Skip to content

අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.

«الجاهِرُ بالقرآن كالجاهِرِ بالصَّدَقَةِ، والمُسِرُّ بالقرآن كالمُسِرِّ بالصَّدَقَة».

මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි.
විවරණය

සැබැවින්ම අල් කුර්ආනය ප්‍රසිද්ධියේ පාරායනය කරන්නා සදකාව ප්‍රසිද්ධියේ පිරිනමන්නෙකු මෙනි. අල් කුර්ආනය රහසිගතව පාරායනය කරන්නා සදකාව රහසිගතව පිරිනමන්නෙකු මෙනි යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

අල් කුර්ආනය සැහැල්ලුවෙන් රහසිගත ව පාරායනය කිරීම උතුම්ය. එය සදකාව රහසිගතව පිරිනැමීම උතුම් වන්නාක් මෙනි. හේතුව එහි අවංකත්වය ඇති බැවින් හා ප්‍රදර්ශණයෙන් හා ආකර්ශණයෙන් දුරස්වීම ඇති බැවිනි. නමුත් අල් කුර්ආනය ඉගැන්වීම මෙන් ප්‍රසිද්ධියේ කියවීමේ අවශ්‍යතාවක් හා යහපතක් දකීනම් හැර.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (2/ 494) (1333).

සුනන් අත් තිර්මිදි (5/ 40) (2919).

සුනන් අන් නසාඊ (5/ 80) (2561).

තවත් බලන්න (4)

الكاشف عن حقائق السُّنن (5/1688).

شرح أبي داود للعيني (5/238).

تحفة الأحوذي (8/ 191).

التنوير في شرح الجامع الصغير (5/286).