වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ
උක්බත් ඉබ්නු ආමිර් අල්-ජුහනී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
"වේලාවන් තුනක් ඇත. අපි ඒවායෙහි සලාත් ඉටු කිරීම හෝ අප අතර මිය ගිය ඇත්තන් ඒවායෙහි වළ දෑමිම හෝ අල්ලාහ්ගේ දූතයාණෝ අපට තහනම් කළහ. එනම්, හිරු ඉහළට නැගෙන තුරු, එය මතුවෙමින් උදාවන අවස්ථාව, හිරු මුදුනින් අවරට යන තුරු එය මුදුනෙහි පවතින අවස්ථාව හා හිරු බැස යන තුරු බැස යාමට එය දුර්වල වෙමින් පවතින අවස්ථාවය."
ثَلَاثُ سَاعَاتٍ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَنْهَانَا أَنْ نُصَلِّيَ فِيهِنَّ، أَوْ أَنْ نَقْبُرَ فِيهِنَّ مَوْتَانَا: حِينَ تَطْلُعُ الشَّمْسُ بَازِغَةً حَتَّى تَرْتَفِعَ، وَحِينَ يَقُومُ قَائِمُ الظَّهِيرَةِ حَتَّى تَمِيلَ الشَّمْسُ، وَحِينَ تَضَيَّفُ الشَّمْسُ لِلْغُرُوبِ حَتَّى تَغْرُبَ.
දහවල් කාලයේ වේලාවන් තුනක අතිරේක සලාත් ඉටු කිරීම හෝ ඒවායෙහි මියගිය ඇත්තන් වළ දැමීම හෝ නො කළ යුතු බව පවසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එය තහනම් කළහ. පළමු වේලාව: හිරු මතුවෙමින් උදාවන අවස්ථාව, එනම් හීයක ප්‍රමාණයක් ඉහළට එස වෙන තෙක් හිරු උදාවමින් පවතින ආරම්භ වේලාවය. සාමාන්‍යයෙන් පැය කාලක පමණ කාලයක් එය තක්සේරු කළ හැක. දෙවැන්න: අහස මධ්‍යයේ හිරු මුදුනට පැමිණෙන අවස්ථාව ය. එවිට අහස මධ්‍යයෙන් එය ඉවත් වන තුරු නැගෙනහිර දිශාවට හෝ බටහිර දිශාවට හෝ කිසිදු හෙවණක් නො පවතිනු ඇත. ළුහර් සලාතය ආරම්භ වන විට, නැගෙනහිර දිශාවෙන් හෙවණැලි මතු වනු ඇත. සාමාන්‍යයෙන් ඒ සඳහා ගත වන්නේ විනාඩි පහක් පමණ කෙටි කාලයකි. තුන්වැන්න: හිරු බැස යන තුරු බැස යාමට එය නැඹුරුවෙමින් පවතින අවස්ථාවය.
මෙම හදීසය මෙන්ම වෙනත් හදීස් පෙන්වා දෙන පරිදි සලාතය ඉටු කිරීමට තහනම් කරන ලද වේලාවන් වනාහි: පළමුවැන්න: ෆජ්ර් සලාතයෙන් පසු හිරු උදාවන තෙක් පවතින වේලාවය. දෙවැන්න: දෑසට හීයක තරම් ප්‍රමාණයෙන් හිරු ඉහළට එසවන තෙක් හිරු උදාවෙමින් පවතින වේලාවය. එනම් විනාඩි පහළොවක තරම් කාලයකි. තුන්වැන්න: හිරු මුදුනින් අවරට යන තෙක් මුදුන් වී පවතින වේලාවය. එනම් මධ්‍යහ්න කාලයේ යමෙකු සිටගත් විට ඔහුගේ හෙවණැල්ල නැගෙනහිරින් හෝ බටහිරින් දැක ගන්නට නොලැබෙනු ඇත. ඒ සඳහා විනාඩි පහක කාලයක් ගත වේ. සිව්වැන්න: අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තෙක් පවතින වේලාවය. පස්වැන්න: හිරු කහ පැහැ ගැන්වෙන අවස්ථාවේ එය අවරට යන තෙක් පවතින වේලාවය.
තහනම් කරන ලද මෙම වේලාවන් පහෙහි සලාත් ඉටු කිරීම තහනම් කරන ලදී. මෙහි දී ඉටු කරනු ලබන අනිවාර්යය සලාත් හා හේතු සාධක සහිත සලාහ් ව්‍යතිරේක වේ.
හදීසයේ සඳහන් මෙම සීමිත කාල තුන දක්වා හිතාමතාම මිනිය වළ දැමීම ප්‍රමාද කිරීම තහනම් කර ඇත. දහවල් හෝ රාත්‍රියේ වෙනත් ඒ්නෑම වේලාවක ඒ සඳහා අවසර ඇත.
මෙම වේලාවන්හි සලාත් ඉටු කිරීම තහනම් කිරීමේ ප්‍රඥාව නම්, මූලික වශයෙන්ම මුස්ලිම්වරයකු අල්ලාහ්ට කරන නැමදුමක් ලෙස ඔහුගේ නියෝගවලට යටත් විය යුතු අතර, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිය යුතුය. ඒ අනුව ඔහුගේ නියෝග ඉටු කිරීමේ දී හා ඉන් වැළකී සිටීමේ දී එහි ඇති ප්‍රඥාව හෝ හේතුසාධක මත පමණක් නතර නොවිය යුතුය. එයට අවනත විය යුතු ය. මෙහි ඇති ප්‍රඥාව වෙනත් හදීස්වල සඳහන්ව ඇත. පළමුව: හිරු මුදුනින් අවරට යෑමට පෙර පවතින මධ්‍යහ්න වේලාව. එහි දී අපා ගින්න දැඩි ලෙස දල්වනු ලැබේ. දෙවැන්න: හිරු උදාවන විට හා හිරු අවරට යන විට සලාත් ඉටු කිරීම තහනම් කර තිබීමේ ප්‍රඥාව නම්, එය බහුදේවවාදීන්ට සමානකමක් පෙන්වන බැවිනි. මක්නිසාදයත් ඔවුන් හිරු උදාවන අවස්ථාවේ හා හිරු අවරට යන අවස්ථාවේ වන්දනාමාන කරති. තුන්වැන්න: ෆජ්ර් සලාතයෙන් පසු හිරු උදාවන තුරු හා අසර් සලාතයෙන් පසු හිරු අවරට යන තුරු සලාත් ඉටු කිරීම තහනම් කර ඇත්තේ කඩතුරාව බලපෑම අවහිර කිරීමට ය. එමගින් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් හට සමානකම් පෑම නතර කෙරෙයි. ඔවුන්ගේ බහුදේවාදයෙහි මුස්ලිම්වරයකු සමානකම් පෑම සුදුසු නැත. ඔහු හිරු උදාවන අවස්ථාවේ හා එය අවරට යන අවස්ථාවේ හිරුට නමස්කාර කරති.
සහීහ් මුස්ලිම් (1/ 568) (831).
තවත් බලන්න (8)
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (1/ 488).
فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.
لابن عثيمين (1/ 438).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (2/ 202).
سبل السلام.
لمحمد الصنعاني (1/ 167).