මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෝලයාට: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පැමිණි විට, ඔහුගෙන් එය නොසලකා හරින්න. අල්ලාහ් අපව (අපගේ පාපකම්) නොසලකා හරිනු ඇත" යැයි පවසා සිටියේය. එලෙස ඔහු අල්ලාහ්ම මුණ ගැසෙයි. අල්ලාහ් ඔහුව නොසලකා හැර පාපක්ෂමාව පිරිනමයි."
«كان رجلٌ يُدَايِنُ الناسَ، فكان يقول لفتاه: إذا أتيتَ مُعسِرًا فتجاوز عنه، لعل اللهَ يَتجاوزُ عنا، فلقي اللهَ فتجاوز عنه».
මිනිසුනට ණය දෙමින් හෝ ඔවුන් සමග ණයට ව්‍යාපාර කරමින් ගනුදෙනු කරන මිනිසෙකු පිළිබඳ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ දැනුම් දුන්හ. ඔහු මිනිසුන් අතර පවතින ණය ලබා ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන සේවකයාට මෙසේ පවසා සිටියි. ණයකාරයකු ඔබ වෙත පැමිණි විට, ඔහුගේ නොහැකියාව නිසාවෙන් ඔහු මත වූ ණය පියවීමට ඔහු සතුව යමක් නැතිනම් "ඔහුගෙන් එය නොසලකා හරින්න" එය එක්කෝ කල්දීමෙන් හා ණය ඉල්ලා හදිස්සි නොකිරීමෙන් හෝ වේ. එක්කො ඔහු සතුව ඇති දෑ හිඟ වුව ද එය භාර ගැනීමෙන් හෝ විය යුතුය. එය අල්ලාහ් ද නොසලකා හැර තමන්ට සමාව දීමේ ආශාව හා කැමැත්ත පෙරදැරි කර ගෙනය. ඔහු මිය ගිය කල්හි අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. ඔහුගේ පාපකම් නොසලකා හරිනු ඇත.
يداين: يكثر من التعامل مع الناس بالدين.
فتاه: غلامه الذي يكلفه بالعمل.
أتيت معسرًا: لمطالبته بما عليه.
මිනිසුන් සමඟ දැහැමි ලෙස කටයුතු කිරීම, ඔවුනට සමාව දීම, ඔවුන් අතර සිටින දුෂ්කරතා ඇත්තන්ගෙන් නොසලකා හැරීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සාර්ථකත්වයට අතිමහත් හේතුවන්ය.
ජනයා සමග යහපත් අයුරින් කටයුතු කිරීම, අල්ලාහ් වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම හා ඔහුගේ කරුණාව අපේක්ෂා කිරීම යනාදිය පාපයන් සමාව ලැබීමේ හේතු සාධක අතරින් වන්නෝය.
සහීහුුල් බුහාරි (4/ 176) (3480).
සහීහ් මුස්ලිම් (3/ 1196) (1562).
තවත් බලන්න (9)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (2/ 458).
التنوير شرح الجامع الصغير.
للصنعاني (8/ 123).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (16/ 402).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
للقاري (5/ 1953).
نزهة المتقين شرح رياض الصالحين (2/ 945).