“නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් ඉර්ෆිජා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
“නුඹලාගේ කටයුතු සියල්ල එක් මිනිසෙකු මත තිබියදී කවරෙකු හෝ නුඹලා වෙත පැමිණ, නුඹලාගේ සැරයටිය කඩන්නට හෝ නුඹලාගේ එකමුතුකම බිඳින්නට හෝ බලන්නේ නම් නුඹලා ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු.”
«مَنْ أَتَاكُمْ وَأَمْرُكُمْ جَمِيعٌ عَلَى رَجُلٍ وَاحِدٍ، يُرِيدُ أَنْ يَشُقَّ عَصَاكُمْ، أَوْ يُفَرِّقَ جَمَاعَتَكُمْ، فَاقْتُلُوهُ».
එක් පාලකයකු යටතේ එක් කණ්ඩායමක් ලෙසින් මුස්ලිම්වරු එක්රැස් වූ විටෙක, ඔහුගෙන් පාලනය ඉවත් කිරීමට හෝ බහුතරයක් වූ මුස්ලිම් සමාජය බෙදන්නට හෝ අපේක්ෂා කරමින් පැමිණි අයකු වී නම්, ඔහුව වැළැක්වීමත් ඔහුට මරණීය දඬුවම පමුණුවීමත් ඔවුන් කෙරෙහි අනිවාර්යය වනු ඇත. එය ඔහුගේ නපුර වළක්වා ගැනීම හා මුස්ලිම්වරුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහාය.
وأمركم جميع: كلمتكم مجتمعة على إمام واحد، وأنتم يد واحدة.
يشق عصاكم: أصل العصا الاجتماع والائتلاف، والمراد هنا أنه يريد تفريق جماعتكم التي اجتمعت على إمام واحد.
පාපකාරී නොවන කටයුතුවල දී මුස්ලිම්වරුන්ගේ කටයුතුභාර නායකයාට සවන් දීම හා ඔහුට අවනත වීම අනිවාර්යය වේ. ඔහුට එරෙහිව නැගී සිටීම තහනම් වේ.
මුස්ලිම්වරුන්ගේ නායකත්වයට හා ඔවුන්ගේ එකමුතුවට එරෙහිව කවරෙකු කටයුතු කරන්නේ ද ඔහු කවර උසස් නිලයක පසුවුව ද කවර පරම්පරාවකින් පැවත ආවද ඔහුට මරණීය දඬුවම නියම විය යුතුය.
සාමුහිකව කටයුතු කිරීමට හා බෙදී වෙන්ව නොයෑමට උනන්දු කරවීම.
සහීහ් මුස්ලිම් (3/ 1480) (1852).
තවත් බලන්න (8)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (8/ 349).
توضيح الأحكام شرح بلوغ المرام.
للبسام (6/ 329).
فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.
لابن عثيمين (5/ 302).
المفاتيح في شرح المصابيح.
الحسين المُظْهِري (4/ 295).