Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 53 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල් කුර්ආනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නා සදකා නොහොත් පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කටයුතු කරන්නෙකු මෙනි. අල් කුර්ආනය සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නා පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන් රහසිගතව කටයුතු කරන්නෙකු මෙනි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දැහැමි සිහිනය අල්ලාහ්ගෙන් වූවකි. දුෂ්ට සිහිනය ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙයින් ඔබ අතරින් කිසිවෙකු හෝ වේවා, තමන් බියට පත් අයුරින් යම් දුෂ්ට සිහිනයක් දුටු විටෙක ඔහුගේ වමතට තුන්වරක් කෙළ ගසන්නාක් මෙන් ඇඟවිය යුතු ය. ඉන් ඇතිවන හානියෙන් ආරක්ෂාව පැතිය යුතු ය. එවිට එය කිසිදු හානිකර බලපෑමක් ඔහුට ඇති නොකරනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ තමන් ප්‍රිය කරන සිහිනයක් දුටුවේ නම්, සැබැවින්ම එය උත්තරීතර අල්ලාහ්ගෙන් වූවකි. එබැවින් ඒ සඳහා ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුය. ඒ ගැන කතා කළ යුතුය. ඒ හැර තමන් පිළිකුල් කරන යමක් දුටුවේ නම්, සැබැවින්ම එය ෂෙයිතාන්ගෙන් වූවකි. එවිට එහි හානියෙන් ඔහු ආරක්ෂාව පැතිය යුතු අතර එය කිසිවකුට නොපැවසිය යුතුය. මන්ද සැබැවින්ම එය ඔහුට හානිදායක නොවන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"එහි වැසියන් තමන්ටම අපරාධ කර ගත් ස්ථාන වෙත නුඹලා නො පිවිසෙනු. නමුත් හඬා වැළපෙන්නන් ලෙස මිස. ඔවුනට අත් වූ දෑ මෙන් යමක් ඔබට ද අත්වීම ගැන පරිස්සම් වන්න." පසුව අනතුරු අඟවමින් එය පසුකර යන තෙක් ඉක්මණින් ගමන් ගත්හ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු මෙලොවෙහි සේද රෙදි ඇන්දේ ද මතුලොවෙහි ඔහු එය කිසිවිටෙක අඳින්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.