Skip to content

ප්රශ්න අංක 23: සලාතයේ අනිවාර්ය කරුණු (වාජිබාත්) කීයක් තිබේද? ඒවා මොනවාද?

الباب / الفصل
قسم الفقه

السؤال

س23: ما هي واجبات الصلاة؟

ප්රශ්න අංක 23: සලාතයේ අනිවාර්ය කරුණු (වාජිබාත්) කීයක් තිබේද? ඒවා මොනවාද?

الجواب

ج:واجبات الصلاة، وهي ثمانية، كما يلي:

  1. التكبيرات غير تكبيرة الإحرام.
  2. قول: «سمع الله لمن حمده» للإمام وللمنفرد.
  3. قول: «ربنا ولك الحمد».
  4. قول: «سبحان ربي العظيم» مرة في الركوع.
  5. قول: «سبحان ربي الأعلى» مرة في السجود.
  6. قول: «رب اغفر لي» بين السجدتين.
  7. التشهد الأول.
  8. الجلوس للتشهد الأول.

පිළිතුර- සලාතයක අනිවාර්ය කරුණු අටකි. ඒවා පහත සඳහන් වේ.

  1. ආරම්භක තක්බීරය හැර සලාතයේ පවසනු ලබන සෙසු තක්බීරයන්.
  2. සමිඅල්ලාහු ලිමන් හමිදහ් (අල්ලාහ් ව ප්රශංසා කළ අයට ඔහු සවන් දුන්නේය) යැයි පැවසීම.මෙය ඉමාම් හා තනි ව සලාතය ඉටු කරන්නා වෙත පැවරෙන වගකීමකි.

3-රබ්බනා වලකල් හම්දු (අපගේ පරමාධිපතියාණනි! ඔබටමය සියලු ප්රශංසා) යැයි පැවසීම.

  1. සුබ්හාන රබ්බියල් අළීම් (සර්වබලධාරී මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි රුකූඋ ඉරියව්වෙහි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
  2. සුබ්හාන රබ්බියල් අඃලා (අති උත්තරීතර මාගේ පරමාධිපති පිවිතුරුය) යැයි සුජූද් හි එක් වරක් පැවසීම අනිවාර්යය වේ.
  3. සජදා දෙක අතර එක් වරක් රබ්බිග් ෆිර්ළී (මාගේ පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව!) යනුවෙන් පැවසීම.
  4. ප්රථම තෂහ්හුදය පැවසීම.
  5. ප්රථම තෂහ්හුදය වෙනුවෙන් වාඩිවීම.