Skip to content

(සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

"(සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත. වේලාසනින් සලාතයට යෑමේ පවතින දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, (ඒ සඳහා) තරඟ වදිනු ඇත. රාත්‍රී (ඉෂා) සලාතයේ හා උදෑසන (සුබ්හු) සලාතයේ ඇති දෑ ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක සඳහා බඩගාමින් හෝ පැමිණෙනු ඇත."

«لَوْ يَعْلَمُ النَّاسُ مَا فِي النِّدَاءِ وَالصَّفِّ الْأَوَّلِ ثُمَّ لَمْ يَجِدُوا إِلَّا أَنْ يَسْتَهِمُوا عَلَيْهِ لَاسْتَهَمُوا، وَلَوْ يَعْلَمُونَ مَا فِي التَّهْجِيرِ لَاسْتَبَقُوا إِلَيْهِ، وَلَوْ يَعْلَمُونَ مَا فِي الْعَتَمَةِ وَالصُّبْحِ لَأَتَوْهُمَا وَلَوْ حَبْوًا».

බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ: (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ මහිමය, ශ්‍රේෂ්ඨත්වය හා සමෘද්ධිය මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ සඳහා ප්‍රමුඛත්වය ගැනීමට හා පෙරට වීමට සුදුසුකම් ඇති උදවිය තෝරා ගැනීමේ දී කුසපත් ඇදීම මිස වෙනත් ක්‍රමයක් නොවී නම්, ඒ සඳහා ඔවුන් කුසපත් අදිනු ඇත. සලාතය සඳහා එය ආරම්භ වේලාවේ වේලාසනින් යෑමේ පවතින මහිමය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ සඳහා ඔවුන් තරඟ වදිනු ඇත. රාත්‍රී ඉෂා සලාතයට හා උදෑසන සුබ්හු සලාතයට පැමිණීමෙහි ඇති කුසල්හි ප්‍රමාණය ඔවුන් දැනගෙන සිටියා නම්, ඒ දෙක වෙත ළදරුවකු දණ ගසා පැමිණෙන්නාක් මෙන් බඩගාමින් හෝ ඔවුන් පැමිණෙනු ඇත.

හදීසයෙන් උගත හැකි පාඩම්

අදාන් හෙවත් සලාතය සඳහා කෙරෙන ඇරයුමේ මහිමය පැහැදිලි කිරීම.

පළමු පේළියේ හා ඉමාම්ට ඉතා කිට්ටුවෙන් සිටීමේ මහිමය පැහැදිලි කිරීම.

සලාතය සඳහා සතුටුදායක ආරම්භක වේලාවේ වේලාසනින් යෑමේ මහිමය පැහැදිලි කිරීම. එය එහි ඇති අතිමහත් භාග්‍යයන් හා එහි පෙළ ගැසුණු විවිධ ප්‍රයෝජන හේතුවෙනි. ඒ අතරින්, පළමු පේළිය ලබා ගැනීම, සලාතය ආරම්භක අවස්ථාව හිමි කර ගැනීම, අමතර දෑ ඉටු කිරීමට හැකිවීම, කුර්ආනය කියවීමට හැකි වීම, මලක්වරුන් ඔහු වෙනුවෙන් ඉල්ලා සිටින පාපක්ෂමාව ලබන්නට අවස්ථාව උදා කර ගැනීම. ඔහු සලාතය බලාපොරොත්තුවෙන් සිටින තාක්කල් ඔහු සලාතය තුළම සිටීමේ භාග්‍යය ලැබීම හා වෙනත් භාග්‍යයන් ඇත.

මෙම සලාත් දෙකට සහභාගි වී සාමුහිකව ඉටු කිරීම සඳහා ඉමහත් සේ දිරි ගැන්වීම. එහි අධික ලෙස මහිමයන් ඇත. ඊට හේතු වනුයේ නිදාගැනීමේ ආරම්භය හා එහි අවසානයේ එයට බාධා කිරීමෙන් තමන් දරන දුෂ්කරතාවය. කුහකයින් හට බරැති සලාතය ඒ දෙක යැයි සඳහන්ව ඇත්තේ ද එබැවිනි.

නවවි තුමා මෙසේ පවසයි: "මෙහි තරඟකාරයක් ඇති වගකීම් සම්බන්ධව කුසපත් ඇදීමේ අනුමැතිය සහතික කිරීමක් ඇත."

දෙවන පේළිය තුන්වන පේළියට වඩා උතුම් ය. තුන්වන පේළිය හතරවන පේළියට වඩා උතුම්ය. එසේ එය දිගටම අනුගමනය කෙරේ.

මූලාශ්‍ර

සහීහුුල් බුහාරි (1/ 126) (615).

සහීහ් මුස්ලිම් (1/ 325) (437).

තවත් බලන්න (2)

النهاية في غريب الحديث والأثر (1000) (185).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (10/ 267).