Skip to content

ප්රශ්න අංක 16. අල්-ෆලක් (අරුණෝදය)පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الباب / الفصل
قسم التفسير

السؤال

س16: اقرأ سورة الفلق وفسرها.

ප්රශ්න අංක 16. අල්-ෆලක් (අරුණෝදය)පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الجواب

ج:سورة الفلق وتفسيرها:

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ 1

مِن شَرِّ مَا خَلَقَ 2

وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ 3

وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِي ٱلۡعُقَدِ 4

وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ 5﴾

[الفلق: 1-5].

التفسير:

  1. ﴿قُلۡ أَعُوذُ بِرَبِّ ٱلۡفَلَقِ1﴾:

قل - يا أيها الرسول -: أعتصم بربّ الصبح، وأستجير به.

  1. ﴿مِن شَرِّ مَا خَلَقَ2﴾:

من شرّ ما يؤذي من المخلوقات.

  1. ﴿وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ3﴾:

وأعتصم بالله من الشرور التي تظهر في الليل من دواب ولصوص.

  1. ﴿وَمِن شَرِّ ٱلنَّفَّٰثَٰتِ فِي ٱلۡعُقَدِ4﴾:

وأعتصم به من شرّ السواحر اللائي يَنْفُثْن في العُقَد.

  1. ﴿وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ5﴾:

ومن شر حاسد مبغض للناس إذا حسدهم على ما وهبهم الله من نِعَم، يريد زوالها عنهم، وإيقاع الأذى بهم.

පිළිතුර- අල්-ෆලක් (අරුණෝදය) සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

(නබිවරය!) නුඹ පවසනු. අරුණෝදයේ පරමාධිපති වෙතින් මම ආරක්ෂාව පතමි.

ඔහු මැවූ දෑහි හානියෙන් ද,

තවද අඳුර විහිදුණු විට එහි හානියෙන් ද,

තවද ගැට මත පිඹින්නියන්ගේ හානියෙන් ද,

ඊර්ෂ්‍යා කරන්නා ඊර්ෂ්‍යා කළ විට එහි හානියෙන් ද (ආරක්ෂාව පතමි.)

(අල් ෆලක්: 1-5)

අර්ථ විග්රහය:

අහෝ දූතය! ඔබ පවසන්න මම හිමිදිරියේ පරමාධිපතියාණන්ගෙන් ආරක්ෂාව පතමි. ඔහුගෙන් රැකවරණය පතමි.

වේදනා ගෙන දෙන මැවීම්වල හානියෙන් ද

සොර සතුරන් හා සතුන්ගෙන් රාත්රියේදී සිදුවිය හැකි හානියෙන් ද මම අල්ලාහ් වෙත ආරක්ෂාව පතමි.

ගැටමත පිඹ හූනියම් කරන හූනියම් කරුවන් හා හූනියම් කාරියන්ගේ නපුරෙන්ද මම ඔහුගෙන් ආරක්ෂාව පතමි.

තවද, අල්ලාහ් ජනයාට පිරිනමා ඇති භාග්‍යයන් කෙරෙහි ඊර්ෂ්යා කොට, ඒවා ඔවුන්ගෙන් ඉවත් වී යාමටත් ඔවුන්ට හානියක් සිදු කිරීමටත් අපේක්ෂා කරන, ජනයාට වෛර කරන ඊර්ෂ්යා කරන්නා ඊර්ෂ්යා කළ විට එහි හානියෙන්ද (ආරක්ෂාව පතමි).