ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
"ඉස්ලාමය අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය අමුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම නැවත අමුතු දෙයක් ලෙස පෙරළී යනු ඇත. එබැවින් ආගන්තුකයින්ට සුබ ම වේවා!"
«بَدَأَ الْإِسْلَامُ غَرِيبًا، وَسَيَعُودُ كَمَا بَدَأَ غَرِيبًا، فَطُوبَى لِلْغُرَبَاءِ».
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ සඳහන් කළහ: ඉස්ලාමය මිනිසුන් කිහිප දෙනකුගෙන්, පවුලේ සුළු පිරිසකගෙන් අමුතු දෙයක් ලෙස ආරම්භ වූ අතර එය මෙුතු දෙයක් ලෙස ආරම්භ වූවාක් මෙන්ම එය ක්‍රියාත්මක කරන පිරිස අඩුවී නැවත අමුතු දෙයක් ලෙසම පෙරළී යනු ඇත. එවිට එය නාදුනන දෙයක් බවට පත්වනු ඇත. එබැවින් එවන් ආගන්තුකයින්ට සුබ ම වේවා! ඔවුනට සතුට හා නෙත් පිනවන්නක් වේවා!
ඉස්ලාමය පැතිරී එය ප්‍රසිද්ධ වූවායින් පසු එය ආගන්තුක බවට පත් වන බව දැනුම් දීම.
මෙය නබිත්වයේ අනාවැකි අතරින් වූ එක් අනාවැකියකි. සැබැවින්ම තමන්ගෙන් පසු සිදුවන්නට යන දෑ ගැන එතුමා දන්වා ඇති අතර එතුමාණන් දන්වා සිටි පරිදිම එය සිදු වීමය.
ඉස්ලාමය වෙනුවෙන් හා ස්වර්ගය හිමි කර ගැනීමේ අදිටනින් තම දේශය අත්හැර නික්ම යන්නන්ගේ මහිමය.
අල්-ගුරබා (ආගන්තුක ජනයා) යනු මිනිසුන් දූෂිත දෑ සිදු කළ විට ඔවුන් නිවැරදි කරන්නට උත්සාහ දරන්නෝ වෙති. එමෙන්ම මිනිසුනට දූෂණය ඇති කරන දෑ නිවැරදි කරන්නට උත්සාහ දරන්නෝ වෙති.
සහීහ් මුස්ලිම් (1/ 130) (145).
තවත් බලන්න (2)
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (4/ 142).
إكمال المعلم بفوائد مسلم (1/ 456).