ප්‍රශ්න අංක 5: මම මගේ සහෝදරයන් සහ මිතුරන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?
- الباب / الفصل
- قسم الآداب الإسلامية
السؤال
س5: كيف أكون مع إخواني وأصدقائي؟
ප්‍රශ්න අංක 5: මම මගේ සහෝදරයන් සහ මිතුරන් සමඟ කටයුතු කරන්නේ කෙසේද?
الجواب
ج:1. أحب وأصاحب الأخيار.
- أتجنب وأترك مصاحبة الأشرار.
في الحديث:
«لا تصاحب إلا مؤمنًا، ولا يأكل طعامك إلا تقي»
رواه الترمذي وأبو داود.
- أسلم على إخواني وأصافحهم.
«ما من مسلمين يلتقيان فيتصافحان، إلا غفر لهما قبل أن يفترقا»
رواه أبو داود والترمذي.
- أعودهم إذا مرضوا وأدعو لهم بالشفاء.
- وأشمت العاطس.
- أجيب دعوته إذا دعاني لزيارته.
«حق المسلم على المسلم خمس: رد السلام، وعيادة المريض، واتباع الجنائز، وإجابة الدعوة، وتشميت العاطس»
متفق عليه.
- أقدم له النصيحة.
«ومن أشار على أخيه بأمر يعلم أن الرشد في غيره فقد خانه»
رواه أبو داود.
- أنصره إذا ظلم، وأمنعه عن الظلم.
قال رسول الله صلى الله عليه وسلم:
«انصر أخاك ظالمًا أو مظلومًا» فقال رجل: يا رسول الله، أنصره إذا كان مظلومًا، أفرأيت إذا كان ظالمًا كيف أنصره؟ قال: «تحجزه - أو تمنعه - من الظلم؛ فإن ذلك نصره»
رواه البخاري.
- أحب لأخي المسلم ما أحب لنفسي.
في الحديث عن أنس رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال:
«لا يؤمن أحدكم حتى يحب لأخيه ما يحب لنفسه»
- أساعده إذا احتاج إلى مساعدتي.
«والله في عون العبد ما كان العبد في عون أخيه»
رواه مسلم.
- لا أمسه بأذى، بقول أو فعل.
«المسلم من سلم المسلمون من لسانه ويده»
- أحفظ سره.
«إذا حدث الرجل بالحديث ثم التفت فهي أمانة»
- لا أشتمه، ولا أغتابه، ولا أحتقره، ولا أحسده، ولا أتجسس عليه، ولا أغشه.
«المسلم أخو المسلم لا يظلمه، ولا يخذله، ولا يحقره، وحسب امرئ من الشر أن يحقر أخاه المسلم»
البخاري ومسلم.
පිළිතුර- 1. හොඳ මිතුරන් සමග මිතු දම් පවත්වමි.
- මම දුෂ්ටයන්ගේ ඇසුරෙන් වැළකී සිටිම.
හදීසයේ මෙසේ සඳහන් වේ:
"දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු හැර අන් කිසිවෙකු සමඟ මිත්‍රත්වයක් ඇති කර නො ගන්න. භක්තිමත් පුද්ගලයෙකුට හැර අන් කිසිවෙකුට ඔබේ ආහාර අනුභව කිරීමට ඉඩ නොදෙන්න."
මෙය ඉමාම් තිර්මිදි හා ඉමාම් අබූ දාවුද් විසින් දැනුම් දී ඇත.
- මම මගේ සහෝදරයන්ට සලාම් කියා ආචාර කර ඔවුන්ට අතට අත දෙමි.
"මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
අබූ දාවූද් සහ තිර්මිදි මෙය වාර්තා කර ඇත.
- ඔවුන් රෝගා තුර වුවහොත් මම ඔවුන් බැලීමට යන අතර ඔවුන්ට සුවය ලැබෙන ලෙස මම යාච්ඤා කරමි.
කිසිවකු කිඹුහුමක් ඇරිය විට ඔහුට ‘යර්හමුකල්ලාහ්’ (අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා) යනුවෙන් පැවසීම.
- ඔහුව (සහෝදරයෙකු) බැහැදැකීමට මට ආරාධනා කළහොත් මම ඔහුගේ ආරාධනයට පිළිතුරු දෙමින් ඔහුව බැහදැකීමට යමි.
"මුස්ලිම්වරයකු තවත් මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලාමයට ප්‍රතිචාර දැක්වීම, රෝගියාගේ සුවදුක් විමසීම, මිය ගිය තැනැත්තන්ගේ අවසන් කටයුතු පිළිපැදීම, ආරාධනයට පිළිතුරුදීම, කිඹුුහුම් ගිය කෙනා (අල්ලාහ්ව ප්‍රශංසා කළ වි)ට ප්‍රාර්ථනා කිරීම."
බුහාරි හා මුස්ලිම් හී වාර්තා වී ඇත.
- මම ඔහුට (යහපත සඳහා) උපදෙස් දෙමි.
කවරෙකු තම සහෝදරයාට යහපත ඇත්තේ වෙනත් දෙයක බව දැන දැනම යම් කරුණක් සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන්නේ ද, සැබැවින්ම ඔහු ඔහුට ද්‍රෝහී විය.
ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත.
- ඔහුට අසාධාරණයක් සිදුවුවහොත් ඔහුට උදව් කරමි, ඔහුව අයුක්තියෙන් වළක්වමි.
අල්ලාහ්ගේ දූතයාණෝ (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදා වේවා) මෙසේ පැවසූහ.
"ඔබේ සහෝදරයා අපරාධකරුවකු වුව ද අපරාධයට ලක් වූ අයකු වුව ද ඔබ ඔහුට උදව් කරන්න." එවිට මිනිසෙකු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපරාධයට ලක්වූ අයකු නම් මම ඔහුට උදව් කරමි. නමුත් අපරාධකරුවකු වී නම් ඔබ අදහස් කරන්නේ කුමක් ද? මම ඔහුට උදව් කරන්නේ කෙසේ ද?" යැයි විමසා සිටියේය. එතුමාණෝ "ඔබ ඔහුව අපරාධයෙන් වැළැක්වීමය. සැබැවින්ම එය ඔහුට කරන උපකාරයයි." යැයි පැවසුහ.
(මූලාශ්‍රය: බුහාරි)
- මා වෙනුවෙන් මම කැමැත්තක් දක්වන්නේ යම් දෙයකටද, ඒ දේ මගේ මුස්ලිම් සහෝදරයාට ලැබීමටද මා කැමැත්තක් දක්වමි.
හදීසයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:
ඔබ අතරින් කිසිවකු තමන් ප්‍රිය කරන දෑ තම සහෝදරයා වෙනුවෙනුත් ප්‍රිය කරන තෙක් ඔහු දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ.
- ඔහුට මගේ උදව් අවශ්‍ය නම් මම ඔහුට උදව් කරමි.
"ගැත්තා තම සහෝදරයාට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි."
මෙය මුස්ලිම් හි සඳහන් ව ඇති හදීසයකි.
- වචනයෙන් හෝ ක්‍රියාවෙන් කිසිම හානියක් ඔහුට සිදු නොකරමි.
«සැබෑ මුස්ලිම්වරයකු යනු, සෙසු මුස්ලිම්වරු ඔහුගේ දිවෙන් හා ඔහුගේ දෑතින් ආරක්ෂාව ලබන තැනැත්තාය.»
- ඔහුගේ රහස් රකිමි.
“මිනිසකු යම් කරුණක් පවසා අනතුරුව හැරී බැලුවේ නම්, එය අමානතයක් වනු ඇත.”
- මම ඔහුට අපහාස නොකරමි, ඔහුට පරුෂ වචනයෙන් කතා නොකරමි, ඔහුව හෙළා නොදකිමි, ඊර්ෂ්‍යා නොකරමි, ඔහු ගැන ඔත්තු නොබලමි, ඔහුට වංචා නොකරමි.
"මුස්ලිම්වරයා මුස්ලිම්වරයාගේ සහෝදරයෙකි. ඔහු ඔහුට අසාධාරණකම් කරන්නේ නැත. ඔහුව පහත් කරන්නේ නැත. ඔහුට අපහාස කරන්නේ නැත. පුද්ගලයකු නපුරු වීමට තම සහෝදර මුස්ලිම්වරයාව අවතක්සේරු කිරීම ප්‍රමාණවත් වන්නේය."
මූලාශ්‍රය : බුහාරි සහ මුස්ලිම්.