Skip to content

වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

"වළලු කරට පහළින් ඇති පහළ ඇඳුම අපා ගින්න තුළය."

«مَا أَسْفَلَ مِنَ الكَعْبَيْنِ مِنَ الإِزَارِ فَفِي النَّارِ».

බුහාරි එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

තම ශරීරයට පහළින් ආවරණය කර ඇති ඇඳුම හෝ සරම හෝ වෙනත් වස්ත්‍රයක් හෝ වේවා එය පාදයේ වළලු කරට පහළින් සකසා ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එසේ පහළට එල්ලෙන්නට අඳින තැනැත්තාගේ පාදයට පහළින් එය වී නම් එම ක්‍රියාව සඳහා ඔහුට දඬුවමක් ලෙස ඔහු අපා ගින්නේ සිටිනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

පිරිමියාගේ වළලු කරට පහළින් වස්ත්‍රය දිගට ඇඳීමේ තහනම. සැබැවින් එය මහා පාපයන්ගෙන් එකකි.

ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි. "පොදුවේ වේට්ටිය නොවැළැක්විය හැකි හේතුවක් මත පහළට එල්ලෙන්නට ඇඳීම ව්‍යාතිරේකයක් වන්නේය. උදාහරණයක් ලෙස පාදයේ තුවාලයක් වී මැස්සන්ගෙන් එයට හානියක් වනු ඇත්නම්, වේට්ටිය හැර වෙනත් කිසිවක් ඔහු එහි දී නොලැබුවේ නම්, ඔහු ඉන් ආවරණය කරන්නෙකු මෙනි.

මෙම නීතිය අදාළ වනුයේ පිරිමින්ට පමණය. ඊට හේවතු කාන්තාවන් නියෝග කරනු ලැබ ඇත්තේ ඔවුන්ගේ ඇඳුම තම වළලුකරට වඩා වියතක් තරම් දිගට එල්ලෙන්නට අඳින්නටය.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (7/ 141) (5787).

තවත් බලන්න (2)

إرشاد الساري لشرح صحيح البخاري (8/ 418).

ذخيرة العقبى في شرح المجتبى (23/ 76).