විමසන්නියක් මෙසේ විමසා සිටියි: සැබැවින්ම, එක්තරා කාන්තාවක් උපවාසය ඇයට අනිවාර්යය වූ දා පටන් ඇය රමළාන් මාසයේ උපවාසයේ නිරත වෙයි. නමුත් මාසික ඔසප් චක්රය හේතුවෙන් තමන් අත්හළ දින ගණන් පිළිබඳ නොදැනුවත්කම නිසාවෙන්, එසේ ඇය අත්හළ දින ගණනාවක උපවාසය නැවත ඉටු කර නැත. දැන් ඇය සිදු කළ යුත්තේ කුමක්දැ?යි ඇයට මඟ පෙන්වන ලෙස ඇය ඉල්ලා සිටියි.
- الموضوعات
- الصياممفسدات الصومالصياموقت القضاء وحكم تأخيرهالطهارةأحكام الحيض والنفاسالصلاةمبطلات الصلاة
السؤال
ප්රශ්ණය 1.
විමසන්නියක් මෙසේ විමසා සිටියි: සැබැවින්ම, එක්තරා කාන්තාවක් උපවාසය ඇයට අනිවාර්යය වූ දා පටන් ඇය රමළාන් මාසයේ උපවාසයේ නිරත වෙයි. නමුත් මාසික ඔසප් චක්රය හේතුවෙන් තමන් අත්හළ දින ගණන් පිළිබඳ නොදැනුවත්කම නිසාවෙන්, එසේ ඇය අත්හළ දින ගණනාවක උපවාසය නැවත ඉටු කර නැත. දැන් ඇය සිදු කළ යුත්තේ කුමක්දැ?යි ඇයට මඟ පෙන්වන ලෙස ඇය ඉල්ලා සිටියි.
س30: سائلةٌ تقول: إنها منذ وجب عليها الصّيام وهي تصوم رمضان، ولكنها لا تقضي صيام الأيام التي تفطرها بسبب الدورة الشهرية، ولجهلها بعدد الأيام التي أفطرتها، فهي تطلب إرشادها إلى ما يجب عليها فعله الآن.
الجواب
පිළිතුර 1:
මෙවන් සිදුවිම් දේවත්වය පිළිබඳ විශ්වාසය තබා ඇති කාන්තාවන් අතර සිදු වීම අප දුකට පත් කරවන කරුණකි. එහෙයින් මෙම මඟ හැරීම -ඉන් අදහස් කරනුයේ තමන්ට අනිවාර්යය වූ උපවාසය නැවත කිරීම අත්හැර දැමීම- එය නොදැනුවත් කමින් සිදු වුව ද නොසැකිලිමත් කමින් සිදු වුව ද, ඒ දෙකම විපාක ගෙන දෙනු ඇත. නොදැනුවත් කමට ප්රතිකාරය දැනුම ලැබීම හා ප්රශ්ණ කිරීමය.
නොසැළකිලිමත් කමට ප්රතිකාරය සර්වබලධාරී අල්ලාහ් පිළිබඳ බිය බැතියෙන් කටයුතු කිරීම, ඔහු ගැන නිතර මතක් කිරීම, ඔහුගේ දඬුවමට බිය වීම, සහ ඔහු පිළිගන්නා කරුණු වෙත යුහුසුළුව යොමු වීම.
මෙම කාන්තාව තමන් සිදු කළ දෑ ගැන අල්ලාහ් ඉදිරියේ පශ්චාත්තාප වී සමාව අයැද සිටිය යුතුය. තමන් අත්හැරිය දින ගණන් තමන්ට හැකිපමණින් ගණන් බලා ඒවා නැවත ඉටු කළ යුතුය. ඇය එම වගකීමෙන් නිදහස් වනුයේ එතුළිනි. ඇයගේ පාපක්ෂමාව අල්ලාහ් පිළිගනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
ﺟ30: يؤسفنا أن يقع مثل هذا بين نساء المؤمنين، فإن هذا الترك -أعني: ترك قضاء ما يجب عليها من الصّيام- إما أن يكون جهلًا، وإما أن يكون تهاونًا، وكلاهما مصيبةٌ؛ لأن الجهل دواؤه العلم والسّؤال،
وأما التهاون فإن دواءه تقوى الله عز وجل، ومراقبته، والخوف من عقابه، والمبادرة إلى ما فيه رضاه.
فعلى هذه المرأة أن تتوب إلى الله مما صنعت، وأن تستغفر، وأن تتحرى الأيام التي تركتها بقدر استطاعتها فتقضيها، وبهذا تبرأ ذمتها، ونرجو أن يقبل الله توبتها.