"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අන්-නව්වාස් ඉබ්නු සම්ආන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය." වාබිසා ඉබ්නු මඃබද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: එතුමා මෙසේ පැවසීය: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ: "ඔබ යහපත හා පාපය ගැන විමසන්නට පැමිණියෙහි ද? යැයි විමසූහ. මම: එසේය යැයි පැවසුවෙමි. එතුමාණෝ: ඔබේ හදවතින් ඒ ගැන තීන්දුව පතන්න. 'අල් බිර්රු' යහපත යනු සිත ඒ වෙත තැන්පත්ව පවතී. හදවත ඒ වෙත සන්සුන්ව පවතී. 'අල්-ඉස්ම්' පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වී හදවතහෙි කලබලය ඇති කරන්නක් වේ. මිනිසුන් එය නීත්‍යානුකූල යැයි ප්‍රකාශ කර එවැනි කාරණා සම්බන්ධයෙන් ඔබට නැවත නැවතත් තීන්දු ලබා දුන්නද එලෙසමය.
«البِرُّ: حُسْنُ الخُلُقِ، وَالإِثْمُ مَا حَاكَ فِي صَدْرِكَ، وَكَرِهْتَ أَنْ يَطَّلِعَ عَلَيْهِ النَّاسُ». وَعَنْ وَابِصَةَ بْنِ مَعْبَدٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: أَتَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «جِئْتَ تَسْأَلُ عَنِ البِرِّ وَالإِثْمِ»، قُلْتُ: نَعَمْ، قَالَ: «اسْتَفْتِ قَلْبَكَ، البِرُّ: مَا اطْمَأَنَّتْ إلَيْهِ النَّفْسُ، وَاطْمَأَنَّ إلَيْهِ القَلْبُ، وَالإِثْمُ: مَا حَاكَ فِي نَفْسِكَ وَتَرَدَّدَ فِي الصَّدْرِ، وَإِنْ أَفْتَاكَ النَّاسُ وَأَفْتَوْكَ».
යහපත හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ. එවිට එතුමාණෝ: යහපත් කරුණු අතරින් වඩාත් ඉහළම කරුණු වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග ගුණ ගරුකව කටයුතු කිරීම, වේදනා විඳ දරාගනිමින් මැවීම් සමග ගුණ ගරුකව කටයුතු කිරීම, කෝපය පාලනය කිරීම, සිනහමුසු මුහුණ, යහපත් වදන, ඥාතී සම්බන්ධකම් රැකීම, අවනත වීම, මෛත්‍රිය, උපකාර කිරීම, පවුලට හා සම්බන්ධකම්වලට යහපත කිරීම යනාදියයි. සැබැවින්ම යහපත යනු සිත හා හදවත සැනසුම් වන දෑය. පාපය සම්බන්ධයෙන් ගත් කල, එය ආත්මය තුළ සැකයන් නිපදවන හදවත විවෘතව නොපවතින කලබලකාරී තත්ත්වයකි. ඒ පිළිබඳව හදවතේ සැකයන් ඇති වන අතර එය පාපයක් දැයි බිය ද හට ගනී. කීර්තිමත්, වැදගත්, පරිපූර්ණවත් පුද්ගලයින් ඉදිරියේ එය හෙළිවීම පිළිකුල් සහගත බැවින් ඔබ එය හෙළි කිරීමට අකමැති වේ. මෙයට හේතුව ආත්මය ස්වභාවයෙන්ම මිනිසුන්ට එහි යහපත්කම පෙන්වීමට ප්‍රිය කරන බැවිනි, එබැවින් එහි සමහර ක්‍රියාවන් ගැන දැන ගැනීමට එය අකමැති නම්, එය එහි කිසිදු යහපතක් නොමැති පාපයකි. මිනිසුන් ඔබට තීන්දුවක් ලබා දෙන්නේ නම්, සැකයේ ලකුණ ඔබේ සිත තුළ පවතින තාක් කල් ඔවුන්ගේ තීන්දු පිළිගත නොයුතුය. මන්ද සැකය නිවැරදි යැයි පවතින තාක් කල් සහ තීන්දුව නිකුත් කරන්නා දැනුමකින් තොරව තීන්දුව නිකුත් කර තිබෙන තාක් කල් තීන්දුව සැකය ඉවත් නොකරන බැවිනි. කෙසේ වෙතත්, තීන්දුව ෂරීආ සාක්ෂියක් මත පදනම් වී ඇත්නම්, ෆත්වා ඉල්ලා සිටින තැනැත්තාට එය ඔහුගේ හදවතට විවෘත බවත් නොදැනුනත් ෂරීආ වෙතට එය යොමු විය යුතුයි.
යහපත් චරිත සම්බන්ධයෙන් දිරි ගැන්වීම. සැබැවින්ම යහපත් චරිතය දැහැමිකමේ ඉතා වැදගත් යහපත් ගුණාංගයකි.
සත්‍යය හා අසත්‍යය පිළිබඳව දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවුල් කර ගන්නේ නැත. ඔහුගේ සිත තුළ පවතින ආලෝකයෙන් සත්‍යය ඔහු හදුනා ගනී. එමෙන්ම අසත්‍යයයෙන් ඉවත් වී එය ප්‍රතික්ෂේප කරනු ඇත.
පාපයේ සළකුණු වන්නේ, යම් දෙයක් කිරීමේ දී ඒ දේ ගැන සිතේ කාංසාව සහ කැළඹීම පැවතීමය. මිනිසුන් ඒ ගැන දැන ගැනීම අකැමැති වෙයි.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: මෙය යහපත් දෙයක් ද නැතහොත් අයහපත් දෙයක් ද කියා නියම කිරීමට මිනිසා නොදන්නා සැක සහිත කරුණු පිළිබඳ වූ ස්ථාවරයයි. එසේ නොවේ නම්, ෂරීආව තුළ නියෝග කරනු ලැබූ සියළු දෑ යහපත් දේවල් අතරිනි. තහනම් කරන ලද දෑ ද එලෙස පාපකම් අතරිනි. ඒ දෙක සම්බන්ධයෙන් පැකිලීමට කිසිදු අවශ්‍යතාවක් නැත.
මෙම හදීසයේ ආමන්ත්‍රණය කරනු ලැබ ඇත්තේ සහජ බුද්ධිය ඇති උදවිය ගැනය. තම කැමැත්තට අනුව උකහා ගත් දෑ මිස වෙනත් යහපතක් නොදන්නා, අයහපත ප්‍රතික්ෂේප නො කරන උඩුකුරු සිත් ඇති අය ගැන නොවේ.
අත්-තීබී තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ අල්-බිර් හෙවත් යහපත යන වචනය විවිධ අර්ථවලින් පැහැදිලි කෙරී ඇත. ඇතැම් තැන්වල එය පැහැදිලි කර ඇත්තේ සිත ඒ වෙත සන්සුන්වීම, හදවත ඒ වෙත තැන්පත් වීම යන්නෙනි. තවත් තැන්වල ඊමාන් හෙවත් විශ්වාසය යනුවෙන් විස්තර කෙරී ඇත. තවත් තැන්වල අල්ලාහ් වෙත ඔබව සමීප කරවන දෑ යනුවෙන් විස්තර කෙරී ඇත. මෙහි සඳහන්ව ඇත්තේ යහපත් ගුණධර්ම යන අර්ථයෙනි. යහපත් ගුණධර්ම යනුවෙන් විස්තර කෙරී ඇත්තේ හිංසනය විඳ දරා ගෙන, කෝපය පාලනය කර, සිනා මුසු මුහුණින් හා යහපත් වදනින් කතා කිරීම යන කාරණා ය. මේ සියල්ල ඒ අර්ථයට සමීපයෙන් පිහිටයි.
සහීහ් මුස්ලිම් (4/ 1980) (2553).
තවත් බලන්න (5)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية التحفة الربانية (ص62).
شرح الأربعين النووية.
لابن عثيمين (ص267).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للنووي وابن رجب رحمهما الله (ص92).