මම වසරකට පෙර, තුන්වන මාසයේ ගබ්සා වූ කාන්තාවක් වෙමි. පිවිතුරු වන තුරු මම සලාත් ඉටු නොකළෙමි, 'ඔබ යාච්ඤා කළ යුතුව තිබිණි' යැයි මට කියනු ලැබීය. මා සිදු කළ යුත්තේ කුමක් ද? නියමිත දින ගණන් පවා හරියටම මම නොදනිමි.
السؤال
ප්රශ්ණය 1.
මම වසරකට පෙර, තුන්වන මාසයේ ගබ්සා වූ කාන්තාවක් වෙමි. පිවිතුරු වන තුරු මම සලාත් ඉටු නොකළෙමි, 'ඔබ යාච්ඤා කළ යුතුව තිබිණි' යැයි මට කියනු ලැබීය. මා සිදු කළ යුත්තේ කුමක් ද? නියමිත දින ගණන් පවා හරියටම මම නොදනිමි.
س29: أنا امرأةٌ أسقطت في الشهر الثالث منذ عامٍ، ولم أصلّ حتى طهرت، وقد قيل لي: كان عليك أن تصلّي. فماذا أفعل، وأنا لا أعرف عدد الأيام بالتحديد؟
الجواب
පිළිතුර 1:
විද්වතුන් අතර ප්රචලිත අදහස වනුයේ: කාන්තාවක් ගැබ්ගෙන තුන්වන මාසයේ ගබ්සාව සිදු වූ විට ඇය සලාතය ඉටු නොකරයි. ඊට හේතුව එම කාන්තාව කලලය හළන විට මිනිස් හැඩය එහි පැහැදිලිව පෙනෙන්නට තිබෙන බැවිනි. ඒ හේතුවෙන් වහනය වන රුධිරය පශ්චාත් ප්රසූත තත්ත්වයේ වහනය වන රුධිරය ලෙස සැලකේ. එහිදී ඇය සලාත් ඉටු නොකරයි.
විද්වත්හු මෙසේ පවසති: කළලයක මිනිස් හැඩය පැහැදිලිව දකින්නට පුළුවන් වනුයේ දින අසූ එකක් එයට පූර්ණ වූ විටය. මෙය මාස තුනට වඩා අඩු කාලයකි. මාස තුනක කාලය තුළ කළලය ගබ්සාව සිදුවු බවට ඇයට ස්ථීර වූයේ නම් සැබැවින්ම ඇයට හට ගෙන ඇත්තේ රෝගී රුධිර වහනයකි. ඒ හේතුවෙන් සලාත් අත් නොහැරිය යුතුය.
මෙම ප්රශ්ණය අසන තැනැත්තිය තමා තුළ මෙනෙහි කර ගත යුත්තේ, දින අසූවකට පෙර එම කළලය වැටී ඇත්නම් ඇය සලාතය ඉටු කළ යුතු වේ. එමෙන්ම ඇය අත්හැරිය ප්රමාණය කොතරම් දැයි නොදන්නා විටෙක, මෙසේ කටයුතු කරයි.
එවිට ඇය තක්සේරු කරයි. විමර්ශණය කරයි. තමන් සලාත් ඉටු නොකළ බවට ඇය අනුමාන කළ දෑ නැවත ඉටු කරයි.
ﺟ29: المعروف عند أهل العلم: أن المرأة إذا أسقطت لثلاثة أشهرٍ فإنها لا تصلّي؛ لأن المرأة إذا أسقطت جنينًا قد تبين فيه خلق إنسانٍ فإن الدم الّذي يخرج منها يكون دم نفاسٍ لا تصلّي فيه.
قال العلماء: ويمكن أن يتبين خلق الجنين إذا تم له واحدٌ وثمانون يومًا، وهذه أقلّ من ثلاثة أشهرٍ، فإذا تيقنت أنه سقط الجنين لثلاثة أشهرٍ فإن الذي أصابها يكون دم فسادٍ، لا تترك الصلاة من أجله.
وهذه السائلة عليها أن تتذكر في نفسها، فإذا كان الجنين سقط قبل الثمانين يومًا فإنها تقضي الصلاة، وإذا كانت لا تدري كم تركت؟
فإنها تقدّر، وتتحرى، وتقضي على ما يغلب عليه ظنّها أنها لم تصلّه.