2 : 234
وَٱلَّذِينَ يُتَوَفَّوۡنَ مِنكُمۡ وَيَذَرُونَ أَزۡوَٰجٗا يَتَرَبَّصۡنَ بِأَنفُسِهِنَّ أَرۡبَعَةَ أَشۡهُرٖ وَعَشۡرٗاۖ فَإِذَا بَلَغۡنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا فَعَلۡنَ فِيٓ أَنفُسِهِنَّ بِٱلۡمَعۡرُوفِۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
නුඹලා අතුරින් බිරියන් හැර දමා මරණයට පත් වූවන් ගැන වනාහි ඔවුන් (එම බිරියන්) විසින් මාස හතරක් හා (දින) දහයක් ඉද්දා හෙවත් පොරොත්තුවෙහි සිටිය යුතු ය. ඔවුන්ගේ කාල අවසානයට ළඟා වූ විට ඔවුන් සම්බන්ධයෙන් යහපත් අයුරින් සිදු කරගන්නා දෑ පිළිබඳව නුඹලා කෙරෙහි වරදක් නැත. නුඹලා කරන දෑ පිළිබඳව අල්ලාහ් අභිඥානවන්ත ය.