ප්‍රශ්න අංක 3. "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගත යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
- الباب / الفصل
- قسم الحديث
السؤال
س3: أكمل حديث «بينما نحن جلوس عند رسول الله صلى الله عليه وسلم ...»، واذكر بعض فوائده.
ප්‍රශ්න අංක 3. "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ." යන හදීසය සම්පූර්ණ කරන්න. ඉන් උගත යුතු පාඩම් ගැන කරුණු කිහිපයක් සඳහන් කරන්න.
الجواب
ج:عن عمر بن الخطاب رَضِيَ اللَّهُ عَنْهُ قال:
«بينما نحن جلوس عند رسول الله صلى الله عليه وسلم ذات يوم، إذ طلع علينا رجل شديد بياض الثياب، شديد سواد الشعر، لا يرى عليه أثر السفر، ولا يعرفه منا أحد، حتى جلس إلى النبي صلى الله عليه وسلم، فأسند ركبته إلى ركبتيه، ووضع كفيه على فخذيه، وقال: «يا محمد أخبرني عن الإسلام»، فقال له: «الإسلام: أن تشهد أن لا إله إلا الله، وأن محمدًا رسول الله، وتقيم الصلاة، وتؤتي الزكاة، وتصوم رمضان، وتحج البيت إن استطعت إليه سبيلًا»، قال: «صدقت»، فعجبنا له يسأله ويصدقه، قال: «أخبرني عن الإيمان» قال: «أن تؤمن بالله، وملائكته، وكتبه، ورسله، واليوم الآخر، وتؤمن بالقدر؛ خيره وشره»، قال: «صدقت»، قال: «فأخبرني عن الإحسان»، قال: «أن تعبد الله كأنك تراه، فإن لم تكن تراه، فإنه يراك»، قال: «فأخبرني عن الساعة»، قال: «ما المسؤول بأعلم من السائل»، قال: «فأخبرني عن أماراتها»، قال: «أن تلد الأمة ربتها، وأن ترى الحفاة العراة العالة رعاء الشاء، يتطاولون في البنيان» ثم انطلق فلبث مليًّا، ثم قال: «يا عمر! أتدري من السائل؟»، قلت: "الله ورسوله أعلم"، قال: «فإنه جبريل، أتاكم يعلمكم دينكم»
رواه مسلم.
فوائد من الحديث:
- ذكر أركان الإسلام الخمسة؛ وهي:
- شهادة أن لا إله إلا الله، وأن محمدا رسول الله.
- وإقام الصلاة.
- وإيتاء الزكاة.
- وصوم رمضان.
- وحج بيت الله الحرام.
- ذكر أركان الإيمان، وهي ستة:
- الإيمان بالله.
- وملائكته.
- وكتبه.
- ورسله.
- واليوم الآخر.
- والقدر خيره وشره.
- ذكر ركن الإحسان، وهو ركن واحد، وهو أن تعبد الله كأنك تراه، فإن لم تكن تراه، فإنه يراك.
- وقت قيام الساعة، لا يعلمه إلا الله تَعَالَى.
පිළිතුරු - උමර් බින් අල් හත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී:
“දිනක් අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ වාඩිවී සිටි අතරවාරයේ අප වෙත සුදෝ සුදු ඇඳුමකින් හා කළුවන් හිසකෙස් සහිත මිනිසෙකු පැමිණියේය. ගමනක කිසිදු සළකුණක් ඔහු මත දැක ගන්නට නොවීය. අප අතරින් කිසිවකුත් ඔහුව හඳුනන්නේ ද නැත. අවසානයේ ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත ඔහුගේ දණහිස් දෙක එතුමාගේ දණහිස් දෙකට ළං කර, තම අත්දෙක එතුමාගේ කලවා දෙක මත තබා වාඩි වී මෙසේ විමසීය: ‘අහෝ මුහම්මද්! මට ඉස්ලාමය ගැන තොරතුරු දන්වන්න?’ එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්), ‘ඉස්ලාම් යනු නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයාණන් බවත් ඔබ සාක්ෂි දැරීම, සලාත් ඉටු කිරීම, සකාත් දීම, රමළාන්හි උපවාසය රැකීම, දේව නිවහනෙහි හජ් වන්දනා ඉටු කිරීමට හැකියාව දරන්නේ නම් එහි ගොස් හජ් වන්දනාව ඉටු කිරීම’ යැයි පැවසූහ. ඔහු, ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි පවසා සිටියේය. ඔහු ගැන අපි පුදුමයට පත්වූයෙමු. ඔහු එතුමාණන්ගෙන් විමසයි, එය සත්‍යය යැයි ද පවසයි. ඔහු තවදුරටත්, ‘ඊමානය ගැන තොරතුරු මට දන්වන්න’ යැයි විමසා සිටියේය. එතුමාණෝ, ‘ඔබ අල්ලාහ්, ඔහුගේ මලාඉකාවරු, ඔහුගේ ග්රන්ථ, ඔහුගේ දූතයින් හා අවසන් දිනය විශ්වාස කිරීම හා හොඳ හෝ නරක පෙර නියමයට අනුව සිදුවන බව ඔබ විශ්වාස කිරීමයි’ යැයි පැවසූහ. ඔහු, ‘ඔබ සත්‍යය ප්‍රකාශ කළෙහිය’ යැයි කීය. නැවතත්, ‘මට ඉහ්සාන් ගැන දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුට නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි’ යැයි පැවසූහ. ඔහු, ‘මට අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටින්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘විමසනු ලබන්නාට වඩා විමසන්නා ඒ ගැන මැනවින් දන්නා වේ’ යැයි පැවසූහ. ඔහු, ‘අවසන් දිනයේ සළකුණු ගැන මට දන්වන්න’ යැයි පැවසීය. එතුමාණෝ, ‘වහලියක් තම ස්වාමි පුත්‍රයා බිහි කරනු ඇත. පාවහන් නොමැති නිර්වස්ත්‍ර, එළුවන් බලා ගන්නා එඬේරුන් උස් ගොඩනැගිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරඟ වදිති’ යැයි පැවසූහ. පසුව ඔහු හැරී ගියේය. එතුමාණෝ මදක් රැඳී සිට පසුව මෙසේ විමසූහ: ‘අහෝ උමර්! විමසා සිටි තැනැත්තා කවුරුන්දැයි ඔබ දන්නෙහි ද?’ මම, ‘අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී’ යැයි පැවසුවෙමි. එතුමාණෝ, ‘සැබැවින්ම ඔහු ජිබ්රීල්ය. නුඹලාට නුඹලාගේ දහම ඉගැන්වීම සඳහා ඔහු නුඹලා වෙත පැමිණියේය’ යැයි පැවසූහ.”
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
මෙම නබි වදනෙන් උපුටා ගත් පාඩම්.
1-ඉස්ලාම් අනිවාර්ය කුළුණු පහක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නොමැති බවත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අල්ලාහ්ගේ දූතයාණන් බවත් සාක්ෂි දැරීම.
තවද, සලාත් ඉටු කිරීම,
සකාත් දීම,
රමළාන්හි උපවාසය රැකීම,
ශුද්ධ වූ නිවස වෙත ගොස් හජ් වන්දනා ඉටු කිරීම.
- ඊමාන් හෙවත් විශ්වාසය අනිවාර්ය කුළුණු හයක් මත ඉදි කර ඇති බව සඳහන් වීම.
අල්ලාහ් විශ්වාස කිරීම.
- මලාඉකාවරු (සුර දූතයෝ) ගැන විශ්වාස කිරීම.
- ධර්ම ග්රන්ථ විශ්වාස කිරීම.
- ධර්ම දූතවරු (නබිවරු) ගැන විශ්වාස කිරීම.
- විනිශ්චය දිනය ගැන විශ්වාස කිරීම.
- හොඳ හා නරක සියල්ල අල්ලාහ් විසින් තීරණය කරන බව විශ්වාස කිරීම.
- ඉහ්සාන් හි කුළුණු ගැන සඳහන් කිරීම. එය එක් කුළුණකින් සමන්විත වේ. එය වනාහි: "ඔබ අල්ලාහ්ව දකින්නාක් සේ ඔබ ඔහුව නැමදීමය. එසේ ඔබ ඔහුව නොදුටුවත් සැබැවින්ම ඔහු ඔබව දකියි" යන්නයි.
අවසන් හෝරාව පිළිබඳ දන්වා සිටීම, එහි වේලාව පිළිබඳ අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොදනී.