اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්) තමන්ට මෙම ප්‍රාර්ථනාව ඉගැන් වූ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا තේරුම: අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම යහපත මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා කවර කරුණකින් ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි. අහෝ දෙවිඳුනි! ස්වර්ගය ද ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද මම ඔබෙන් පතමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සමීප කරන වචනයෙන් හා ක්‍රියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි. ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි.
«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට ප්‍රාර්ථනා එකතුවක් උගන්වන ලදී. එය ප්‍රාර්ථනා හතරකින් සමන්විතය. පළමුවැන්න: සියලුම යහපත සඳහා කෙරෙන පොදු ප්‍රාර්ථනාව اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ (අහෝ දෙවිඳුනි! සියලුම යහපත මම ඔබෙන් පතිමි.) පවතින සියලුම දෑහි යහපත عَاجِلِهِ (වර්තමානයේ සිදුවන) ඉතා සමීප කාලය තුළ පිහිටන وَآجِلِهِ (අනාගතයේ සිදුවන) දුරින් පිහිටන وَمَا لَمْ أَعْلَمْ (මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටින) එනම් සුවිශුද්ධ ඔබගේ දැනුමෙහි පවතින දෑ. මෙහිදී කටයුතු සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත කාරුණික අල්ලාහ් වෙත පැවරීමක් සිදු කර ඇත. මුස්ලිම්වරයකුට වඩාත් උතුම් හා වඩාත් යහපත් දෑ සුවිශුද්ධයාණන් තෝරා දෙනු ඇත. وَأَعُوذُ (මම ආරක්ෂාව පතමි) بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وما لم أعلم (වර්තමානයේ හා ආනගතයේ සිදුවන මා නොදැන සිටි නමුත් ඔබ ඒ ගැන දැන සිටි සියලුම නපුරෙන් ආරක්ෂාව මම ඔබෙන් පතිමි.) දෙවන ප්‍රාර්ථනාව: සීමාව ඉක්මවා යෑමෙන් මුස්ලිම්වරයා ආරක්ෂාව පැතීම ද මෙම ප්‍රාර්ථනාව තුළ ඇතුළත් වේ. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් පතමි.) මම ඔබෙන් ඉල්ලා සිටිමි. مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ (ඔබේ ගැත්තා මෙන්ම ඔබේ නබිවරයා ඔබෙන් පැතූ යහපත) එතුමාණන් කෙරෙහි ශාන්තිය හා සමාදානය අත්වේවා! وَأَعُوذُ (මම ඔබෙන් ආරක්ෂාව පතමි) ඔබ ඔබෙන් සරණ පතමි; රැකවරණය පතමි. بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ (ඔබේ නබිවරයා කවර කරුණක් සම්බන්ධව ආරක්ෂාව පැතුවේ ද එවන් නපුරෙන් ආරක්ෂාව මම ද ඔබෙන් පතමි.) මෙම ප්‍රාර්ථනාව නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තමන් වෙනුවෙන් කවර ප්‍රාර්ථනාවක් හා ඉල්ලීමක් සිදු කළේ ද එවැන්නක් තමන්ට ද පිරිනමන මෙන් ඉල්ලා සිටීමකි. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කළ ප්‍රාර්ථනා වර්ග කිසිවක් වර්ගීකරණයකින් තොරව කෙරෙන ප්‍රාර්ථනාවකි. තුන්වන ප්‍රාර්ථනාව: ස්වර්ගයට පිවිසීම හා අපා ගින්නෙන් දුරස්වීම සඳහා ඉල්ලා සිටීම. එය සෑම මුස්ලිම්වරයකුම ඉල්ලා සිටිය යුත්තකි. ඔහුගේ ක්‍රියාවේ අවසන් ඉලක්කය එයයි. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ (අහෝ දෙවිඳුනි! මම ඔබෙන් ස්වර්ගය පතමි) එහි සාර්තකත්වය පතමි. وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ (ඒ වෙත සමීප කරවන වචනය හා ක්‍රියාව ද පතමි) එනම් ඔබ තෘප්තියට පත්වන දැහැමි ක්‍රියාව ද පතමි. وَأَعُوذُ بِكَ مِنْ النَّارِ (එමෙන්ම නිරයෙන් මම ආරක්ෂාව ද පතමි.) ඔබේ කරුණාව තුළින් මිස අප්‍රසන්න ක්‍රියාවන් ගෙන් කිසිදු රැකවරණයක් නැත. وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ (ඒ වෙත සමීප කරවන වචනයෙන් හා ක්‍රියාවෙන් ද) ඔබ කෝපයට පත්වන පාපකම්වලින් ආරක්ෂාව ද පතමි. සිව්වන ප්‍රාර්ථනාව: අල්ලාහ්ගේ නියමය පිළිබඳ සෑහීමට පත්වීම සම්බන්ධයෙන් වූ ප්‍රාර්ථනාවය. وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا (ඔබ මට තීන්දු කළ සෑම කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලා සිටිමි.) අල්ලාහ් නියම කළ සෑම කටයුත්තක්ම මට යහපතක් කර දෙන මෙන් පතමි. එය අල්ලාහ්ගේ නියමය ගැන සෑහීමට පත්වීම සඳහා වන ප්‍රාර්ථනාවයි.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ආඉෂා (රළියල්ලාහු අන්හා තුමියට ඉගැන් වූ පරිදි, පුද්ගලයකු තම පවුලට මෙලොව හා මතුලොව කටයුතු අතරින් තමන්ට ප්‍රයෝජනවත් වන දෑ ඉගැන්වීම.
මුස්ලිම්වරයකුට වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් විසින් වාර්තා කරන ලද ප්‍රාර්ථනාවන් පිළිපදිමින් ප්‍රාර්ථනා කිරීමය. ඒවා කෙටි වදනින් සමන්විත වූ පුළුල් අර්ථ සහිත ප්‍රාර්ථනා එකතුවක් වන බැවිනි.
මෙම හදීස් ගැන විද්වතුන් පවසා සිටිනුයේ: යහපත පැතීම, නපුරෙන් ආරක්ෂාව පැතීම යන කරුණු මෙම හදීසයේ ගොනු වී ඇති බවයි. මෙය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පිරිනමන ලද ජවාමිඋල් කලිම් හෙවත් පුළුල් අර්ථයෙන් යුත් කෙටි වදන් එකතුවකි.
අල්ලාහ්ගේ කරුණාවෙන් පසු ස්වර්ගයට පිවිසීමට හේතු වනුයේ දැහැමි ක්‍රියාවන් හා දැහැමි ප්‍රකාශ වේ.
සුනන් ඉබ්නු මාජහ් (5/ 17) (3846).
මුස්නද් අහ්මද් (41/ 474) (25019).
තවත් බලන්න (6)
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (7/ 589).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 477).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 516).
පොත්වල උපුටා දක්වා ඇත
10 පොත්- මහඟු ප්‍රාර්ථනාاللَّهمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ "අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මින් හඃයිරි මා සඅලක අබ්දුක ව නබිය්යුක, වඅඌදු බික මින් ෂර්රි මා ආද බිහි අබ්දුක
- මහඟු ප්‍රාර්ථනාاللَّهمَّ إِنِّي أَسْأَلُكَ اَلْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ، وَمَا قَرَّبَ مِنْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا "අල්ලාහුම
- අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට අනුව හජ්, උම්රා සහ බැහැ දැකීම පිළිබඳ බොහෝ කරුණු විමර්ශනය කිරීම සහ පැහැදිලි කිරීම.التحقيق والإيضاح لكثير من مسائل الحج والعمرة والزيارة - النسخة المعتمدة"අල්ලාහුම්ම ඉන්නී අස්අලුක මිනල් ඛයිරි කුල්ලිහි, ආජිලිහි වආජිලිහි මා අලිම්තු මින්හු වමා ලම් අඃලමු, වඅඌදු බික මිනෂ්-ෂර්රි කුල්ලිහී ආජිලිහි වආජිලිහි මා අලිම්තු මින්හු වමා ලම් අඃලම්, වඅස්අලුක මින් ඛයිරි මා සඅලක මින්හු අබ්දුක වනබිය්යුක මුහම්මදුන
තවත් බලන්න (7)
- أدعية جامعةأدعية جامعة (للحرمين)39. «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ».
- أدعية جامعةأدعية جامعة (للحرمين)40. «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ، وَمَا قَرَّبَ مِنْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا».
- الدعاء ويليه العلاج بالرقى من الكتاب والسنةالدعاء من الكتاب والسنة80- ((اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ: عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ. اللَّهُمَّ إِنِّي أَ
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"اللهم إني أسألك من الخير كله عاجله، وآجله ما علمت منه وما لم أعلم، وأعوذ بك من الشر كله عاجله، وآجله ما علمت منه وما لم أعلم. اللهم إني أسألك من خير ما سألك عبدك ونبيك، وأعوذ بك من شر ما عاذ به عبدُكَ ونبيك. اللهم إني أسألك الجنة، وما قرب
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات4- أدعية جامعة (للحرمين)«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَاذَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ».
- المختصر في آداب السفر وصفة الحج والعمرة وآداب الزيارة والأدعية الجامعة مع ملحق بالفتاوى والمخالفات4- أدعية جامعة (للحرمين)«اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَّبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنَ النَّارِ، وَمَا قَرَّبَ مِنْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا».
- تطبيق القرآن والأذكارأدعية النبي صلى الله عليه وسلم 80- ((اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ: عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ. اللَّهُمَّ إِنِّي أَ