Skip to content
البَقَرَة /

වැකිය 187

2 : 187

වැකිය 187 of البَقَرَة (2 : 187). This page carries the verse in the Uthmani script with a translation of its meaning, at a stable URL that can be cited on its own.

البَقَرَة වැකි 286
2 : 187

أُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ

උපවාස රාත්‍රියෙහි නුඹලාගේ භාර්යාවන් සමඟ ලිංගික ඇසුර නුඹලාට අනුමත කරනු ලැබී ය. ඔවුන් නුඹලාට වස්ත්‍ර (මෙන්) වේ. නුඹලා ද ඔවුනට වස්ත්‍ර (මෙන්) වේ. සැබැවින් ම නුඹලා නුඹලාව ම රවටා ගනිමින් සිටීම අල්ලාහ් දන්නේ ය. එබැවින් ඔහු නුඹලා වෙත පශ්චාත්තාපය පිරිනැමුවේ ය. නුඹලාගේ (වැරැද්ද) නො සලකා හැරියේ ය. එබැවින් දැන් නුඹලා ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත වනු. තවද නුඹලාට අල්ලාහ් නියම කළ දෑ සොයනු. තවද අලුයමෙහි කළු නූලෙන් සුදු නූල නුඹලාට පැහැදිලි වන තෙක් අනුභව කරනු. පානය කරනු. පසුව රාත්‍රිය දක්වා උපවාසය සම්පූර්ණ කරනු. නුඹලා මස්ජිදයන්හි රැඳෙන්නන්ව (ඉඃතිකාෆ්) සිටිය දී ඔවුන් සමඟ ලිංගික ඇසුරෙහි නිරත නො වනු. මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. එබැවින් නුඹලා ඒවාට සමීප නො වනු. ඔවුන් බැතිමත් විය හැකි වනු පිණිස එලෙසය අල්ලාහ් ඔහුගේ වදන් ජනයාට පැහැදිලි කරනුයේ.