Skip to content

රමළාන් මාසයේ කාන්තාවක් දරු ප්රසූතියෙන් පසු රුධිර වහන තත්ත්වයට පත්ව දින හතක් උපවාසයෙන් මිදුනාය. දෙවන රමළානය පැමිණෙන තෙක්ම එය ඉටු නොකරයි. දෙවන රමළානයේ දී ද ඇය කිරි දෙන මවක් ලෙසින් දින හතක් ඇයගේ වාරයට එකතු වෙයි. ඇයට අත් වූ රෝගී බව හේතුවෙන් ඇය එය නැවත ඉටු කළේ නැත. තුන් වන රමළානයට ද ඇය පිවිස සිටින්නී නම්, ඇයගේ වගකීම කුමක් ද? අපට මේ ගැන දැනුවත් කරන්න. අල්ලාහ් ඔබට කුසල් පිරිනමත්වා!

السؤال

ප්රශ්ණය 1.

රමළාන් මාසයේ කාන්තාවක් දරු ප්රසූතියෙන් පසු රුධිර වහන තත්ත්වයට පත්ව දින හතක් උපවාසයෙන් මිදුනාය. දෙවන රමළානය පැමිණෙන තෙක්ම එය ඉටු නොකරයි. දෙවන රමළානයේ දී ද ඇය කිරි දෙන මවක් ලෙසින් දින හතක් ඇයගේ වාරයට එකතු වෙයි. ඇයට අත් වූ රෝගී බව හේතුවෙන් ඇය එය නැවත ඉටු කළේ නැත. තුන් වන රමළානයට ද ඇය පිවිස සිටින්නී නම්, ඇයගේ වගකීම කුමක් ද? අපට මේ ගැන දැනුවත් කරන්න. අල්ලාහ් ඔබට කුසල් පිරිනමත්වා!

س19: امرأةٌ أفطرت في رمضان سبعة أيامٍ وهي نفساء، ولم تقض حتى أتاها رمضان الثاني، وطافها من رمضان الثاني سبعة أيامٍ وهي مرضعٌ، ولم تقض؛ بحجّة مرضٍ عندها، فماذا عليها وقد أوشك دخول رمضان الثالث؟ أفيدونا أثابكم الله.

الجواب

පිළිතුර 1:

සඳහන් කළ පරිදි එසේ කාන්තාවක් රෝගී භාවයෙන් පෙළෙන්නේ නම්, එය නැවත ඉටු කිරීමට ඇයට නොහැකි වී නම්, නිදහසට සාධාරණ කරුණු ඇති බැවින් ඇය හැකියාවක් ලබන අවස්ථාවක උපවාසයේ නිරත වෙයි. දෙවන රමළානය පැමිණියද ඇයට සමාව දෙනු ඇත.

නිදහසට කිසිදු කරුණක් නොමැති ව ඇය එය ප්රමාද කිරීම හෝ ඒ ගැන නොසැලකිලිමත් වීම වනාහි, සැබැවින්ම ඇය රමළානයේ මඟ හැරුණ උපවාසය නැවත ඉටු කිරීම සඳහා දෙවන රමළානය දක්වා ප්රමාද කිරීම ඇයට සුදුසු නැත.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ ප්රකාශ කළාය: "මා කෙරෙහි උපවාසයක් අනිවාර්යය වී තිබිණ. නමුත් ෂඃබානයේ හැර වෙනත් අවස්ථාවක එය නැවත ඉටු කිරීමට මට හැකියාව නොලැබුනි."

ඒ අනුව, කාන්තාව තමා ගැන අවධානය යොමු කළ යුතුය. ඇයට කියන්නට තරම් නිදහසට කරුණක් නොමැති විටෙක, ඇය පාපියකු වෙයි. අල්ලාහ් වෙත පාප ක්ෂමාවේ නිරත වීමත්, තම වගකීම තුළ පවත්නා උපවාසය නැවත ඉටු කිරීම සඳහා යුහුසුළු වීමත් අනිවාර්යය වන්නේය. නිදහසට කරුණු කීමට තරම් යම් හේතුවක් වී නම් වසරක් හෝ වසර දෙකක් හෝ ප්රමාද කළ ද එහි වරදක් නැත.

ﺟ19: إذا كانت هذه المرأة كما ذكرت عن نفسها -أنها في مرضٍ، ولا تستطيع القضاء- فإنها متى استطاعت صامته؛ لأنها معذورةٌ، حتى ولو جاء رمضان الثاني.

أما إذا كان لا عذر لها، وإنما تتعلل وتتهاون، فإنه لا يجوز لها أن تؤخّر قضاء رمضان إلى رمضان الثاني، قالت عائشة رضي الله عنها:

«كَانَ يَكُونُ عَلَيَّ الصَّوْمُ، فَمَا أَسْتَطِيعُ أَنْ أَقْضِيَهُ إِلَّا فِي شَعْبَانَ» [1].

[4] البخاري، كتاب الصوم، باب متى يقضي قضاء رمضان (1950)، ومسلم، كتاب الصيام، باب في جواز تأخير قضاء رمضان (151) (1147).

وعلى هذا، فعلى هذه المرأة أن تنظر في نفسها، إذا كان لا عذر لها فهي آثمةٌ، وعليها أن تتوب إلى الله، وأن تبادر بقضاء ما في ذمتها من الصّيام، وإن كانت معذورةً فلا حرج عليها، ولو تأخرت سنةً أو سنتين.