සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ
දේවත්වය විශ්වාස කරන, මුඃමින්වරුන්ගේ මෑණියක වූ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී:
"සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නො කරන්නෙකු වූහ."
أن النبي صلى الله عليه وسلم كان لا يَدع أربعا قَبل الظهر وركعتين قبل الغَدَاة.
ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියා ය: සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම නිවසෙහි ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ සුබ්හු සලාතයට පෙර ඇති රකආත් දෙක අතපසු නොකර අඛණ්ඩ ව ඉටු කරන්නෙකු වූහ.
ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ෆජ්ර් සලාතයට පෙර ඇති රකආත් දෙක අඛණ්ඩව පිළිපැදීම සතුටු දායක ක්‍රියාවකි.
අමතර සලාත් නැමදුම් නිවසේ ඉටු කිරීම උතුම්ය. ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් ඒ ගැන දන්වා ඇත්තේ එබැවිනි.
සහීහුුල් බුහාරි (2/ 59) (1182).
තවත් බලන්න (2)
توضيح الأحكام مِن بلوغ المرام.
لعبد الله البسام (2/ 379).