ප්රශ්න අංක 14. සූරා අල්-මසද් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
- الباب / الفصل
- قسم التفسير
السؤال
س١٤: اقرأ سورة المسد وفسرها.
ප්රශ්න අංක 14. සූරා අල්-මසද් පරිච්ඡේදය පාරායනය කර එය අර්ථවිවරණය කරන්න?
الجواب
ج:سورة المسد وتفسيرها:
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
﴿تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ 1
مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ 2
سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ 3
وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ 4
فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ 5﴾
[المسد: ١-٥].
التفسير:
- ﴿تَبَّتۡ يَدَآ أَبِي لَهَبٖ وَتَبَّ1﴾:
خسرت يدا عم النبي صلى الله عليه وسلم، أبي لهب بن عبد المطلب بخسران عمله؛ إذ كان يؤذي النبي صلى الله عليه وسلم، وخاب سعيه.
- ﴿مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ2﴾:
أيّ شيء أغنى عنه ماله وولده؟ لم يدفعا عنه عذابًا، ولم يجلبا له رحمة.
- ﴿سَيَصۡلَىٰ نَارٗا ذَاتَ لَهَبٖ3﴾:
سيدخل يوم القيامة نارًا ذات لهب، يقاسي حرّها.
- ﴿وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ4﴾:
وستدخلها زوجته أم جميل التي كانت تؤذي النبي صلى الله عليه وسلم، بإلقاء الشوك في طريقه.
- ﴿فِي جِيدِهَا حَبۡلٞ مِّن مَّسَدِۭ5﴾:
في عنقها حبل مُحْكَم الفَتْل تساق به إلى النار.
පිළිතුර- අල්-මසද් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.
අබූ ලහබ්ගේ දෑත් විනාශ වේවා! ඔහු ද විනාශ වේවා!
ඔහුගේ ධනය ද ඔහු ඉපැයූ දෑ ද ඔහුට ඵලක් ගෙන දුන්නේ නැත.
මතුවට ඔහු අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත.
(ඔහු ද) දර උසුලන්නියක් වූ ඔහුගේ බිරිය ද (අග්නි ජාලාවෙන් යුත් නිරයට පිවිස දැවෙනු ඇත).
ඇයගේ ගෙලෙහි ඉඳි කෙඳිවලින් ඇඹරූ කඹයකි.
(අල්-මසද්:1-5)
අර්ථ විග්රහය:
නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාගේ මහප්පා කෙනකු වූ, අබ්දුල් මුත්තලිබ්ගේ පුත් අබූ ලහබ් නබි තුමාණන්ට හිංසා හා වේදනා ගෙන දෙමින් කටයුතු කළ ආකාරය හේතුවෙන් ඔහුගේ දෑත් විනාශයට පත් විය. ඔහු හරිහම්බ කළ දෑද විනාශ වී ගියේය.
ඔහුගේ ධනය හෝ ඔහුගේ දරුවන් අතරින් කවර කරුණක් හෝ ඔහුව මුදවා ගන්නට ඔහුට ප්රයෝජනවත් වූයේද? ඔහුව දඬුවමින් මුදවාලන්නට ඒ දෙක ඉදිරිපත් වූයේ නැත. එමෙන්ම ඔහුට ඒ දෙක ආශිර්වාදය ගෙන දුන්නේද නැත.
අග්නි ජාලාවෙන් යුත් ගින්නට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඔහු පිවිසෙනු ඇත. එහි උෂ්ණයෙන් ඔහු තැවෙනු ඇත.
නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන් යන එන මඟ කටු අතු දමමින් එතුමාණන්ව හිංසාවට ලක් කළ ඔහුගේ බිරිය වූ උම්මු ජමීල්ද නිරයට පිවිසෙනු ඇත.
නිරයට ඇදගෙන යන ඉඳි කෙඳිවලින් අඹරා සාදන ලද කඹයක් ඇයගේ ගෙලෙහි තිබෙනු ඇත.