එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ
අබූ බෂීර් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් දන්වන ලදී:
හෙතෙම සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් සමග ඇතැම් ගමන් බිමන් හි නිරත වී ඇති බව පවසා, "ජනයා ඔවුන්ගේ නවාතැන්හි සිටිය දී- එතුමා ‘එකදු කර පටියක් හෝ වලල්ලක් හෝ ඔටුවාගේ බෙල්ලේ ඉතිරි වන්නට ඉඩ නොහරින මෙන් පවසා දූතයකු එවා සිටියහ." යැයි දන්වා සිටියහ.
أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَعْضِ أَسْفَارِهِ، قَالَ: فَأَرْسَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَسُولًا -وَالنَّاسُ فِي مَبِيتِهِمْ-: «لَا يَبْقَيَنَّ فِي رَقَبَةِ بَعِيرٍ قِلَادَةٌ مِنْ وَتَرٍ أَوْ قِلَادَةٌ إِلَّا قُطِعَتْ».
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන්ගේ සමහර චාරිකාවල යෙදී සිටියහ. රාත්‍රියේ මිනිසුන් තම නවාතැන් සහ කූඩාරම්වල නැවතී නිදා සිටින ස්ථාන වලට පුද්ගලයෙකු යවා කොටලුවන්ගේ කරට දමා ඇති මාල, එය -දුන්නට සවි කර ඇති නූලක් මෙන්- නූලකින් හෝ වේවා හෝ සීනුව හෝ සපත්තු වැනි දැයින් වූ වෙනත් පටියකින් හෝ වේවා එය කපා දැමීමට ඔවුනට නියෝග කළහ. ඔවුන් එසේ කර වටා මාල දමා තිබුනේ නපුරු ඇසෙන් (ඇස්වහින්) වැළකී සිටීම සඳහා ය. එය ඔවුන්ගෙන් කිසිවක් පලවා නොහරින බැවින් හා සෙත හා හානිය, කිසිදු හවුල් කරුවකු නොමැති අල්ලාහ්ගේ දෑතෙහි පමණක් වන බැවින්, එය කපා හරින ලෙස ඔවුනට නියෝග කරනු ලැබීය.
وتر: مفرد أوتار، وهو ما يشد به القوس كانت العرب تعلقه تتقي به العين.
قلادة: ما يعلق في رقبة البعير وغيره، كالجرس والنعل، بنية دفع العين.
ප්‍රයෝජනය ගෙන දීමට හෝ හානිය වළක්වා ගැනීමට හෝ එසේ නූල් හෝ පටි ගැට ගැසීමේ තහනම. හේතුව එය දෙවියන්ට ආදේශ තැබීමේ කරුණක් වන බැවිනි.
එවැනි හේතුවකින් තොරව අලංකාරය සඳහා හෝ සතාව මෙහෙයවීම සඳහා හෝ ඌ ගැට ගසා තැබීම සඳහා හෝ එසේ ලණුවක් බදින්නේ නම්, එහි කිසිදු වරදක් නැත.
තමන්ට හැකි අයුරින් පිළිකුල් සහගත දෑ ප්‍රතික්ෂේප කිරීම අනිවාර්ය වේ.
කිසිදු හවුල්කරුවකු නැති අල්ලාහ් සමග පමණක් හදවත සම්බන්ධ කළ යුතුය.
සහීහුුල් බුහාරි (4/ 59) (3005).
සහීහ් මුස්ලිම් (3/ 1672) (2115).
තවත් බලන්න (6)
القول المفيد على كتاب التوحيد.
لابن عثيمين (1/ 179).
الملخص في شرح كتاب التوحيد.
لصالح الفوزان (ص77).
الجديد في شرح كتاب التوحيد.
لمحمد القرعاوي (ص89).