Skip to content

“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ සිර්මා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී:

“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”

«مَنْ ضَارَّ ضَارَّ اللهُ بِهِ، وَمَنْ شَاقَّ شَقَّ اللهُ عَلَيْهِ».

මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
හසන් ගණයට අයත් හදීසයකි.
විවරණය

මුස්ලිම්වරයකුට ඔහුගේ ජීවිතයේ, හෝ ඔහුගේ ධනයේ හෝ ඔහුගේ පවුලේ හෝ යම් කටයුත්තක දී හිංසා පීඩා සිදු කිරීම හා දුෂ්කරතා එකතු කිරීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අවවාද කර ඇත. කවරෙකු එසේ සිදු කළේ ද සැබැවින්ම අල්ලාහ් ඔහුට ප්‍රතිවිපාක දෙන අතර අදාළ ක්‍රියාවෙන්ම ඔහුට දඬුවම් දෙනු ඇත.

වචනාර්ථ

...:

හදීසයෙන් උගත හැකි පාඩම්

මුස්ලිම්වරයකුට හිංසා පීඩා ඇති කිරීමේ හා දුෂ්කරතා පමුණුවීමේ තහනම.

අල්ලාහ් තම ගැත්තන්හට සම ප්‍රතිචාර දැක්වීම.

මූලාශ්‍ර

සුනන් අබූ දාවූද් (5/ 477) (3635).

සුනන් අත් තිර්මිදි (3/ 495) (1940).

සුනන් ඉබ්නු මාජහ් (3/ 432) (2342).

මුස්නද් අහ්මද් (25/ 34) (15755).

තවත් බලන්න (8)

مساوئ الأخلاق.

للخرائطي (ص: 274) (583).

توضيح الأحكام مِن بلوغ المرام.

للبسام (7/ 445).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (6/ 396).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 261).