Skip to content

කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය

ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම හෙතෙම: "නැත, කඃබාව මත දිවුරමින්" යැයි දිවුරා සිටි මිනිසෙකුට සවන් දුන්නේය. එවිට ඉබ්නු උමර් තුමා: "අල්ලාහ් නොවන දෑ මත දිවුරා නොසිටින්න. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ.

"කවරෙකු අල්ලාහ් නොවන දෑ මත දිවුරා සිටියේ ද, සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් දෙවියන්ට ආදේශ තැබුවේය."

«مَنْ حَلَفَ بِغَيْرِ اللهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ».

මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙයක් මත හා ඔහුගේ නාම හා ගුණාංග හැර වෙනත් දෑ මත දිවුරා සිටියේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ව ප්‍රතික්ෂේප කළේය. එසේ නැතහොත් ඔහුට ආදේශ තැබුවේය. හේතුව එසේ දිවුරා සිටීම දිවුරනු ලබන දෑ ගරුබුහුමන් කිරීමට ලක්වන බැවිනි. සැබැවින්ම එය අල්ලාහ් වෙනුවෙන් පමණක් විය යුතුය. එබැවින් අල්ලාහ් මත, ඔහුගේ ශුද්ධ වූ නාම හා ගුණාංග මත පමණක් දිවුරා සිටිය යුතුය. මෙලෙස දිවුරා සිටීම "අෂ්-ෂිර්කුල් අස්ගර්" හෙවත් කුඩා පරිමාණයේ ආදේශ කිරීම ලෙස සැලකේ. නමුත් දිවුරා සිටින්නා දිවුරන දෑ උත්තරීතර අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමක් ලෙස හෝ ඊටත් වඩා අධික ලෙස මහිමයට පත් කළේ නම්, එවිට එය මහා ෂිර්ක් ගණයට අයත් වනු ඇත.

වචනාර්ථ

من حلف: الحلف: اليمين، وهي توكيد الحكم بذكر معظّم تطمئن له نفس المخاطب.

كفر أو أشرك: يحتمل أن يكون هذا شكًّا من الراوي، ويحتمل أن تكون "أو" بمعنى الواو فيكون كفر وأشرك.

හදීසයෙන් උගත හැකි පාඩම්

සැබැවින්ම දිවුරා ගරුබුහුමන් කිරීම උත්තරීතර ශුද්ධ වූ අල්ලාහ්ට පමණක් සතු අයිතියකි. එබැවින් අල්ලාහ්, ඔහුගේ නාම හා ගුණාංග මත හැර වෙනත් කිසිවක් මත දිවුරා නොසිටිය යුතු ය.

යහපත විධානය කර අයහපතින් වැළැක්වීම සඳහා සහාබාවරු උනන්දු වූහ. විශේෂයෙන් පිළිකුල් සහගත යමක් දේව ආදේශය හා දේව ප්‍රතික්ෂේපය හා බැඳී පැවතුණු විටෙක ඒ කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වූහ.

මූලාශ්‍ර

සුනන් අත් තිර්මිදි (3/ 194) (1535).

සුනන් අබූ දාවූද් (5/ 154- 155) (3251).

මුස්නද් අහ්මද් (9/ 249) (5346).

(9/ 275) (5375).

(10/ 249) (6072).

(1/ 343).

තවත් බලන්න (11)

فتح المجيد شرح كتاب التوحيد.

لعبد الرحمن التميمي (ص413).

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (2/ 214).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص326).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص365).

التمهيد لشرح كتاب التوحيد.

لصالح آل الشيخ (ص452).

فتاوى اللجنة الدائمة.