Skip to content

ප්රශ්න අංක 13. අන්-නස්ර් (උපකාරය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الباب / الفصل
قسم التفسير

السؤال

س١٣: اقرأ سورة النصر وفسرها.

ප්රශ්න අංක 13. අන්-නස්ර් (උපකාරය) පරිච්ඡේදය පාරායනය කර එය අර්ථ විග්රහය කරන්න.?

الجواب

ج:سورة النصر وتفسيرها:

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

﴿إِذَا جَآءَ نَصۡرُ ٱللَّهِ وَٱلۡفَتۡحُ 1

وَرَأَيۡتَ ٱلنَّاسَ يَدۡخُلُونَ فِي دِينِ ٱللَّهِ أَفۡوَاجٗا 2

فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَٱسۡتَغۡفِرۡهُۚ إِنَّهُۥ كَانَ تَوَّابَۢا 3﴾

[النصر: ١-٣].

التفسير:

  1. ﴿إِذَا جَآءَ نَصۡرُ ٱللَّهِ وَٱلۡفَتۡحُ1﴾:

إذا جاء نصر الله لدينك - أيها الرسول - وإعزازه له، وحدث فتح مكة.

  1. ﴿وَرَأَيۡتَ ٱلنَّاسَ يَدۡخُلُونَ فِي دِينِ ٱللَّهِ أَفۡوَاجٗا2﴾:

ورأيت الناس يدخلون في الإسلام وفدًا بعد وفدٍ.

  1. ﴿فَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ وَٱسۡتَغۡفِرۡهُۚ إِنَّهُۥ كَانَ تَوَّابَۢا3﴾:

فاعلم أن ذلك علامة على قرب انتهاء المهمة التي بُعِثْتَ بها، وعلى قرب انتهاء أجلك ولقائك بربك، فسبِّح بحمد ربك، شكرًا له على نعمة النصر والفتح، واطلب منه المغفرة، إنه كان توابًا يقبل توبة عباده، ويغفر لهم.

අන්-නස්ර් පරිච්ඡේදය සහ එහි අර්ථ විග්රහය.

අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි.

අල්ලාහ්ගේ උපකාරය හා (මක්කා) ජයග්‍රහණය පැමිණි විට ද,

තවද අල්ලාහ්ගේ දහමට ජනයා කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දකින විට ද,

නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් ඔහුව පිවිතුරු කරනු. තවද ඔහුගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලී ය.

(අන් නස්ර්: 1-3)

අර්ථ විග්රහය:

අහෝ දූතය! ඔබේ දහමට අල්ලාහ්ගේ උපකාරය පැමිණ, එය ගෞරවයට පත් වී, මක්කාහ් ජයග්රහණය සිදු වන විට,

කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය.

ඔබ කවර වැදගත් කරුණකට එවනු ලැබුවේද එම කටයුත්ත අවසන් වී ඇති බවටත්, ඔබගේ ආයු කාලය අවසන් වී ඔබගේ පරමාධිපති හමුවීම ආසන්න වී ඇති බවටත් මෙය සළකුණක් බව දැන ගන්න. එබැවින් උපකාරය හා ජයග්‍රහණය ආශිර්වාද කළ ඔබගේ පරමාධිපතිට කෘතඥවනු පිණිස ඔහුගේ ප්‍රශංසාවෙන් ඔබ ඔහුව පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයැද සිටිනු. ඔහු තම ගැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙන්නාය.