Skip to content

“කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බුරෙයිදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු අමානා (වත්පිළිවෙත්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නොවේ.”

«مَنْ حَلَفَ بِالْأَمَانَةِ فَلَيْسَ مِنَّا».

අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

වගකීමක් පිළිබඳ දිවුරා සිටීම සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූ අතර, කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු අපෙන් කෙනෙකු නොවන බව ද පවසා ඒ ගැන අවවාද කළහ.

හදීසයෙන් උගත හැකි පාඩම්

උත්තරීතර අල්ලාහ් නොවන දෙයක් මත දිවුරා සිටීම තහනම්ය. ඒ අතරින් යම් වන්දනාමානයක් මත දිවුරීම ද එකකි. සැබැවින්ම එය යම් ආකාරයක කුඩා ගණයේ ෂිර්ක් වර්ගයක් වනු ඇත.

අමානා (වත්පිළිවෙත්) යනු කීකරුකම, නමස්කාරය, තැන්පතු, මිලමුදල් සහ රක්ෂණය යන කරුණු ඊට ඇතුළත් වේ.

උත්තරීතර අල්ලාහ් මත හෝ ඔහුගේ නම් අතරින් එක් නාමයක් මත හෝ ඔහුගේ ගුණාංග අතරින් එක් ගුණාංගයක් මත හෝ දිවුරා සිටීමෙන් හැර වෙනත් දිවුරුමක් වලංගු වන්නේ නැත.

කඃත්තාබි තුමා මෙසේ පවසයි: "අල්ලාහ් ඔහු මත හෝ ඔහුගේ ගුණාංග මත දිවුරා සිටීමට නියෝග කර ඇත. ඔහු නියෝග කළ වත්පිළිවෙත් ඔහුගේ ගුණාංග නොවන බැවින් එලෙස දිවුරා සිටීම පිළිකුල් වේ. සැබැවින්ම ඔහු නියෝග කළ වත්පිළිවෙත් ඔහුගේ එක් නියෝගයක් පමණි. ඒවා ඔහු අනිවාර්ය කළ කරුණු අතරින් එකකි. ඒ අනුව ඒ අතර හා සර්වබලධාරී අල්ලාහ්ගේ නාම හා ගුණාංග අතර සමානතාවයක් විය හැකි බැවින් ඒ ආකාරයට දිවුරා සිටීම තහනම් කරන ලදී.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (5/ 155) (3253).

මුස්නද් අහ්මද් (38/ 82) (22980).

තවත් බලන්න (12)

نزهة المتقين.

لمجموعة من الباحثين (2/ 1166).

بهجة الناظرين.

لسليم الهلالي (3/ 201).

مشكاة المصابيح.

للتبريزي (2/ 1020).

شرح رياض الصالحين.

لابن عثيمين (6/ 452).

معالم السنن.

للخطابي (4/ 46).

سبل السلام.

الصنعاني (2/ 550 ).