම ද ඇතුළත් ය.
සුනන් අත් තිර්මිදි (4/ 136) (2317).
සුනන් ඉබ්නු මාජහ් (5/ 118) (3976).
තවත් බලන්න (4)
අල් අර්බඌනන් නවවියියාහ් (ص: 64) (ح12).
تحفة الأحوذي (6/ 500).
شرح الأربعين النووية للعثيمين (ص: 158).
الرياض الزكية شرح الأربعين النووية للخضير (ص 223).
පොත්වල උපුටා දක්වා ඇත
15 පොත්තවත් බලන්න (15)
- الحديث زاد 4الحديث 4«منْ حُسْنِ إِسْلامِ المَرْءِ تَرْكُهُ ما لا يَعْنِيهِ».
- الحديث زاد 4الحديث 4«منْ حُسْنِ إِسْلامِ المَرْءِ تَرْكُهُ ما لا يَعْنِيهِ».
- الخطب المنبرية موسوعة الخطب المنبرية (القسم الثاني)«مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «مِنْ حُسْنِ إسْلامِ الْمَرءِ تَرْكُهُ مَا لا يَعْنِيهِ».
- شرح الأربعين النووية«مِنْ حُسْنِ إسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ».
- ما لا يسع أطفال المسلمين جهله«مِنْ حُسْنِ إِسْلَامِ المَرْءِ: تَرْكُهُ مَا لَا يَعْنِيهِ»[80].
- مجموعة زاد التربية الإسلامية (2)1«من حُسْنِ إسْلامِ المرءِ تركُهُ ما لا يُعنيهِ»
- مجموعة زاد التربية الإسلامية (2)1«من حُسنِ إسلامِ المرءِ تركُه ما لا يعنيه».
- مشروع المنهج التعليميمادة الحديث مستوى 2«مِنْ حُسْنِ إِسْلَامِ المَرْءِ تَرْكُهُ ما لا يعْنِيهِ»
- مشروع منهاج زادكزادك 1 طالب«مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ»
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا .........».
- مشروع منهاج زادكزادك 3 طالب نهائي«مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ».
- مشروع منهاج زادكزادك عرض 3«مِنْ حُسْنِ إِسْلَامِ المَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ ».
- نبراس طالب (2)نبراس طالب (2) عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صلى الله عليه وسلم: «مِنْ حُسْنِ إِسْلَامِ الْمَرْءِ تَرْكُهُ مَا لَا يَعْنِيهِ»