“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
«الرَّاحِمُونَ يَرْحَمُهمُ الرَّحمنُ، ارحَمُوا أهلَ الأرضِ يَرْحْمْكُم مَن في السّماء».
සැබැවින්ම සෙසු අයට කරුණාව දක්වන්නන් හට, ඊට සරිලන ප්‍රතිඵලයක් ලෙස සියලු දෑ කෙරෙහි ව්‍යාප්තව ඇති තම කරුණාව තුළින් මහා කාරුණිකයාණන් ඔවුනට කරුණාව දක්වනු ඇත. පසුව මහපොළොවේ වෙසෙන මිනිසුන් සතුන් පක්ෂීන් මෙන්ම සෙසු සියලු මැවීම් වර්ගයාට කරුණාව දක්වන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. ඒ සඳහා වන ප්‍රතිඵලය වනුයේ, අහස් හතට ඉහළින් සිට අල්ලාහ් ඔබට කරුණාව දැක්වීමය.
...:
ඉස්ලාම් දහම කරුණාවේ දහමයි. අල්ලාහ්ට අවනත වීම හා මැවීම්වලට උපකාර කිරීම මත එහි සියලු කරුණු පදනම් වී ඇත.
සර්වබලධාරී අල්ලාහ් තම කරුණා ගුණය තුළින් ගුණ ගායනා කරන්කි. ඔහු අපරමිත දයාන්විත, අසමසම කරුණාන්විතයාණන්ය. එමෙන්ම තම ගැත්තන් වෙත කරුණාව ලඟා කරවන්නාය.
ප්‍රතිඵල අදාළ ක්‍රියාවෙන්ම පිහිටයි. එවැවින් කරුණාවන්තයින්ට අල්ලාහ් කරුණාව දක්වනු ඇත.
සුනන් අබූ දාවූද් (7/ 297) (4941).
සුනන් අත් තිර්මිදි (3/ 483) (1924).
තවත් බලන්න (7)
مسند أحمد ط الرسالة (11/ 33) (6494).
تحفة الأحوذي بشرح جامع الترمذي.
لمحمد المباركفورى (6/ 43).
سلسلة الأحاديث الصحيحة وشيء من فقهها وفوائدها.
للألباني (2/ 594).
معارج القبول بشرح سلم الوصول إلى علم الأصول.
حافظ الحكمي (1/ 156).