Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“මුස්ලිම්වරයෙකු මත මුස්ලිම්වරයකුට පැවරෙන යුතුකම් හයකි." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඒවා මොනවාදැ?යි විමසන ලදී. එතුමාණෝ: "ඔබ ඔහුව මුණ ගැසුණු විට ඔහුට සලාම් පවසන්න. ඔහු ඔබව සංග්‍රහයක් සඳහා ඇරයුම් කළ විට ඔහුට පිළිතුරු දෙන්න. ඔහු ඔබෙන් උපදෙස් පතන විට ඔහුට උපදෙස් දෙන්න. ඔහු කිවිසුම් හැර (අල්හම්දු ලිල්ලාහ්’) -යැයි අල්ලාහ්ට- ප්‍රශංසා කළ විට ඔහුට (යර්හමුකල්ලා) යැයි පවසන්න. ඔහු රෝගාතුර වූ විට ඔහු බැහැ දැක සුවදුක් විමසන්න. ඔහු මිය ගිය විට (ජනසා කටයුතු අවසන් වන තෙක්) ඔහු පසුපස යන්න.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කාන්තා ඇඳුම් අඳින පිරිමියාටත් පිරිමි ඇඳුම් අඳින කාන්තාවටත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන් ශාප කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය නසාඊ අල්කුබ්රාහි වාර්තා කර ඇති අතර ඒ අර්ථයෙන්ම යුත් හදීසයක් ඉබ්නු මාජහ් ද වාර්තා කර ඇත. එමෙන්ම අහ්මද් ද මෙය වාර්තා කර ඇත.
“මිනිසා තම කල්‍යාණ මිතුරාගේ දහම මත සිටියි. එබැවින් ඔබ අතරින් කිසිවකු හෝ වේවා තම කල්‍යාණ මිතුරන් වන්නේ කවුරුන්දැයි මැනවින් බලත්වා!”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම නුඹලාට පෙර සිටියවුන්ගේ පිළිවෙත් නුඹලා වියතින් වියත බාහුවෙන් බාහුව අනුගමනය කරනු ඇත. එය කෙතරම් ද යත්, ඔවුන් තලගොයි ගුලකට පිවිසුණද නුඹලා ද ඔවුන් අනුකරණය කරනු ඇත.” අපි: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! (ඔවුන්) යුදෙවවන් හා කිතුනුවන් දැ?"යි විමසුවෙමු. එතුමා: “වෙන කවුරුන්දැ?”යි එතුමා ප්‍රකාශ කළහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු යම් සමාජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.