Skip to content
සූරා ලැයිස්තුව /

البَقَرَة

البَقَرَة is chapter 2 of the Quran and has 286 verses. This page presents it in full in the Uthmani script, with a verse-by-verse translation of its meaning.

286 වැකි සූරා අංකය 2
වැකියට යන්න
සිංහල · Mahir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓ

අලිෆ්, ලාම්, මීම්.

Explanation & meanings · 1
  1. මෙම සූරතයේ ආරම්භයේ ඇති මෙම තනි අකුරු පෙළ අල් කුර්ආනයේ ආශ්චර්යමත් ස්වභාවය පෙන්නුම් කරයි. එය බහුදේවවාදීන්ට අභියෝග කරන්නක් වශයෙන් තිබුණි. එයට විරුද්ධ වීමට ඔවුන්ට නොහැකි විය. මෙය අරාබි අක්ෂරවලින් සමන්විත වේ. අරාබිවරුන්ට, (ඔවුන් කථිකත්වයෙන් චතුර මිනිසුන් වුවද) එවැනි කිසිවක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම අල්කුර්ආනය අල්ලාහ්ගෙන් වූ හෙළිදරව්වක් බවට කදිම සාක්ෂියකි.

ذَٰلِكَ ٱلۡكِتَٰبُ لَا رَيۡبَۛ فِيهِۛ هُدٗى لِّلۡمُتَّقِينَ

එයයි පුස්තකය, එහි කිසිදු සැකයක් නැත. බිය බැතිමතුන්හට (එය) මඟ පෙන්වන්නකි.

ٱلَّذِينَ يُؤۡمِنُونَ بِٱلۡغَيۡبِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

ඔවුහු කවරහු ද යත් අදෘශ්‍යමාන දෑ පිළිබඳව විශ්වාස කරති. තවද සලාතය විදිමත්ව ඉටු කරති. තවද අප ඔවුනට ලබා දුන් දැයින් වියදම් කරති.

وَٱلَّذِينَ يُؤۡمِنُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَ وَمَآ أُنزِلَ مِن قَبۡلِكَ وَبِٱلۡأٓخِرَةِ هُمۡ يُوقِنُونَ

තවද ඔවුහු කවරහු ද යත් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. තවද පරමාන්ත දිනය ගැන ද ඔවුහු තරයේ ම විශ්වාස කරති.

أُوْلَٰٓئِكَ عَلَىٰ هُدٗى مِّن رَّبِّهِمۡۖ وَأُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ

ඔවුහු තම පරමාධිපතිගෙන් වූ යහ මඟ මත සිටිනවුන් ය. තවද ඔවුහුම ය ජයග්‍රාහකයෝ.