Skip to content

"අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බවට මුඃමින්වරුන්ගේ මාතාවක වූ උම්මු අබ්දිල්ලාහ් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:

"අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි." මුස්ලිම්හි සඳහන් තවත් වාර්තාවක: "කවරෙකු අපගේ කටයුතු අතර නැති දෙයක් ක්‍රියාවට නැංවූයේ ද එය ප්‍රතික්ෂේප කරන ලද්දකි."

«مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ مِنْهُ فَهُوَ رَدٌّ». وَفِي رِوَايَةٍ لِمُسْلِمٍ: «مَنْ عَمِلَ عَمَلًا لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ».

බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

කවරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ හදීසය හෝ පෙන්වා නොදුන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලාහ් ඉදිරියේ එය අදාළ පුද්ගලයාගෙන් පිළිගනු නොලබන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.

හදීසයෙන් උගත හැකි පාඩම්

නැමදුම් කටයුතු අල් කුර්ආනයේ හා හදීසයේ සඳහන් කරුණු මත පදනම් විය යුතුය. එහෙයින් ආගම්ගත කරන ලද කරුණු පිළිපදිමින් හැර උත්තරීතර අල්ලාහ්ට නැමදුම් නොකළ යුතුය. අලුතින් බිහි කරන ලද දෑ හෝ නව උත්පාදන හෝ වලංගු නොවේ.

ඉස්ලාම් දහම පදනම් වී ඇත්තේ යම් මතයක් මත හෝ අනුමත කිරීමක් මත නොව, එහි පදමන වන්නේ රසූල් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව අනුගමනය කිරීමයි.

මෙම හදීසය ආගමේ පරිපූර්ණත්වයට සාක්ෂියකි.

මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ කාලයේ මෙන්ම එතුමාණන්ගේ මිතුරන්ගේ කාලයේ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ ආගමට හඳුන්වා නො දුන් සහ නො තිබූ සියල්ල මිථ්‍යාදෘෂ්ටික වේ.

මෙම හදීසය ඉස්ලාමයේ මූල ධර්ම අතරින් වූ මූලික හදීසයකි. එය ක්‍රියාවන් සඳහා වන නිර්ණායකයක් මෙන් පිහිටයි. සර්ව බලධාරී අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා නොකරන සෑම ක්‍රියාවක්ම, එහි කිසිදු කුසලක් එය සිදු කරන්නාට නැත. එසේම, අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගෙන ආ දෑට අනුකූල නොවන සෑම ක්‍රියාවක්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.

මෙම හදීසය නවෝත්පාදනයන් සහ නින්දිත පිළිවෙත් ප්‍රතික්ෂේප කිරීම සඳහා වන රීතියකි.

තහනම් කරන ලද නව කරුණු යනු ආගමට සම්බන්ධ කරුණු මිස ලෝකයට සම්බන්ධ කරුණු නොවේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (3/ 184) (2697).

සහීහ් මුස්ලිම් (3/ 1343) (1718).

තවත් බලන්න (5)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص16).

شرح الأربعين النووية.

لابن عثيمين (ص96).

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

للعباد (ص38).