භාරයක් සඳහා වන ප්‍රතිකර්මය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මයට සමානය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.
"භාරයක් සඳහා වන ප්‍රතිකර්මය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මයට සමානය."
«كَفَّارَةُ النَّذْرِ كَفَّارَةُ اليَمِينِ».
නියත භාරයක් සඳහා වන ප්‍රතිකර්මය එහි දී නිශ්චිතව එය කුමක් දැයි නියම කර නොමැති නම් සහ එය නම් කර නොමැති නම්, එය දිවුරුමක් සඳහා වන ප්‍රතිකර්මය බව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ.
අන්-නද්ර් හෙවත් භාරය ආගමික වශයෙන් ගත් කල සර්වබලධාරි අල්ලාහ් උදෙසා යමක් කිරීමට නීත්‍යානුකූලව වගකිව යුතු පුද්ගලයෙකුට බැඳී ඇති දෑය.
දිවුරුම කඩ කිරීම සඳහා වන ප්‍රතිකර්මය දුප්පතුන් දස දෙනෙකුට ආහාර සැපයීම හෝ ඔවුන්ට ඇඳුම් ලබා දීම හෝ වහලෙකු වහල්භාවයෙන් නිදහස් කිරීමයි. යමෙකුට එසේ කිරීමට නොහැකි නම්, දින තුනක් උපවාසයේ යෙදිය යුතුය.
එසේ ප්‍රතිකර්මයක් ලබා දීම පිටුපස ඇති ප්‍රඥාව නම්, මුස්ලිම්වරයෙකු භාරයට ගරු කළ යුතු අතර නැවත ඒ වෙත නො යා යුතුය. ඔහුගේ දිවේ එය රැඳී නොතිබිය යුතුය.
භාර වර්ග: 1. නිරපේක්ෂ භාරය: "මම සුවය ලැබුවහොත් අල්ලාහ්ට භාරයක් දෙමි" යනුවෙන් පැවසීම සහ විශේෂිත භාරයක් සඳහන් නොකර නිහඬව සිටීම වැනිය. එවිට සුවය ලැබීමෙන් පසු දිවුරුම් කඩ කිරීම සඳහා වන ප්‍රතිකර්මය ඔහු ඒ සඳහා ලබා දිය යුතුය. 2. කෝපයෙන් හෝ මුරණ්ඩුකමෙන් කරන ලද භාරය: මෙය පොරොන්දුවක් කොන්දේසි සහිතව කරන විට, යමෙකුට යමක් කිරීමට වැළැක්වීමේ හෝ බල කිරීමේ අරමුණින්, උදාහරණයක් ලෙස, "මම ඔබට කතා කළහොත්, මම මාසයක් නිරාහාරව සිටිය යුතු වේ" යනුවෙන් පැවසීම වැනිය. එහි නීතිය නම්, ඔහුගේ භාරය ඉටු කිරීම හෝ ඔහුට කතා කිරීමෙන් දිවුරුම් කඩ කිරීම සඳහා ප්‍රතිකර මයක් දීම අතර තේරීමක් ඇති බවයි. 3. අවසර ලත් භාරය: "මම මගේ වස්ත්‍රය අඳින බවට අල්ලාහ්ට දිවුරුම් දෙමි" යැයි පැවසීම වැනිය. එහි නීතිය නම්, ඇඳුම ඇඳීම හෝ දිවුරුම් කඩ කිරීම සඳහා ප්‍රතිකර්මය ලබා දීම අතර තේරීමක් ඇති බවයි. 4. අප්‍රිය (මක්රූහ්) භාරය: "මම මගේ බිරිඳ දික්කසාද කරන බවට අල්ලාහ්ට දිවුරමි." වැනිය. නීතිය නම්, දිවුරුම් කඩ කිරීම සඳහා ප්‍රතිකර්මය ලබා දීම සහ භාරය ඉටු නොකර සිටීමට නිර්දේශ කිරීමයි. ඔහු එය ඉටු කළේ නම්, ඒ සඳහා වන ප්‍රතිකර් අවශ්‍ය නොවේ. 5. පාපකාරී භාරය: "මම සොරකම් කරන බවට අල්ලාහ්ට දිවුරමි" වැනිය. එහි නීතිය නම්, එය ඉටු කිරීම හරාම් (තහනම්) වේ. එමෙන්ම දිවුරුම කඩ කිරීම හේතුවෙන් ප්‍රතිකර්මයක් ලබා දිය යුතුය. එසේ ඔහු එය සිදු කළේ නම් පාපය උපයා ගනු ඇත. නමුත් ඒ සඳහා ප්‍රතිකර්මය ඔහු මත පැටවෙන්නේ නැත. 6. දෙවියන්ට අවනත වීමේ කටයුත්තක භාරය: අල්ලාහ්ට සමීප වීමේ අරමුණින් (මම සලාත් ඉටු කරන බවට අල්ලාහ්ට දිවුරමි) වැනිය. ඔහු එය රෝගී පුද්ගලයෙකු සුව කිරීම වැනි කොන්දේසි සහිතව කරන්නේ නම්, එම කොන්දේසිය සපුරා ඇත්නම් එය ඉටු කිරීම අනිවාර්ය වේ. ඔහු එය කොන්දේසි සහිතව නො කරන්නේ නම්, එය පොදුවේ ඉටු කිරීම අනිවාර්ය වේ.
සහීහ් මුස්ලිම් (3/ 1265) (1645).
තවත් බලන්න (8)
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (6/ 128).
توضيح الأحكام من بلوغ المرام.
لعبد الله البسام (7/ 135).
منحة العلام شرح بلوغ المرام.
لعبد الله الفوزان (5/ 98).
سبل السلام.
لمحمد الصنعاني (2/ 558).