අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට
මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"උෆෙයිර් නම් බූරුවකු මත නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට පසුපසින් මා වාඩි වී සිටියෙමි. එවිට එතුමාණෝ: අහෝ මුආද්, අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම කුමක් දැයි ඔබ දන්නෙහි ද? යැයි විමසුහ. මම: 'අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඒ ගැන මැනවින් දන්නෝ වෙති' යැයි පැවසුවෙමි. එතුමාණෝ: "අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ, ඔහුට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තැනැත්තන් හට දඬුවම් නොකිරීමය" යැයි පැවසූහ. එවිට මම: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මා මේ ගැන මිනිසුන්ට ශුභාරංචි දන්වා සිටිය යුතු නොවේ ද? යැයි විමසුවෙමි. එතුමාණෝ: ඔවුනට මේ ගැන ශුභාරංචි දන්වා නොසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතැ"යි පවසා සිටියහ.
كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عُفَيْرٌ، فَقَالَ: «يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللَّهِ عَلَى عِبَادِهِ، وَمَا حَقُّ العِبَادِ عَلَى اللَّهِ؟»، قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّ حَقَّ اللَّهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ عَلَى اللَّهِ أَنْ لا يُعَذِّبَ مَنْ لا يُشْرِكُ بِهِ شَيْئًا»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَفَلاَ أُبَشِّرُ بِهِ النَّاسَ؟ قَالَ: «لا تُبَشِّرْهُمْ، فَيَتَّكِلُوا».
අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම හා ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිළි කර සිටියහ. අල්ලාහ්ට හිමි විය යුතු, තම ගැත්තන් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට පමණක් ඔවුන් නැමදුම් කිරීම හා කිසිවක් ඔවුන් ඔහුට ආදේශ නොකිරීමය. සැබැවින්ම ගැත්තන්ට හිමි විය යුතු, අල්ලාහ් මත පැවරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන, ඔහුව ඒකීයත්වයට පත් කරන ඔවුන් හට දඬුවම් නොකිරීමය. පසුව මුආද් තුමා මෙසේ පැවසූහ: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මෙම ආශිර්වාදයෙන් මිනිසුන් සතුටු වනු පිණිසත් ඔවුන් ශුභාරංචි ලබනු පිණිසත් මම ඔවුනට මෙම ශුභාරංචිය දන්වා සිටිය යුතු නොවේ ද?" නමුත් ඔවුන් ඒ මත පමණක් එල්බගෙන සිටිනු ඇතැයි යන බියෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ඔහුව ඉන් වැළැක්වූහ.
...:
තම ගැත්තන් වෙත අනිවාර්යය කරන ලද, අල්ලාහ්ට හිමිවිය යුතු වගකීම පැහැදිලි කිරීම. එය ඔහුට පමණක් නැමදීම හා ඔහුට කිසිවක් ආදේශ නොකිරීමය.
උත්තරීතර අල්ලාහ් තමන්ගෙන් වූ භාග්‍යයක් හා ආශිර්වාදයක් ලෙස තමන් වෙත අනිවාර්යය කර ගත් තම ගැත්තන්ට හිමි විය යුතු අයිතිය පැහැදිලි කිරීම. එනම් ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළු කිරීම හා ඔවුනට දඬුවම් නොකිරීම.
උත්තරීතර අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකර, ඔහු ව ඒකීයත්වයට පත් කරන්නන්ගේ ගමන ස්වර්ගය වෙතැයි අතිමහත් ශුභාරංචියක් මෙහි දක්නට ඇත.
දැනුම වසන් කිරීමේ පාපයට වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් තුමා තමා මිය යන්නට මත්තෙන් මෙම හදීසය දන්වා සිටියහ.
සැබෑ අර්ථය වටහා ගත නොහැකි ජනයා ගැන බියෙන් ඇතැම් හදීස් ඇතැමුන් ඉදිරියේ දන්වා නොසිටිය යුතු බවට අනතුරු ඇඟවීම. එය ඒ යටතේ කිසිදු ක්‍රියාවක් හෝ ෂරීආවෙහි සීමාවක් හෝ නැති දෑහි ය.
දේව ඒකීයත්වය තහවුරු කරන පාපිෂ්ඨයෝ අල්ලාහ්ගේ අභිමතය යටතේ සිටිති. ඔහු අභිමත කළේ නම් ඔවුනට දඬුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමාව දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මඟ ස්වර්ගය වෙත වේ.
සහීහුුල් බුහාරි (4/ 29) (2856).
සහීහ් මුස්ලිම් (1/ 58) (30).
(1/ 627).
තවත් බලන්න (5)
المحكم لابن سيده (10/26).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 203).
فتح الباري (11/340.
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (1/ 623).
عمدة القاري شرح صحيح البخاري (14/ 148).
පොත්වල උපුටා දක්වා ඇත
12 පොත්- ඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණු"අල්ලාහ් වෙනුවෙන් වූ ගැත්තන්ගේ වගකීම් වනාහි, ඔවුන් අල්ලාහ්ට නැමදුම් කිරීම හා කිසිවක් ඔහුට සමාන නොකිරීමය."
- ඉස්ලාමයේ නිවැරදි ඇදහිලි ක්‍රම සහ එයට පටහැනි කරුණුඅල්ලාහ්ට සේවකයන් කෙරෙහි ඇති අයිතිය සහ අල්ලාහ් කෙරෙහි සේවකයන්ට ඇති අයිතිය කුමක්දැයි ඔබ දන්නවාද? එවිට මුආද් මෙසේ පැවසීය: 'අල්ලාහ් සහ ඔහුගේ දූතයා හොඳින්ම දන්නා බව මම පැවැසුවෙමි'. එවිට නබි (සල්ලල්ලාහු අලයිහිව සල්ලම්) තුමාණන් මෙසේ පැවසීය. 'අල්ලා
තවත් බලන්න (10)
- العقيدة الصحيحةدروس العقيدة الصحيحة«فَإِنَّ حَقَّ اللَّهِ عَلَى العِبَادِ: أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ عَلَى اللَّهِ: أَنْ لاَ يُعَذِّبَ مَنْ لَا يُشْرِكُ بِهِ شَيْئًا»
- حراسة التوحيدالعقيدة الصحيحة وما يضادها «حَقُّ اللهِ عَلَى العِبَادِ أَن يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا» [2].
- حراسة التوحيدإقامة البراهين على حكم من استغاث بغير الله«حَقُّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا».
- خذ عقيدتك من الكتاب والسنة الصحيحة«حق العباد على الله أن لا يُعذِّبَ مَن لَا يشركُ به شيئًا»
- كتاب التوحيدكتاب التوحيد للشيخ محمد بن عبد الوهاب" حَقُّ اللهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقُّ الْعِبَادِ عَلَى اللهِ أَنْ لاَ يُعَذِّبَ مَنْ لاَ يُشْرِكُ بِهِ شَيْئًا "،
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1قال: «فإن حق الله على العباد أن يعبدوه ولا يشركوا به شيئًا، وحق العباد على الله ألا يعذب من لا يشرك به شيئًا»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1«حقُّ اللهِ على العِبادِ أنْ يعْبُدُوهُ ولا يُشْرِكُوا بِهِ شيْئًا...»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللهِ عَلَى عِبَادِهِ؟ وَمَا حَقُّ العِبَادِ عَلَى اللهِ؟». قُلْتُ: اللهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ: «فَإِنَّ حَقَّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ ع
- نبراس طالب (3)نبراس طالب 3«يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللهِ عَلَى عِبَادِهِ، وَمَا حَقُّ العِبَادِ عَلَى اللهِ؟»، قُلْتُ: اللهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّ حَقَّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقَّ العِبَادِ ع
- نبراس طالب (3)نبراس طالب 3«فَإِنَّ حَقَّ اللهِ عَلَى العِبَادِ أَنْ يَعْبُدُوهُ وَلاَ يُشْرِكُوا بِهِ شَيْئًا»