Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 18 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මා වෙත මිනිසුන් දෙදෙනෙක් පැමිණ, සැබැවින්ම තමන් දෙදෙනා අවසන් සමුගැනීමේ හජ් වන්දනා අවස්ථාවේ දී නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගිය බවත් එවිට එතුමාණන් සදකා වස්තුව බෙදමින් සිටි බවත් තමන් දෙදෙනා එතුමාණන්ගෙන් ඒවා ඉල්ලා සිටි බවත් තමන් දෙදෙනාව ඉහළ පහළ නෙත් යොමු කර එතුමාණන් බැලූ බවත් තමන් දෙදෙනා ශක්තිමත් දෙදෙනකු සේ එතුමාණන් දුටු බවත් පවසා සිටියහ. පසුව එතුමාණෝ මෙසේ පවසා ඇත්තාහ. "ඔබ දෙදෙනා කැමති නම් මම ඔබ දෙදෙනාට පිරිනමමි. පොහොසත් අයට හෝ ඉපැයීමට හැකියාව ඇති අයට හෝ එහි පංගුව අයිති නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සඃද්ගේ මව මිය ගොස් ඇත. වඩාත් උතුම් වන දානය කුමක් දැ?"යි විමසා සිටි විට, එතුමාණෝ "ජලය" වේ යැයි පැවසූහ. පසුව ඔහු ළිදක් හාරා දී "මෙය සඃද්ගේ මව වෙනුවෙන්" යැයි පවසා සිටියේය.
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“කරුණු පහක් මත ඉස්ලාමය ගොඩ නැගී ඇත. එනම්: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැති බවට හා සැබැවින්ම මුහම්මද් ඔහුගේ ගැත්තා හා ඔහුගේ දූතයාණන් බවට සාක්ෂි දැරීම, සලාතය විධිමත්ව ඉටු කිරීම, සකාත් පිරිනැමීම, දේව නිවස කරා හජ් වන්දනාවේ යෑම හා රමළාන් මාසයේ උපවාසයේ නිරත වීම.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) මින්බර් වේදිකාව මත සිට සදකාව (දානය), තැන්පත් කම හා ඉල්ලීම පිළිබඳ මතක් කරමින් මෙසේ පවසා සිටියහ. "ඉහළ අත පහළ අතට වඩා උතුම්ය. ඉහළ අත යනු එය වියදම් කරන අතයි. පහළ අත යනු ඉල්ලා සිටින අතයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“පිරිමියා හා කාන්තාව කෙරෙහි ද, නිදහස් තැනැත්තා හා වහලා කෙරෙහි ද, මුස්ලිම්වරුන් අතර සිටින කුඩා හා වැඩිහිටි අය කෙරෙහි ද රට ඉඳි සාඃ එකක ප්‍රමාණයක් හෝ තිරිඟු සාඃ එකක ප්‍රමාණයක් හෝ නිකුත් කිරීම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) අනිවාර්යය කළහ. ජනයා ( ඊද් උත්සව) සලාතය සඳහා පිට ව යාමට පෙර එය ඉටු කරනු ලැබිය යුතු බවත් නියෝග කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු තම පරමාධිපති සමග මතු කතා කරනු මිස නැත. ඔහු අතර හා මොහු අතර කිසිදු පරිවර්තකයකු නොවනු ඇත. ඔහු ඔහුගේ දකුණු දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහුගේ වම් දෙස බලයි. ඔහු ඉදිරිපත් කළ දෑ හැර වෙනත් කිසිවක් නොදකියි. ඔහු ඉදිරියේ බලයි. ඔහුට මුහුණලා අපා ගින්න හැර වෙනත් කිසිවක් නොදකියි. එබැවින් රට ඉඳි කෑල්ලක් හෝ දන් දී අපා ගින්නෙන් ආරක්ෂා වන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයක්. ඒවා අතරින් අතිමහත්ති ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.