2 : 200
فَإِذَا قَضَيۡتُم مَّنَٰسِكَكُمۡ فَٱذۡكُرُواْ ٱللَّهَ كَذِكۡرِكُمۡ ءَابَآءَكُمۡ أَوۡ أَشَدَّ ذِكۡرٗاۗ فَمِنَ ٱلنَّاسِ مَن يَقُولُ رَبَّنَآ ءَاتِنَا فِي ٱلدُّنۡيَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِنۡ خَلَٰقٖ
නුඹලාගේ (හජ්) වතාවත් නුඹලා ඉටු කළ විට නුඹලා නුඹලාගේ මුතුන් මිත්තන් සිහිපත් කරමින් සිටියාක් මෙන් හෝ ඊටත් වඩා දැඩි සිහිපත් කිරීමකින් අල්ලාහ්ව සිහිපත් කරනු. ඒ අනුව ජනයා අතුරින් ඇතැමුන් "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අපට පිරිනමනු මැනව!" යැයි පවසන්නන් වෙති. ඔහුට මතු ලොවෙහි කිසිදු කොටසක් හිමි වන්නේ නැත.