Skip to content

ප්රශ්න අංක 22: සලාතයක මූලිකාංග මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س٢٢: ما أركان الصلاة؟

ප්රශ්න අංක 22: සලාතයක මූලිකාංග මොනවාද?

الجواب

ج:هي أربعة عشر ركنًا، كما يلي:

  • أحدها: القيام في الفرض على القادر.

لحديث عمران بن حصين رضي الله عنه، عن النبي صلى الله عليه وسلم:

«صل قائمًا، فإن لم تستطع فقاعدًا، فإن لم تستطع فعلى جنب»

رواه البخاري.

  • تكبيرة الإحرام، وهي: "الله أكبر".

لقوله عليه الصلاة والسلام:

«إذا قمت إلى الصلاة فكبر»

متفق عليه.

  • قراءة الفاتحة.

«لا صلاة لمن لم يقرأ بفاتحة الكتاب»

  • الركوع، ويمد ظهره مستويًا ويجعل رأسه حياله.

الرفع منه.

  • الاعتدال قائمًا.

لقوله صلى الله عليه وسلم:

«ثم اركع حتى تطمئن راكعًا، ثم ارفع حتى تعتدل قائمًا»

  • السجود، وتمكين جبهته، وأنفه، وكفيه، وركبتيه، وأطراف أصابع قدميه من محل سجوده.
  • الرفع من السجود.
  • الجلوس بين السجدتين.

«ثم اسجد حتى تطمئن ساجدًا، ثم ارفع حتى تطمئن جالسًا»

والسُّنَّة: أن يجلس مفترشًا على رجله اليسرى، وينصب اليمنى، ويوجهها إلى القبلة.

لحديث أم المؤمنين عائشة رضي الله عنها:

«وكان يفرش رجله اليسرى، وينصب رجله اليمنى»

رواه مسلم.

  • الطمأنينة، وهي السكون في كل ركن فعلي.
  • التشهد الأخير.

لحديث ابن مسعود رضي الله عنه قال:

كنا نقول في الصلاة قبل أن يفرض التشهد.

رواه النسائي وأصله في الصحيحين.

  • الجلوس له.
  • التسليمتان، وهو أن يقول مرتين: "السَّلام عليكم ورحمة الله".

لحديث:

«أنه كان يسلم عن يمينه وعن يساره: السلام عليكم ورحمة الله، السلام عليكم ورحمة الله»

رواه الترمذي وغيره.

  • ترتيب الأركان -كما ذكرنا-، فلو سجد مثلًا قبل ركوعه عمدًا؛ بطلت صلاته، وسهوًا؛ لزمه الرجوع ليركع، ثم يسجد.

සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංග 14 ක් තිබේ.

පළමුව- අනිවාර්ය සලාතයකදී නැගීට සිටිමට ශක්තිය ඇත්තා නැගිට සිටිමින් සලාතය ඉටු කිරීම.

එය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගෙන් ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද මෙම හදීසයට අනුව වේ:

“ඔබ නැගිට සලාතය ඉටු කරන්න. නමුත් ඔබට නොහැකි නම් වාඩි වී ඉටු කරන්න. එයට ද නොහැකි නම් ඉල පැත්තට ඇළවී ඉටු කරන්න.” යැයි පැවසූහ.

(මූලාශ්රය: බුහාරි)

"අල්ලාහු අක්බර්" යනුවෙන් ආරම්භ තක්බීරය පැවසීම.

එය එතුමාගේ (එතුමා කෙරෙහි ශාන්තිය හා සමාදානය උදාවේවා) මෙම ප්රකාශය හේතුවෙනි:

""ඔබ සලාතය සඳහා සූදානම් වූ විට තක්බීර් පවසන්න.""

බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.

සූරතුල් ෆාතිහා පාරායනය කිරීම.

“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”

(සෑම රකඅතයකම) රුකූඋ කිරීම. කොන්ද සමතලා කර (දෑත් දණහිස් මත තබා) ඔහුගේ හිස ඒ(කිබ්ලා) දෙසට හරවන තෙක් නැමිය යුතුය.

එහි සිට නැගිට සිටීම.

අල් ඉඃතිදාල් හෙවත් රුකූඋ ඉරියව්වෙන් නැගිට ආරම්භයේ මෙන්ම ඍජු ව සිට ගැනීම.

එය සාධක වන වස් මුහම්මද් නබි තුමා මෙසේ දෙසූහ:

""පසු ව නුඹලා රුකූඋ තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් රුකූඋ කරනු, පසු ව ඍජු ව සිටගන්නා තෙක් නැගී සිටිනු.""

සුජූද් කිරීම- සුජූද් කිරීමේ දී නළල, නාසය, අත්ල දෙක, දණහිස් දෙක, දෙපා ඇඟිලි පොළොව මත තබා සුජූද් කිරීම අවශ්ය වේ.

සුජූද් තත්ත්වයෙන් නැගිටීම.

සුජූද් දෙක අතර වාඩි වී සිටීම.

«පසු ව නුඹලා සුජූද් තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් සුජූද් කරනු. පසු ව නුඹලා වාඩි වන තත්ත්වයේ (නියම අයුරින්) රැඳෙන තෙක් නැගිට වාඩි වනු.»

මෙහිදී සුන්නත් වූ ක්රමය - ඉෆ්තිරාෂ් ක්රමයට හිඳ ගැනීම. එනම්, වම් කකුල මත වාඩි වී දකුණු පාදය සිටුවා තබා ගැනීම සහ තම දෑත් කලව මත තබා කිබ්ලා දෙසට හැරී (වාඩිවී) සිටීම.

එය දේවත්වය විශ්වාස කරන්නන්ගේ මාතාවක් වන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියගේ හදීසයකට අනුවය.

එතුමා වම් කකුල අතුරා දකුණු කකුල සිටුවා තැබූහ.

මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.

පෙර සඳහන් කළ සෑම ඉරියව්වකම මදක් සන්සුන්ව රැඳී සිටීම.

අවසන් තෂහ්හුදය ප්රකාශ කිරීම.

ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලද හදීසයේ මෙසේ සඳහන් වේ:

තෂහ්හුද් අනිවාර්ය කිරීම ට පෙර සලාතයේ දී අපි පැවසුවෙමු.

ඉමාම් නසාඊ එය වාර්තා කර ඇති අතර එහි මූලය සහීහ් ග්‍රන්ථ දෙකෙහි සඳහන් වේ.

එහි වාඩි වී සිටීම.

" අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් " යනුවෙන් දෙවරක් කීම.

එය මෙම හදීසයට අනුව වේ:

«එතුමා 'අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්, අස්සලාමු අලයිකුම් ව රහ්මතුල්ලාහ්' යැයි පවසමින් දකුණු දෙසටත් වම් දෙසටත් සලාම් පවසයි.»

මෙය ඉමාම් තිර්මිදි විසින් දන්වා ඇත.

  • මෙහි අප සඳහන් කළ ආකාරයට මූලිකාංගයන් අනු පිළිවෙළින් ඉටු කිරීම. උදාහරණයක් ලෙස: කෙනෙකු විසින් රුකූඋ කිරීමට පෙර හිතාමතාම සුජූද් කළේ නම් සලාතය අවලංගු වේ. නොදැනුවත්ව කළා නම් නැවත රුකූඋ කර පසුව සුජූද් කිරීම අවශ්‍ය වේ.