Skip to content
الفَتح /

වැකිය 29

48 : 29

වැකිය 29 of الفَتح (48 : 29). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

الفَتح වැකි 29
සූරාව · الفَتح
සිංහල · Mahir
48 : 29

مُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا

මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් ය. තවද ඔහු සමඟ සිටින්නවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් මත දැඩිව කටයුතු කරන්නෝ වෙති. තමන් අතර කාරුණිකව කටයුතු කරන්නෝ වෙති. ඔවුන් රුකූඃ කරන්නන් ලෙසින් ද සුජූද් කරන්නන් ලෙසින් ද අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ තෘප්තිය සොයනු නුඹ දකිනු ඇත. සුජූද් හේතුවෙන් ඔවුන්ගේ මුහුණු මත ඔවුන්ගේ සලකුණු පවතී. එය තව්රාත්හි සඳහන් ඔවුන්ගේ උපමාවයි. ඉන්ජීලයේ සඳහන් ඔවුන්ගේ උපමාව භෝගයක් මෙනි. එය එහි දලු හටගන්වයි. පසුව එය ශක්තිමත් වී විශාල වෙයි. එහි කඳන් මත ස්ථාවරව පිහිටයි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ව එමඟින් ඔහු කෝපය ඇති කරවනු පිණිස ගොවීන් (නම් දේවත්වය විශ්වාස කරන්නන් ව) එය මවිතයට පත් කරනු ඇත. ඔවුන් අතරින් විශ්වාස කොට යහකම් කළවුන්ට සමාව හා අතිමහත් ප්‍රතිඵල ඇති බව අල්ලාහ් ප්‍රතිඥා දුන්නේ ය.