ගැබ් ගැනීමේ ආරම්භයේ දී හදිසි අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක්, අධික රුධිර වහනයකින් පසු කලලරූපය ගබ්සා වූ විට, ඇයට උපවාසය අත්හැරීමට අවසර තිබේ ද? එසේ නැතහොත් ඇය දිගටම උපවාසය පවත්වාගෙන යා යුතු ද? ඇය උපවාසය කඩ කළහොත් ඇයට පාපයක් සිදු වේද?
السؤال
ප්‍රශ්ණය 1.
ගැබ් ගැනීමේ ආරම්භයේ දී හදිසි අනතුරකින් තුවාල ලැබූ කාන්තාවක්, අධික රුධිර වහනයකින් පසු කලලරූපය ගබ්සා වූ විට, ඇයට උපවාසය අත්හැරීමට අවසර තිබේ ද? එසේ නැතහොත් ඇය දිගටම උපවාසය පවත්වාගෙන යා යුතු ද? ඇය උපවාසය කඩ කළහොත් ඇයට පාපයක් සිදු වේද?
س28: امرأةٌ أصيبت في حادثةٍ، وكانت في بداية الحمل، فأسقطت الجنين إثر نزيفٍ حادٍّ، فهل يجوز لها أن تفطر، أو تواصل الصّيام؟ وإذا أفطرت فهل عليها إثمٌ؟
الجواب
පිළිතුර 1:
අප පවසා සිටිනුයේ, ඇත්තෙන්ම ගර්භණී මාතාවකට ඔසප් තත්ත්වය ඇති වන්නේ නැත. ඉමාම් අහ්මද් පවසන පරිදි, කාන්තාව ගැබ් ගෙන ඇති බවට හඳුනා ගන්නේ ඔසප් තත්ත්වය නතර වීමෙනි. විද්වතුන් පවසන පරිදි ඔසප් තත්ත්වය යනු මව් කුසෙහි වැඩෙන කළලයට පෝෂණය ලැබීමේ ප්‍රඥාව මත පදනම් ව උත්තරීතර අල්ලාහ් එය මවා ඇති බවයි.
නමුත්, ඇතැම් කාන්තාවන්ට සුපුරුදු පරිදි ගැබ් ගැනීමට පෙර තිබූ පරිද්දෙන් ම ඔසප් තත්ත්වය දිගටම පැවතිය හැක. ඇයගේ මෙම ඔසප් තත්ත්වය නියම ඔසප් තත්ත්වයක් බව තීන්දු කෙරෙයි. ඇයට ඔසප් තත්ත්වය දිගටම පැවතුණ ද, ගැබ් ගැනීමෙන් බලපෑමක් ඇයට ඇති කළේ නැත. එවිට ගර්භනී තත්ත්වයේ නොසිටි අවස්ථාවෙහි ඔසප් තත්ත්වයට පත් වීමෙන් තහනම් කර ඇති සියලු දැයින් ඇය වැළකී සිටිය යුතු; නියම කළ සියලු අනිවාර්යය දෑ සිදු කළ යුතු; මඟ හැරිය යුතු දෑ මඟ හැරිය යුතු තත්ත්වයක් මෙම ඔසප් තත්ත්වය ද උදා කරයි.
සාරාංශය: ගර්භණී මාතාවකගෙන් වහනය වන රුධිරය වර්ග දෙකකි.
- ඔසප් තත්ත්වය බව තීන්දු කරන වර්ගය; එනම් ගර්භණී තත්ත්වයට පෙර පැවති තත්ත්වය මෙන් අඛණ්ඩව එය පැවතීමයි. එයින් අර්තය වනුයේ: ගැබ් ගැනීම එයට බලපෑමක් සිදු කර නොමැති බවයි. ඒ අනුව එය ඔසප් තත්තවය වේ.
දෙවන වර්ගය: හදිසි අනතුරක ප්‍රතිඵලයක් ලෙස හෝ යමක් ඔසවා රැගෙන යෑම හෝ යම් තැනකින් වැටීම හෝ එවැනි වෙනත් හේතුවක් මත ගර්භණී සමයේදී සිදුවන රුධිර වහනය. මෙය ඔසප් තත්ත්වයේ ඇතිවන රුධිර වහනය නොව, සැබැවින්ම එය රුධිර දහඩියයි.
ඒ අනුව එය සලාතය හෝ උපවාසය හෝ ඇයට තහනම් නොකරන අතර ඇය පිරිසිදුභාවයේ නීතිය යටතේ ඇතුලත් වේ.
නමුත් හදිසි අනතුරකින් දරුවා ඉවත් කිරීමට හෝ ඇගේ කුසේ නිර්මාණය වූ ගැබ්භාවය ඉවත් කිරීමට හෝ අනිවාර්යය වූ විට, විද්වතුන් පවසන පරිදි, එය මිනිස් හැඩය පැහැදිලිව පවතින තත්ත්වයක ගබ්සා වූයේ නම් එය ගබ්සා වීමෙන් පසු වහනය වන රුධිරය, පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු වහනය වන රුධිර තත්ත්වය ලෙස සළකනු ලබන බවයි. එහිදී ඇය සලාතය හා උපවාසය අත්හරින අතර ඇය පිරිසිදු තත්ත්වයට පත්වන තෙක් ඇගේ ස්වාමියා ලිංගික ඇසුරෙන් ඈත්ව සිටියි.
එම කලලය මිනිස් හැඩයකින් තොරව බැහැර වූයේ නම් එය පශ්චාත් දරු ප්‍රසූතියෙන් පසු හට ගැනෙන රුධිරය ලෙස සළකනු නොලැබේ. එය රෝගී රුධිර වහනයකි. මෙය සලාතයෙන් හෝ උපවාසයෙන් හෝ වෙනත් නැමදුම්වලින් ඇයව වළක්වන්නේ නැත.
විද්වතුන් මෙසේ පවසයි: මිනිස් හැඩය පැහැදිලිව ගන්නට ගතවන අවම කාලය දින අසූ එකකි. හේතුව කළලයක් තම මව් කුසෙහි හට ගන්නා ආකාරය මෙසේය.
අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි. අල්ලාහ්ගේ දූතයාණෝ අපට මෙසේ පැවසූහ. එතුමා අවංක හා සත්‍යවාදී අයකු වූහ. “සැබැවින්ම ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහුගේ මැවීම ඔහුගේ මවගේ කුස තුළ දින හතළිහක් ශුක්‍රාණු බිඳුවක් සේ එක්කාසු කරනු ලැබේ. පසුව එය (කූඩැල්ලෙකු සේ) ඒ හා සමාන කාලයක් එල්ලෙමින් පවතින මස් කැබැල්ලක් බවට පත් වේ. පසුව එය ඒ හා සමාන කාලයක් මස් ගොබයක් බවට පත් වේ. පසුව ඒ වෙත දේව දූතයකු එවනු ලැබ ඔහු විසින් එහි ප්‍රාණය පිඹිනු ලබයි. ඔහුගේ පෝෂණය, ඔහුගේ ක්‍රියාව, ඔහුගේ ආයු කාලය හා ඔහු භාග්‍ය වන්තයකු ද එසේ නැතිනම් අභාග්‍යවන්තයකු ද යනාදී නියමයන් හතරක් නියම කරනු ලබයි."
ඊට පෙර මිනිස් හැඩ ගැන්වීමක් සිදු විය නොහැකිය. ඇතැම් විද්වතුන් පවසන පරිදි බොහෝ විට මිනිස් හැඩ ගැන්වීම දින අනුවකට පෙර පැහැදිලිව නොපෙනන බවයි.
ﺟ28: نقول: إن الحامل لا تحيض، كما قال الإمام أحمد:
"إنما تعرف النّساء الحمل بانقطاع الحيض".
والحيض -كما قال أهل العلم- خلقه الله تبارك وتعالى لحكمة غذاء الجنين في بطن أمّه، فإذا نشأ الحمل انقطع الحيض.
لكن بعض النّساء قد يستمرّ بها الحيض على عادته كما كان قبل الحمل، فهذه يحكم بأن حيضها حيضٌ صحيحٌ؛ لأنه استمر بها الحيض، ولم يتأثر بالحمل، فيكون هذا الحيض مانعًا لكلّ ما يمنعه حيض غير الحامل، وموجبًا لـما يوجبه، ومسقطًا لـما يسقطه.
والحاصل: أن الدم الّذي يخرج من الحامل على نوعين:
نوعٌ يحكم بأنه حيضٌ، وهو الّذي استمر بها كما كان قبل الحمل، فمعنى ذلك: أن الحمل لم يؤثّر عليه، فيكون حيضًا.
والنوع الثاني: دمٌ طرأ على الحمل طروءًا، إما بسببٍ حادثٍ، أو حمل شيءٍ، أو سقوطٍ من شيءٍ ونحوه، فهذه دمها ليس بحيضٍ، وإنما هو دم عرقٍ،
وعلى هذا فلا يمنعها من الصلاة، ولا من الصوم، بل هي في حكم الطاهرات.
ولكن إذا لزم من الحادث أن ينزل الولد أو الحمل الذي في بطنها فإنها على ما قال أهل العلم: إن خرج وقد تبين فيه خلق إنسانٍ فإن دمها بعد خروجه يعدّ نفاسًا، تترك فيه الصلاة والصوم، ويتجنبها زوجها حتى تطهر.
وإن خرج الجنين وهو غير مخلّقٍ فإنه لا يعتبر دم نفاسٍ، بل هو دم فسادٍ، لا يمنعها من الصلاة، ولا من الصّيام، ولا من غيرهما.
قال أهل العلم: وأقلّ زمنٍ يتبين فيه التخليق: واحدٌ وثمانون يومًا؛ لأن الجنين في بطن أمّه، كما قال عبد الله بن مسعودٍ رضي الله عنه: حدثنا رسول الله ﷺ وهو الصادق المصدوق، فقال:
«إِنَّ أَحَدَكُمْ يُجْمَعُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يُبْعَثُ إِلَيْهِ الْمَلَكُ، وَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ، فَيُكْتَبُ رِزْقُهُ، وَأَجَلُهُ، وَعَمَلُهُ، وَشَقِيٌّ أَوْ سَعِيدٌ» [1]،
ولا يمكن أن يخلق قبل ذلك، والغالب أن التخليق لا يتبين قبل تسعين يومًا، كما قال بعض أهل العلم.
[10] رواه البخاري، كتاب أحاديث الأنبياء، باب خلق آدم وذريته (3333)، ومسلم، كتاب القدر، باب كيفية خلق الآدمي في بطن أمه (1) (2643).