අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
«لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ وَالنَّارَ أَرْسَلَ جِبْرِيلَ عَلَيْهِ السَّلَامُ إِلَى الْجَنَّةِ، فَقَالَ: انْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا فَرَجَعَ، فَقَالَ: وَعِزَّتِكَ لَا يَسْمَعُ بِهَا أَحَدٌ إِلَّا دَخَلَهَا. فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالْمَكَارِهِ، فَقَالَ: اذْهَبْ إِلَيْهَا فَانْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا، فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالْمَكَارِهِ، فَقَالَ: وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لَا يَدْخُلَهَا أَحَدٌ. قَالَ: اذْهَبْ فَانْظُرْ إِلَى النَّارِ وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ يَرْكَبُ بَعْضُهَا بَعْضًا، فَرَجَعَ فَقَالَ: وَعِزَّتِكَ لَا يَدْخُلُهَا أَحَدٌ. فَأَمَرَ بِهَا فَحُفَّتْ بِالشَّهَوَاتِ، فَقَالَ: ارْجِعْ فَانْظُرْ إِلَيْهَا. فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ قَدْ حُفَّتْ بِالشَّهَوَاتِ، فَرَجَعَ وَقَالَ: وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لَا يَنْجُوَ مِنْهَا أَحَدٌ إِلَّا دَخَلَهَا».
අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්නා මැවූ කල්හි, ඔහු ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාට 'ඔබ ස්වර්ගයට ගොස් ඒ දෙස බලන්න' යැයි පැවසීය. ඔහු එහි ගොස් ඒ දෙස බලා නැවත හැරී ආවේය. ජිබ්රීල් තුමා මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන් ඒ ගැනත් එහි ඇති සුවපහසුකම්, ගෞරවයන් හා යහපත ගැනත් සවන් දෙන කිසිවකු හෝ වේවා එහි පිවිසීමට ප්‍රිය කරන්නේමය. එමෙන්ම ඒ හේතුවෙන් නැමදුම් ඉටු කරනු ඇත. පසු ව අල්ලාහ් ස්වර්ගය වට කර, නියෝග ක්‍රියාත්මක කිරීම සහ තහනම් දැයින් වැළකී සිටීම යනාදී දුෂ්කරතා සහ අපහසුතා සමඟ එය වෙළා ගත්තේය. එහෙයින් එයට ඇතුළු වීමට කැමති අය එම දුෂ්කරතා පසු කළ යුතුය. පසුව සර්වබලධාරී අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ජිබ්රීල්, දුෂ්කරතා සමග ස්වර්ගය වට කරගත් පසු ඔබ එහි ගොස් ඒ දෙස බලන්න. එවිට ඔහු ගොස් ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පවසයි: අහෝ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි මාර්ගයේ ඇති දුෂ්කරතා හා අසීරුතා හේතුවෙන් කිසිවකු එහි නොපිවිසෙනු ඇතැයි මම බිය වෙමි. අල්ලාහ් අපා ගින්න මැවූ කල්හි: අහෝ ජිබ්රීල්! ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. එවිට ඔහු ගොස් ඒ දෙස බැලුවේය. පසුව ජිබ්රීල් තුමා පැමිණ මෙසේ ප්‍රකාශ කළේය: මාගේ පරමාධිපතියාණනි, ඔබේ ගෞරවයේ නාමයෙන්, එහි ඇති වධ හිංසා, වේදනා සහ අපයෝජන ගැන කිසිවකු හෝ සවන් දුන්නේ නම් ඔහු එහි පිවිසීමට පිළිකුල් කරන්නේමය. ඒවාට අදාළ වන හේතූ සාධකවලින් දුරස් වන්නේමය. පසුව අල්ලාහ් අපාය වට කළේය. ඒ වෙත යන මාර්ගය ආශාවන් හා වින්දනයන්ගෙන් සකස් කළේය. පසුව ඔහු: අහෝ ජිබ්රීල්, ඔබ ගොස් ඒ දෙස බලනු යැයි පැවසීය. ජිබ්රීල් තුමා ගොස් ඒ දෙස බලා පසුව පැමිණ මෙසේ පැවසීය: අහෝ පරමාධිපතියාණනි, ඒ අවට ඇති ආශාවන් හා වින්දනයන් හේතුවෙන් කිසිවකු එයින් ගැලවී නොයනු ඇතැයි මම බිය වෙමි, තැති ගනිමි.
...:
දැන් පවා ස්වර්ගය හා අපාය ඇති බව විශ්වාස කිරීම.
ගුප්ත දෑ පිළිබඳවත් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විසින් ගෙන එන ලද දෑ පිළිබඳවත් විශ්වාස කිරීමේ අනිවාර්යභාවය.
දුෂ්කරතා ඉවසීමෙන් විඳ දරා ගැනීමේ වැදගත්කම. ඊට හේතුව ස්වර්ගය වෙත සේන්දු කරවන මාර්ගය එය වන බැවිනි.
තහනම් කරන ලද දැයින් වැළකී සිටීමේ වැදගත්කම. ඊට හේතුව අපාය වෙත සේන්දු කරවන මාර්ගය එය වන බැවිනි.
ස්වර්ගය දුෂ්කරතාවලින් ද නිරය ආශාවන්ගෙන් ද වට වී තිබීම මෙලොව ජීවිතයේ පරීක්ෂණයේ හා විභාගයේ අවශ්‍යතාව පෙන්වා දෙන්නකි.
ස්වර්ගයේ මාර්ගය දුෂ්කරය, අසීරුය. ඉවසීම හා දේව විශ්වාසයත් සමග විඳ දරා ගැනීම අවශ්‍ය වන්නේය. අපා ගින්නේ මාර්ගය මෙලොව ආශාවන් හා වින්දනයන්ගෙන් පිරී පවතී.
සුනන් අබූ දාවූද් (7/ 122) (4744).
සුනන් අත් තිර්මිදි (4/ 319) (2560).
සුනන් අන් නසාඊ (7/ 3) (3763).
).
තවත් බලන්න (4)
شرح سنن أبي داود للعباد (537/ 15).
حاشية السندي على سنن النسائي (7/ 3).
فتح الباري (18/317).
ذخيرة العقبى في شرح المجتبى (30/276).